Nov
01

ඕනෑම පුද්ගලයෙකුට, සමාජ කණ්ඩායමකට හෝ රටකට,

01. තමන් හැසිරිය යුත්තේ කෙසේද යන්නත්
02. යම් යම් අවස්ථා වල පවතින සාධක මත පදනම්ව, තමන් විසින් ගත යුතු තීන්දු තීරණ කුමක්ද යන්න පිළිබඳව හෙවත් තමන්ගේ ස්ථාවරයන් පිළිබඳවත්
03. ඉදිරි කාලයන් තුලදී තමා ළඟා විය යුතු සංධිස්ථාන පිළිබඳවත්
04. එකී සංධිස්ථාන කරා ළඟා වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත්

පැහැදිලි භාවයක් තිබිය යුතු ය.

ශ්‍රී ලංකාව තුල ඉහත පළමු වැනි කරුණ සඳහා නිශ්චිත භාවයක් දක්නට ලැබේ. එනම් “ශ්‍රී ලංකාව (රජය හා වැසියන්) හැසිරිය යුත්තේ කෙසේද” යන්න නිශ්චිත කෙරුම පිණිස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රමුඛ නීති පද්ධතිය වෙයි. එමගින් රජය ප්‍රමුඛ මහජනයාගේ හැසිරීම් රටාව කෙබඳු විය යුතු ද යන්න පිළිබඳව පැහැදැළි කෙරුම් යොදා ඇත. එමෙන්ම එය මෙහෙයවීම සඳහා විධිමත් ආයතනයන් (ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය) පිහිටුවා ඇත.

නමුත්, ශ්‍රී ලංකාව තුල තමන් ගේ ස්ථාවරයන් නිශ්චිත කරවන යම් ලේඛනයක්, තමන්ගේ අරමුණු නිශ්චිත කරවන යම් ලේඛනයක් හා තමන්ගේ සැලසුම් නිශ්චිත කරවන යම් ලේඛනයක් තිබේද ?

යම් නිශ්චිත ප්‍රතිපත්තියකින්, අරමුණකින් සහ සැලසුමකින් තොරව යන ගමන කෙසේ අවසන් වේ ද ? එය හරියට ඉබාගාතේ ඇවිදින ලිහා දැමූ හරකෙක් වැනි නොවේ ද ?

දැනට පවතින බොහෝමයක් ගැටළු වලට හේතුව වන්නේ මෙකී නිශ්චිතතා වල අඩුව නොවේද ? වරින් වර බලයට පත්වන විවිධ රජයයන් තම තමන්ගේ පක්‍ෂ වල න්‍යායපත්‍රානුකූලව රට “දැක්කීම” ට කටයුතු කරනු විනා, නිශ්චිතයන් කරා රට ගෙන යාමක් දක්නට ලැබේ ද ?

හුදු ව්‍යවස්ථාදාකය – විධායක – අධිකරණ ආයතන ත්‍රිත්වයට සීමා වූ, ආදි කාලීන පාලන ක්‍රමයෙන් ඉදිරියට ගොස් ජාතික නිශ්චිතතාවන් කරා පිය නොගන්නේ එය බලයට පත්වන පුද්ගලයන්ට අවාසි දායක වන නිසා ද ? එය එසේ නම් ජනතාව වශයෙන් අපි කුමක් කරමුද ?

ගොයම ම ගොයම් කනවා නම් කාට කියමු ද ඒ අමාරුව ?

Oct
30

අද (30) ගුරු වැඩවර්ජනයක් තිබුන ලු. අනිත් මොන ඉස්කෝලෙ වැඩ වැරුම් තිබ්බත් රාහුලේ නම් එහෙම දෙයක් තිබ්බෙ නැහැ. ඒ වුනත්, ප්‍රවෘත්ති බැලුවට පස්සේ මේ ටික ලියල දාන එක හොඳයි කියල හිතුනා.

“වැඩ වරන්නේ ගුරුවරු ද ?”

මේ ප්‍රශ්නයෙන් අර්ථ දෙකක් ගම්‍ය වන්නේ ය, ඒවා එකින් එක සලකා බලමු.

01. “වැඩ වරන්නේ ගුරුවරු ද ?”

යම් වෘත්තියක යෙදෙන ඕනෑ අයෙක් තමන්ට හිමි වෘත්තියේ වගකීම්, කාර්යභාරය, තමන් කරනා කාර්යයේ ප්‍රථිඵලය මෙන්ම තමන් එම කාර්යය මගහැරිය හොත් එහි
ප්‍රථිඵලය ද දැන සිටිය යුතු වේ.

නමුත් අපේ රටේ ඇතැම් වෘත්තිකයන් ඉහත කී කාරණා පිළිබඳ කිසිදු අවබෝධයකින් පසුවන බව නො පෙනේ. මින් එක් ක්‍ෂේත්‍රයක් වන්නේ ගුරු වෘත්තියයි. ගුරු
වෘත්තියේ නියුතු ඇතමුන් තම වෘත්තියේ බැරෑරුම් කම තේරුම් ගෙන නොමැත්තා සේ පෙනේ.

වත්මනෙහි අප අතර ඇති වෘත්තීන්ගෙන් බොහෝමයක් සේවය සපයන්නේ වර්තමානයට වුවත්, ගුරුවෘත්තිය සේවය සපයන්නේ අනාගතයටය හෙවත් වත්මන් ගුරුවරයා ගේ
ක්‍රියාවල ප්‍රායෝගික ප්‍රථිඵල දැක ගත හැකි වන්නේ අනාගතයේ ය.

එසේ නම්, තමන්ගේ වෘත්තියේ ප්‍රථිඵල නිසි ලෙස තේරුම් නොගත් අඳ බාල ගුරු වෘත්තියට නොයෙක් ක්‍රම මගින් ඇතුලත් වී ඇති ගුරුවරු නේක වැඩ වැරුම්
හරහා මේ කරන්නේ රටේ මුළු අනාගතය අනතුරේ දැමීමක් වන්නේ නො වේද ?

ගුරුවරුන් මතු නොව නගර සභාවේ කසල ශෝධක මහතුන් ද කරන්නේ ඉතා ගරු කටයුතු සේවයන් ය. සියල්ලන් ම රටේ පැවැත්ම සඳහා අවශ්‍ය සේවයන් ඉටු කරන්නෝ ය.
ඉහත කී කසල ශෝධක මහතුන් තමන්ගේ වෘත්තීය ක්‍රියාකාරීත්වය එක් දිනක් පැහැර හැරියහොත් එදිනට මුළු සමාජ යාන්ත්‍රණයම මුහුණ දෙන ගැටළු සලකන්න.
ඉතින්, ගුරුවරුන්ගේ ක්‍රියාවල සැබෑ ප්‍රතිඵල දැක ගත හැක්කේ අනාගතයේ නම් ද, අනාගතයේ රට හසුරුවන්නේ වත්මන් ශිෂ්‍යයන් නම් ද, ඔවුන්ගේ වර්තමානයට
එක්වන්නේ මෙවන් වැඩ වැරුම් අත්දැකීම් නම් ද, රටට යන කළ ?

ඉතින් වැඩ වරන, පාසල් වල අධ්‍යයන කාර්යමණ්ඩල සේවකයන්ට ගුරුවරු යයි කියමු ද ?

02. “වැඩ වරන්නේ ගුරුවරු ද ?”

නොයෙක් නොයෙක් අවස්ථා වල, නොයෙක් නොයෙක් සාධක පෙන්වමින්, නොයෙක් නොයෙක් වැඩවැරුම් හෙවත් “වෘත්තීය ක්‍රියාමාර්ග” ගැනුමට, නොයෙක්
නොයෙක් සංවිධාන ඉදිරිපත් වේ.

මේ සියළු වැඩ වැරම් වලට සහභාගී වන සියළු දෙනා ඒ සඳහා සහභාගී වන්නේ අදාළ අරමුණු සාක්‍ෂාත් කර ගැන්ම ට ද ? නැතහොත්, එකී වෘත්තීය සමිති
නායකයන්ගේ අරමුණු ඔස්සේ ක්‍රියාත්මක වන දේශපාලන න්‍යායපත්‍රවල අරමුණු සඵල කරන්නට ද ?

Oct
29

අද ඉස්කෝලෙ 2008 අ.පො.ස (සා.පෙ) ඉතිහාසය විෂයය සඳහා සම්මන්ත්‍රණයක් පැවැත්වුනා.

ඒක සංවිධානය කළේ විද්‍යාලයීය ඉතිහාස අධ්‍යයන අංශය සහ රුහුණු විශ්වවිද්‍යාලයීය ඉතිහාස අධ්‍යයන අංශය.

ඉතින් අද 11 ශ්‍රේණියේ සාමාන්‍ය කටයුතු කළේ පළමුවැනි කාලච්ඡේදයේ විතරයි. හරි ෂෝක් වැඩේ කියන්නේ, හැමදාම අපේ පන්තියේ මුල් කාලච්ඡේදය ඉතිහාසය. ඒ නිසා අද දවසටම ඉතිහාසෙ විතරයි, ඒ කියන්නේ “අද ඓතිහාසික දවසක් !”

වෙනත් පාසල් වලින් ආරාධනා කළේ සුජාතෙට විතරයි.

Sujatha Vidyalaya.JPG

ඒක ඉතින් දුකට සැපට – සැපට දුකට ඔක්කොටම එන්න කියන ඉස්කෝලෙ ! කොහොමටත් ඉතින් ඒක අපේ ඉස්කෝලෙ නංගි නේ ;-) ? 1921 දි ආරම්භ වුනු “මාතර බෞද්ධ සංගමය” අපේ ඉස්කෝලෙ 1923 දි ආරම්භ කළා සුජාතෙ 1929 දි ආරම්භ කළා. පොදු සාධකේකට තියෙන්නෙ ආරම්භෙ විතරක් වුනත්, ඒ ඉස්කෝලෙ කිසිම ගන්න දෙයක් නැති මහ චාටර් එකක් වුනත් (ජෝක්[ද ?]) අඩු ගානෙ බුක්මාක් එකක්වත් විකුණගන්නෙ ඒ අයටම තමා ? නපුරු කලට what to do ?

කොහොම වුනත් සම්මන්ත්‍රණේ නම් වරදක් නෑ, ‍ෆෑන් එකක් යට සීට් එකක් ලැබනු නිසා මට හොඳට නිදා ගන්න හම්බ වුනා. නෑ… නෑ.. එහෙමමත් නෑ… සටේජ් එක දිහා වෙනුවට හෝල් එකේ එහා පැත්ත බල බල ඉඳල දැන් නිකම් බෙල්ල මොකක්ද වෙලා වගේ ! අපේ ක්ලාස් එකේ සෙට් එකම හෙට බෙල්ලට කොලර්ස් දාන් ආවත් පුදුම වෙන්න දෙයක් නෑ.. මම තව හොඳයි (ද ?) !

Oct
27

අපේ විදුහල්පති කිත්සිරි ලියනගමගේ මැතිතුමාට තවත් සම්මානයක් ප්‍රධානය කරලා. ඒ “දකුණු පළාතේ හොඳම විදුහල්පති” හැටියට.

පාසලට එතුමාගෙන් වුනු මෙහෙය අපමණයි. ශාන්ත ඇලෝසියස් විද්‍යාලය සමග කරන “දෙනුවර සටන” මහ ක්‍රිකට් තරගාවලියේ සමාරම්භකයෙක් හැටි‍යටත් එතුමා ඉතිහාස ගත වනු ඇති.

රාහුලය නිසා නො බැබලුනු එතුමා, තමන් නිසා රාහුලය බබලවන්නට කටයුතු කරනවා.

සුනාමි කාල සීමාවේදී පාසලේ අධ්‍යයන කටයුතු වලට සිදුවන පාඩුව වත් නොසලකා මුළු පාසල් පරිශ්‍රයම අවතැන් වුවන්ගේ පරිහරණයට බාර දුන්නා. නමුත් කිසි ලෙසකින් 2005 – 2006 අධ්‍යයන වර්ෂය රාහුලයට අඩු ප්‍රතිඵල ගෙනා එකක් වුනෙත් නැහැ. එම සේවයටත් පසුගිය දිනක එතුමාට සම්මානයක් ලැබුනා.

Ezt O Wzt Rahula Iz Da Bezt !

Oct
27

පහත සඳහන් කොටස උපුටා ගත්තේ “My notion මේ මගේ මතය” නම් බ්ලොගයෙනි. එහි සඳහන් වන්නේ මගේද සිතේ කලක පටන් තිබුනු නමුත් වදන් වලට හරවා ගත නොහැකි වුනු අදහස් සමූහයකි. එය කියවා බලන්න.

—–උපුටා ගැනීම—–

බොරු කියන එකාගේ හොඳ

අත්තනායක එම් හේරත් මැතිතුමාගේ මතය අනුව බොරු කියන එකා හොඳ දක්ෂයෙකි. සාහිත්‍යය යනු බොරුව හා සෞන්දර්ය යන දෙකේ සුන්දර එකතුවකි. මහනුර ධර්මරාජ විද්‍යාලයේ ශිෂ්‍යයෙක් එතුමා සමග පැවසූ කතාවක්.

‘එක්තරා නරියෙක් ටවුන් එකට ඇවිත්. නගරයේ දියුණුව දැක අමන්දානන්දයට පත් වෙනවා. මෙම දියුණුවට හේතුව ලෙස දකින්නේ ටවුන් එකේ ඉස්කෝල පිහිටා තිබීම. ඉතින් නැවත කැළයට යන නරියා කැළේ සතුන්ට මේ බව පවසනවා. කැලෙත් දියුණුකර ගන්න මූලික අවශ්‍යතාවය වන ඉස්කෝලයක් කැලයේ ඇති කිරීමට කට්ටි එකඟ වෙනවා. ඉස්කෝලයක් තියෙනවානම් සිලබස් එකකුත් අවශ්‍යයිනේ. විෂයමාලා නිර්දේශන කමිටුවක් පත්කරගන්නවා. එක එක සතාගෙන් යෝජනා එනවා. වඳුරා තියනවා ජම්පිං දාන්න ඔනේ. ඒකත් දැම්මා. මාළුවා කියනවා ස්විමිං ඕනේ. ඒකත් දානවා. කුරුල්ලෝ කියනවා ඉගිලෙන හැටි උගන්නන්න ඕනේ. ඒකත් දානවා. හන්ටිං, ෆයිටිං චීටිං, ඔය විදිහට නොයෙක් නොයෙක් දේ දාල සිලබස් එක හදලා ‘දියුණුවේ මුල’ අධ්‍යාපනේ දෙනවා. වඳුරා පීනන්න ගිහින් ජලසන්නිය හැදිල රෝහලේ. මාළුවා ගස් යන්න ගිහින් දැඩි සත්කාර ඒකකයේ. ඔය විදිහට කැලේ විනාශයි. ලෙඩ ගොඩයි. ඒත් තුන්දෙනෙක් වැඩෙන් ගොඩ!. එක්කෙනෙක් මදුරුවා. ලේ බීල ලේ බීල මෙඩිකල් කොලේජ් එනවා. එතනත් ලේ බීල බීල පස්සෙ චැනල් සේවයක් දාගන්නවා. “රෝග්‍යා පරමා ලාභා”. දෙවැනියා කූඩැල්ල. මැන මැන ඉංජිනියරින් ෆැකල්ටියට යනවා. එයා ඉංජිනියර්. තුන්වැන්නා ගෙම්බා. පැන පැන හිටිය නිසා කැම්පස් යන්න බැරි වෙනවා. ඒත් දේශපාලනයට තේරෙනවා. එක කෝටියකට මේ පැත්තට. අනිත් කෝටිට අනිත් පැත්තට. කොහොම හරි නව අධ්‍යාපන සංකල්පයෙන් හරි ගිය කිහිපදෙනෙක් ඉන්නවා.’ මේ අධ්‍යාපනයේ තවත් පැත්තක්.

—–උපුටා ගැනීම අවසානයි—–

මේ කතාවෙන් මම දකින්නේ මෙහි රසවත් බව පමණක් නොවෙ යි. මෙහි සඳහන් වන්නේ අපේ රටේ අධ්‍යාපනයේ අඳුරු යතාර්ථය යි.

අපේ ඉස්කෝල වල උගන්වන්නේ රටේ නිෂ්පාදනයට දායක වන විෂයයන් ද ? විවිධ රසවත් නම් වලින් හැඳින්වුවත් මෙම විෂයයන් වලින් අපේක්‍ෂිත කරතව්‍යය ඉෂ්ඨ වන්නේ ද ? මම හොඳ උදාහරණයක් දෙන්නම්.

මම අට නැත්නම් නවය වසරේ ඉන්නකොට අපේ කාල සටහනට ඇතුලත් වෙලා තිබුනා “ජීවන නිපුනතා” කියල විෂයයක්. කොහොමද අප්පා නමේ ලස්සන විතරක් ? අහන කෙනෙකුට හිතෙන්නේ මේ විෂයයෙන් ජීවිතය ගෙන යා යුතු ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා දෙනවා ය, හොඳ වැදගත් විෂයයක් ය කියල නේ ? නමුත් ඒ පැහැදිලි කිරීමත් එක්කම මට ගැටළු දෙකක් මතු වෙනවා,

  • රජයෙන් නිර්දේශ කරන විෂයයක සඳහන් ආකාරයන්ට අනුව සියළු ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් හැසිරෙතැයි සිතීම ප්‍රායෝගික ද ?
  • බුද්ධ ධර්මය (අනෙක් ආගම් විෂයයන් පාසල තුලදී ඉගැන්වීම පිළිබඳව මා සතුව දැනුමක් නොමැත.) යන විෂයයෙන් බලාපොරොත්තු වන්නේ ඉහත කී අරමුණ සාක්‍ෂාත් කර ගැනීම ම නොවේ ද ?

එම විෂයය නිර්දේශ කිරීම පිළිබඳ ගැටළු පැත්තකින් තබමු. මා සිටි පංති කාමරය තුල එම විෂය කෙසේ ඉගැන්විනි දැයි කියා ද ඔබ සිතන්නේ ?

එම විෂයය සඳහා පත්ව සිටියේ ගුරුවරියකි. සතියකට කාලච්ඡේද දෙකක් උක්ත විෂයය වෙනුවෙන් වෙන්ව පැවතිනි. එතුමිය පැමිණෙන්නේ ටිකක් ලොකු පොතක් ද සමගිනි. එහි නම කුමක්ද යන්න පරීක්‍ෂා කර බැලූ මුත්, දැන්එය මතක නැත. පොත පෙරල ගනී, එය කියවයි, අපි එය අපේ සටහන් පොත් වල සටහන් කර ගත්තෙමු. අවසන් වශයෙන් බලන කල අප ලැබූ “ජීවන නිපුනතාවය” වනුයේ “අසා ලිවීමයි” එය එක වසරේ සහ දෙක වසරේ දී සිංහල විෂයය යටතේ කළ හැටි ද මට සිහියට එයි.

අපේ අධ්‍යාපනඥයන් සිතා සිටින්නේ පෙළ පොත් ලොකු වූ තරමට, සටහන් පොත් විකිණුම වැඩි වූ තරමට, කොන්දේ ආබාධ මතු නොව මනසේ ආබාධ සහිත ශිෂ්‍යයන් වැඩි වන තරමට අධ්‍යාපනය දියුණු වී ලංකාවේ අනාගතය සමෘද්ධිමත් වන බවයි. ඉතින් ඔවු‍ගේ ඒ අරමුණ කරා ඔවුන් නො නැවතී සාර්ථකව ගමන් කරයි.

සිදු විය යුත්තේ එයද ?

වර්තමානයේදී නිවැරදි වන්නේ “උගතමනා ශිල්පය ම යි මතු රැකෙනා” යන්න නොවේ !

උගත මනා ශිල්පය ම යි මතු රැකෙනා/මතු රැකෙනා ශිල්පය ම යි උගත මනා

ඔබ සිතන්නේ මින් කුමක් නිවැරදි ය කියා ද ?

අප සියළු දේ පොඩ්ඩ පොඩ්ඩ ඉගෙන ඉන් එකක් පමණක් අනාගතයේ දී ප්‍රයෝජනයට ගන්නවා ද ? නැතහොත් අනාගතයේදී ප්‍රයෝජනවත් විය හැකි දේ ඉගන ගන්නවාද ?

ලංකාවේ අධ්‍යාපනය අනුව මාළුවා ගස් නැගිල්ල ඉනග ගත යුතුය. නැතහොත් පිහිනීම සඳහා ඔහු සුදුසු නොවේ, මේක හරි හතර බීරි කතාවක් නේ ? පිහිනීමට ගස් නැගිල්ල කිසි සේත් අදාළ වන්නේ නොවේ, නමුත් මාළුවා ගස් නැගිල්ල දන්නේ නැත්නම් පිහිනීම සම්බන්ධ ආයතනයේ (මෙය කැලෑ රජයේ ආයතනය කි) රැකියාව නොලැබේ.

ගොඩ ගත නොහැකි විදියට අපි (වත්මන් පාසල් සිසුන්) දැන් මේ වලේ වැටිල ඉන්නේ. අධ්‍යාපන ප්‍රතිපත්ති හදන්නේ කාගේ වුවමනාවන් ට අනුව දැයි නො දනිමි නමුත් එයි ශිෂ්‍යයා‍ට වත් රටට වත් ඵළ ක් නැති බව නම් දනිමි.

අපි වලේ දැම්මට කමක් නැහැ. ඒකට දැන් කරන්න දේකුත් නැහැ. මොකද මට දැන් ආපහු එක වසරෙ ඉදන් පටන් ගන්න බැරි නිසා, නමුත් අනාගත පාසල් සිසුන් වත් මේ වලට නොවැටී බේරා දෙන්නට වත්මන් පාසල් සිසුන් වශයෙන් අපි කටයුත කරන්ට ඕනෑ.

Oct
22

මේ දවස් වල කොයි කවුරු හම්බ වුනත් කතා කරන්නෙ වැස්ස ගැන. එක අතකට පහුගිය දවස් ටිකේ තිබුනු උෂ්ණත්වය ඉවසුවට වඩා වැස්ස ඉවසන එක ලේසි යි. වැස්ස වෙලාවට අපහසු තාවය දැනෙන්නෙ එළියෙ හිටියොත් නේ ?

වැස්ස නිසා බාධාවට පත්වෙන කවුරුත් මා එක්ක අමනාප වෙන්ට එපා, මම නං කැමති හොඳට ගොරවල වහිනවට. ඒ කියන්නෙ කොහාට හරි අකුණු ගහන්න කියන එක නෙවෙයි. එක එක්කෙනාගෙ රුචිකත්වය විවිධයි නේ ? අනෙක් එක සොභා දහමේ හැම දේකම යම් ලස්සන කමක්, විඳින්න පුළුවන් කමක් තියනව නේ ? ඕනම දෙයක් ප්‍රිය හෝ අප්‍රියදායක වෙන්නේ අදාළ දේ පිළිබඳව ඔබේ හිතේ තියන ප්‍රතිරූපයත් එක්ක නේ ?

හොඳට හයියෙන් අකුණු ගහල වහින කොට “පට්ට ආතල්”. ඒ වගේ විශාල ශබ්දයක් සොභා දහමේ වෙනත් සංසිද්ධියකින් නිකුත් වෙනව මම අහල නැහැ. ගෙදර ට්‍රිප් ස්විච් එකයි මේන් ස්විච් එකයි ඕෆ් කරල වැහි කළුවරේම ඇඳට වෙලා හොඳට පොරෝගෙන හාන්සිවෙලා ඉන්නව, ජනේලයෙන් එහා පැත්තෙ වැහි පොද ලස්සනට වැටෙන හැටි බල බලා. සොභා දහමෙ මම කැමතිම වෙලාවක් ඒක.

එළියෙදි තෙමෙන එක ගැන කීව නම්, මම වැඩි පුරම කැමති ඉස්කෝලෙ ඉවර වෙන වෙලාවට, ඒ කියන්නෙ 1.20 ට විතර වහිනවට. නගර සභාවට පිං සිද්ධ වෙන්න මාර්ගේ වාරි මාර්ගයක් වෙලා. පාරට බැස්සම සපත්තු දෙක නිකං ජලාශ දෙකක් වගේ. සපත්තු දිය කරගෙන ලෙදර ඇවිත් අම්මගෙන් බැනුං අහන එකත් සීතල වෙලාවට රත් වෙන්න කියාපු බේත.

මම මේ කිවුවෙ, ඉස්කෝලෙ ඉවර වෙන වෙලාවට වහින එක ගැන. මම කවදාවත් ඉස්කෝලෙට කුඩයක් ගෙනියන්නෙත් නැහැ. රේන් කෝට් එකක් බෑග් එකේ දමන් යන්නෙත් නැහැ. කුඩ ගේන අයටත් ඒව දගෙන යන්න වෙන්නෙ නැහැ. ඇයි, ඒ වෙලාවට පාර පුරා අපේ ඉස්කෝලෙ යි සුජාතෙයි කස්ටිය පිරිල. වාහන හෝන් කරනවා… රේස් කරනවා… ට්‍රැෆික් එක. කුඩයක් ගෙනාවත් දාන්න බැහැ, ඔක්කොම එවුව එකට පැටලිලා එක කෙළියයි ! අනික, සුජාතෙ නංගිල අපිටත් එක්ක කුඩ ගේනව නේ… මේ මං කිවුවෙ එහෙම නෙවි ;-) “ආ නංගි… පොඩ්ඩක් excuse me” කියල කුඩෙන් කුඩේට මාරු වෙලා යනවා. ඔන්න ඕකයි ඉස්කෝලෙ ඉවර වෙන වෙලාවට වහින එක හොඳ !

මම මේ කියන්නේ දකුණට වහිනවට මම කැමති තවත් එක කාරණයක්. ඔය සුළං තව තවත් දකුණට ගහගෙන ඇවිත් උතුරෙ සටන් බිම උඩින් තියන වළාකුළු දකුණට ගහගෙන ආවොත් අපේ සහෝදරයන්ට තවත් පහසු වේවි බෙදුම්වාදී ත්‍රස්ථවාදීන්ට එරෙහිව සටන් කරන්න. මම දන්නව ඔය වැස්ස කියන්නෙ සිංහ පැටවුන්ට මහ දෙයක් නෙවේ කියන එක, නමුත් ඒ වැස්සත් දකුණට එන්න !

Oct
19

ශ්‍රී ලංකාව සතු හමුදාවන් තුනකි. ඒ,

  • යුධ
  • ගුවන්
  • නාවික

ලෙසය.

ගොඩ බිම, ගුවන සහ මුහුද යන ස්ථාන වලදී පමණක් ප්‍රහාර එල්ල වුනේ අතීතයේ ය. වර්තමානය වන විට ඉහත ස්ථාන මෙන්ම තවත් ස්ථානයක් දක්නට ලැබේ. එය සයිබර් ලොවයි. සයිබර් ලොව හරහාද ත්‍රස්තවාදියා මවුබිමට එරෙහිව ප්‍රහාර එල්ල කරමින් පවතින නමුත්, ප්‍රතිප්‍රහාර හා ප්‍රහාර එල්ල කිරීමට ශ්‍රී ලංකාව සතුව “ශ්‍රී ලංකා සයිබර් හමුදාව” යන නමින් හැඳින්වෙන්නක් නොමැත.

මෙකී සයිබර් හමුදා‍වේ බල ක්‍ෂේත්‍රය විය යුත්තේ අන්තර්ජාලය ප්‍රධාන කොටගත් අනෙක් මාධය වන රූපවාහිනී හා පුවත්පත් යනාදිය යි.

එවැන්නක් තැනීමට තවම රජය කටයුතු කොට නැති බැවින්, “සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය” ලෙස අපෙන් කළ හැකි සේවයක් පිළිබඳ සිහි කැඳවීමට කැමැත්තෙමි.

අද දින වන විට ඉන්දියාව ශ්‍රී ලංකාවේ ගැටළු වට අත පෙවීමට හේතුවක් ලෙස යොදාගන්නේ “මුදා නොගත් ප්‍රදේශ වල වෙසෙන ජනයා හමුදා ක්‍රියාකාරකම් හේතුවෙන් අපහසුතාවයට පත්වන්නේය” යන හිතළුව යි.

මෙකී මතය වෙනස් කිරීමට අප හට කළ හැකි කාර්යයක් ඇත

මුදා නොගත් ප්‍රදේශ වල සිට රජයේ පාලන පෙදෙස් වලට පැමිණි ජනයා,

  • ඔවුන් මුදා නොගත් පෙදෙසේ ගත කළ ජීවිතය ගැන
  • රජයේ පාලන පෙදෙසේ ජීවිතය ගැන
  • හමුදාවන් ගැන
  • රජය ගැන
  • LTTE ය ගැන
  • විදෙස් මැදිහත් වීම් ගැන
  • රජයේ සහන සේවා ගැන

දක්වන අදහස් මෙන්ම රජයේ මානුෂික ක්‍රියාවන් ලොවට ඉදිරිපත් කිරීම සඳහා අදාළ ජනයා වෙත ගොස් ඔවුන්ගෙන්,

  • වාර්තා
  • හඬ කොටස්
  • වීඩියෝ
  • ජායාරූප

ආදිය ලබා ගෙන ශ්‍රී ලංකාව පිළිබඳ ජන මතය පහන් වන අන්දමින් වෙබ් අඩවියක් පවත්වාගෙන ගොස් එයට ප්‍රසිද්ධියක් ලබා දීම තුලින් ශ්‍රී ලංකාව වෙනුවෙන් අපේ වගකීමක් ඉටු කළ හැකි වනු ඇත.

එමෙන්ම LTTE ආශ්‍රිත වෙබ් අඩවි හැක් කිරීමට හැකියාවක් ඇත්නම්, “ශ්‍රී ලංකා සයිබර් හමුදාව” ලෙස අපගේ පළමු මෙහෙයම ද කළ හැකි වනු ඇත.

කල් ගැනීමට ඉඩක් නැත. ආසන්නයේදීම ඉන්දියාව යම් බලපැමක් ශ්‍රී ලංකාවට එරෙහිව කරන්නට සදනු ඇත. ඊට පෙර අප ක්‍රියාත්මක විය යුතු වන්නෙමු !

මෙය විහිළුවක් නොවේ !!

Oct
19

මේ සිතිවිල්ල මට ඇතිවුනේ සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයට අදාළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සපයමින් ඉන්න ගමන්.

ඒ ප්‍රශ්න කිහිපය තුල මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තිබුනා,

“එක්සත් ජාතීන්ගේ සංවිධානය තමන් ගේ පරමාර්ථ ඉටු කර ගැනීමේදී ගෙන ඇති ක්‍රියා මාර්ග මේතාක් දුරට සාර්ථක වී ඇති බව නිදසුන් දෙමින් පැහැදිලි කරන්න.”

කොහොමද ප්‍රශ්නය, වෙන කස්ටියක් කරන වැඩ සාධාරණීකරණය කරන්නට හේතු දක්වන්න ය කියලමේ පැත්තක ඉන්න අපිට කියනවා. :-)

මේ ප්‍රශ්නේ “එක්සත් ජාතීන්ගේ සංවිධානය තමන් ගේ පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා සාර්ථක ලෙස කටයුතු කරමින් සිටී යන්න හරි ද වැරදි ද දක්වන්න.” කියල තිබ්බොත් මම නම් කෙලින්ම කියන්නේ “හරි” කියල. නමුත්, පොඩි ගැටළුවක් එන්නේ මේ හේතු දැක්වීමෙදි.

මොකද, එය නිවැරදිය කියන්නට මට තියෙන්නේ ප්‍රශ්න පත්‍රය හදපු කෙනා බලාපොරොත්තු වුනු හේතුව නෙවෙයි. මගේ ඇත්තම අදහස ලිව්වොත් ලකුණු හම්බවෙන්නෙ නැති නිසා මම බොරුවක් ලිව්වා හෙවත් ප්‍රශ්නපත්‍රකරුවා බලාපොරොත්තු වුනු පිළිතුර ලිව්වා. මෙන්න ඒක,

“එක්‍සත් ජාතීන්ගේ සංවිධානය අරඹන ලද්දේ දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙන් අනතුරුව ය. එහි අරමුණ වූයේ දෙවැනි ලෝක මහා සංග්‍රාමය සඳහා හේතු වූ සාධක නැවත ඇති වීම වළකා ලීමයි. එමගින් තුන්වැනි ලෝක මහා සංග්‍රාමයක් ඇති වීමේ අවකාශය ශුන්‍ය කිරීමයි.

එහි ඇරඹුමේ සිට මේ දක්වා කිසිදු ලෝක මහා සංග්‍රාමයක් ඇරඹී නොමැති අතර, වරින් වර රටවල් අතර ඇතිවන ගැටුම් නිරාකරණය කිරීමට එයට බොහෝ අවස්ථාවල හැකි වී ඇත. එමෙන්ම වාර්ෂික රැස්වීම් වාරවල් වලදී රටවල් වල අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කර ගැනුමට ඉඩකඩ සැලසේ. එබැවින්, මේතාක් දුරට එක්සත් ජාතීන්ගේ සංවිධානය සාර්ථකව ස්වකීය මෙහෙවර සපුරා ඇත.”

මෙන්න මගේ ඇත්ත අදහස,

“එක්සත් ජාතීන්ගේ සංවිධානය අරඹන ලද කාල සීමාව හා එකී කාලයේ ඊනියා ජාත්‍යන්තර දේශපාලනික වටපිටාව පිළිබඳ මා හට අත්දැකීම් නොමැත.

කෙසේ වෙතත්, එහි අරමුණ වූයේ ආසියානු, අප්‍රිකානු සහ දකුණ ඇමරිකානු මහද්වීප වල රටවල් සහ අන් ස්වාධීන දූපත් රාජ්‍යයන් ස්වකීය යටත් රටවල් බවට පත් කරගැනීමට යෙදවිය හැකි ශක්තිය, (උතුරු ඇමරිකානු සහ ඔස්ට්‍රෙලියානු මහද්වීප භූගෝලීය වශයන් වෙන් මහද්වීප වුවද දෙකෙහිම බලපවත්වන්නේ යුරෝපීය චින්තනය බැවින්, එකී මහද්වීපද යුරෝපය ලෙස මම ගනිමි.) යුරෝපයේම අභ්‍යන්තර ගැටුම් සඳහා යොදා ගැනීමෙන් නාස්ති වීම වැලැක්වීමේ චේතනාවෙන් බව මගේ අදහසයි.

එකී අරමුණ කරා යන ගමනේදී අධිරාජ්‍යවාදී රටවල් වලට තවත් විවිධ පහසුකම් ද එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ලබා දී ඇත. යම් රටකට එරෙහිව කටයුතු කර එම රට ආර්ථික-සමාජයීය-දේශපාලනික වශයෙන් පහත් තත්වයකට ඇද දැමීමට යම් අධිරාජ්‍යවාදී රටකට අවශ්‍ය නම්, ඒ සඳහා තම පිරිස් බලය නාස්ති කර ගනිමින් යුධ කටයුතු සඳහා යොමු වීමේ අවශ්‍යතාවයක් දැන් නොමැත. එකී අවශ්‍යතාවයන් සම්මුති, ප්‍රඥප්ති, එකඟතා, සම්බාධක හා මෙකී නොකී විවිධ විකාර රූපී නාමයන්ගෙන් හැඳින්වෙන අඩු මිල එහෙත් බලවත් ආයුධ රාශීයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් අධිරාජ්‍යවාදී රටවල් වෙත ලබා දී ඇත.

අද දින වන විටද උතුරු කොරියාව සහ මාගේ මතකයේ හැටියට ඉරානයට එරෙහිවද මෙම ආයුධ ක්‍රියාත්මක වෙයි.

උතුරු කොරියාව තමන්ට අභියෝගයක් වෙමින් නැගී එන ආකාරය දුටු ඇමරිකාව උතුරු කොරියාව යුරේනියම් බල ගැන්වීමේ ක්‍රියාවලියක නිරත වන බවත්, එය ලෝක සාමයට බාධාවක් බවත් දක්වමින් ඒවා නවතා දැමීමට කටයුතු කරන ලෙසත්, නැතහොත් උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පනවන බවත් ප්‍රකාශ කළේය.

උතුරු කොරියාව යුරේනියම් බලගැන්වීම ලෝක සාමයට තර්ජනයක් නම්, ඇමරිකාව සතු න්‍යෂ්ටික අවි ලෝක සාමයට තර්ජනයක් නොවන්නේ ද ?

ඉරානය සම්බන්ධ සිද්ධිය මා හට නිවැරදිව මතක නැති මුත්, අපේ මහින්ද ලොක්කාගේ ගජ මිතුරා වන ඉරානය නම් ඇමරිකාව තඹ ස‍තේකට ගනන් ගන්නා බව නොපෙනේ. වැරදිලාවත් ඇමරිකාව ඉරානයට ගැහුවොත් අපේ මහින්ද ලොක්කා ඇමරිකාවට ගහනවා සත්තයි !

අඩු වියදමකින් තම අධිරාජ්‍යවාදී අරමුණු අන් රටවල් කරා පැතිරවීමට අධිජාජ්‍යවාදී රටවල් වලට එක්සත් ජාතීන්ගේ සංවිධානය මහත් සහයෝගයක් දෙයි. එබැවින්, මේතාක් දුරට එක්සත් ජාතීන්ගේ සංවිධානය සාර්ථකව ස්වකීය මෙහෙවර සපුරා ඇත.”

මම දෙවැනි උත්තරේ ලිව්වා නම් මට ලකුණු ලැබෙයි ද ? ඔයාල මොකද හිතන්නේ ? ඔන්න ඕකයි ප්‍රශ්නෙට ලියපු පිළිතුරෙන් මතු වුනු ප්‍රශ්නය.

Oct
16

මෙච්චර දවස් කරුණාණිධි කියන *ස බල්ලගෙ කතා අපි රූපවාහිනියෙන් අහං හිටියා. ඌ හිතං ඉන්නෙ ලංකාව කියන්නෙ තමිල්නාඩුවෙ දිස්ත්‍රික්කයක් ය කියල. **ගෙ *තා. ලංකාවෙ “ප්‍රශ්නෙ” ට ඉංදියං මධ්‍යම ආණ්ඩුව මැදිහත් වුනේ නැත්නම් පිරපාහරන්ට *ක දෙන ඌයි, උගේ සහචරයො 40 කුයි ඉංදියං පාර්ලිමේන්තුවෙං ඉල්ලා අස් වෙනව ලු. උං ඉල්ලා අස්වෙන්න බැරි නම්, ඕන බංබුවක් ගහ ගත්තට අපිට ඇති දෙයක් නෑ !

මේ පරදේසක්කාර හැතිකරේට ලකාවේ ඉදං පැත්තෙං දෙන එක්සත් (වි)ජාතික පක්සෙ තමංගෙ හීනමාන පරගැති අදහස් ඉදිරිපත් කොරල තියනව. හැමදාම මොකක් හරි ගොං බූරු කතාවක් කියල විහිළුවට ලක්වෙන ලක්‍ෂ්මන් කිරිඇල්ල මේ පාර කරල තියෙන්නෙ හිනාවෙන්න පුළුවං කතාවක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ කියන *න්නය වෙනුවෙං උඩු බුරන නොහොත් කෙඳිරි ගාන මේ හම්පඩ කැහුට්ට බල්ල කියල තියනව තමිල්නාඩුව කියන එක ලංකා ආණ්ඩුව අහන්න ඕනය කියල.

ඕක දන්නැතිව ඇති ලංකාව කියන්නෙ ස්වෛරී රාජ්‍යයක් ය කියල (ක්‍රියාත්මක වීම කොහොම වෙතත්).

වෙනත් රටක ප්‍රාන්තයක් හෝ පළාතක් සමග ස්‍වකීය රටේ ගැටළු පිළිබඳව අදාළ රටේ රජය සාකච්ඡා කළ යුතු ද ? එසේ කළ යුතු යැයි කයන “විපක්‍ෂය” ආණ්ඩුවේ දුර්වලතා පෙන්වන්ට සිටින “විපක්‍ෂය” ක් ද නැතහොත් රටේ නිදහසේ, ස්වෛරී බවේ , ජනතාවගේ හෙවත් මාතෘභූමියේ විපක්‍ෂය ද ?

අපි අපේ ප්‍රශ්න විසඳාගැනීමේදී වෙනත් රටක ප්‍රාන්තයක නොව කිසිම රටකවත් න්‍යායපත්‍රවලට අනුගත විය යුතු නැත. මන්ද අපි අපේ ජන්දයෙන් බලයට පත් කලේ අපේ පාලකයන් මිස ඉංදියාවේ ඉන්න ***ගෙ පුතාලා නොවන නිසාය. ඉංදියාවේ ජනතාව මංමෝහං ලාට කරුණාණිධිල ට චන්දෙ දුන්නේ උංගෙ රටේ වැඩ කොරගන්ට ද නැත්තං අහක යන ප්‍රශ්න වලට ඇඟිලි ගහන්නද ?

Oct
16

පසුගිය ඉරිදා (12) තිබිනු තරගයෙන් මම SLGenius අවසන් 64 දෙනා අතරට තේරුනා.

රූපවාහිනී තරග වට පැවැත්වුනේ BMICH වල. මුළු මාතර දිස්ත්‍රික්කය වෙනුවෙන් එතැන හිටියේ මම විතරයි. අට දෙනෙක් තරගයට සහභාගි වුනා. එතනින් තුන් දෙනෙක්ම මාත් එක්ක ෆිටේ ෆිට් වුනු දෙන්නෙක්. එක්කෙනෙක් ගාල්ලෙ මහින්දෙ පසිඳු, එක්කෙනෙක් කොළඹ අශෝකෙ සිනෙත් අනිත් එක්කෙනා පානදුරේ ශ්‍රී සුමංගලේ බුවෙක්.

තව වව්නියාවෙනුයි, ජෝසප් වාස් එකේ එක්කෙනෙකුයි කුරුණෑගල හරි කොහේ හරි ගුඩ් ෂෙෆඩ් කොන්වන්‍ට් (මට මතක හැටියට) එකක නංගි කෙනෙකුයි තවත් එක්කෙනෙකුයි සහභාගී වුනා.

වට දෙකකට තරගය පැවැත්වුනේ. පළවෙනු එක පරිගණක ගත කළ බහුවරණ ප්‍රශ්න වටයක්. ප්‍රශ්න දහයක් දුන්නා, එක ප්‍රශ්නයට තත්පර 10 ගණනේ ප්‍රශ්න 10කට තත්පර 100 ක්. කොහොමහරි ඒකෙන් මම තේරුනා.

ඊළඟ අදියරට ආවේ හතැදෙනයි. මමයි, මහින්දෙ පසිඳුයි, වව්නියාවේ සහෝදරයයි, අර ඉස්කෝලෙ හරියට මතක නැති සහෝදරීයි.

මමයි පසිඳුයි එක පැත්තකට ආවේ. ප්‍රශ්න 10ක් අපි දෙන්නගෙන්ම ඇහුව. බසර් එක පාවිච්චි කරල අවස්ථාව ගන්න තිබ්බෙ. කොහොමහරි පසිඳු ඉක්මන් වෙලා වැඩි ප්‍රශ්න ප්‍රමාණයකට උත්තර දුන්නා.

මම ඒ වටයෙන් තරගයෙන් අයින් වුනා, පසිඳුයි අර නංගීයි ඊළඟ වටයට තේරුනා. කොහොම හරි දකුණෙ බුවෙක් ඉස්සරහට තේරුනා නේ, ඒක මට ඇති. නිකං බොරුවට නෙවේ සිරාවටම !