මේක නම් බ්ලොග් පෝස්ට් එකක් ගහන්නම වටින සිද්ධියක්. මෙච්චර කල් තිබ්බ විභාග වලදී වේලාසනින් උත්තර ලියල ඉවර කළාම ටක් ගාලා එළියට ඇවිල්ලා IT Room එක පැත්තේ යන්නයි මම පුරුදුවෙලා හිටියේ. ඒ වුනාට සාපෙ වේලාසනින් ලියල ඉවර වුනා කියල එළියට එන්න දෙන එකක්යැ ?
ඔන්න ඉතින් අද තිබ්බ බුද්ධ ධර්මය පේපර් එකට පැය 3ක් වෙන්කරලා තිබ්බා. බහුවරණ [...]
Archive for the 'මම' Category
පළමු වතාවට විභාග ශාලාවකදී නිදාගත්තෙමි !
December 11, 2008මම උබුන්ටු දැම්මෙමි !
November 28, 2008මේ තමයි මම මගේ පරිගණකයේ උබන්ටු මගින් ලියන පළමුවැනි බ්ලොග් සටහන.
shipit.ubuntu.com මගින් ඇනවුම් කළ උබුන්ටු සංයුක්‍ත තැටි 30 ක් මට බදාදා (26) ලැබුනා. දැන් ඒවා බෙදාහරින්න කටයුතු කරන්න ඕනෑ. අපේ මලයා ඉගන ගන්නේ හොරණ තක්‍ෂිලාවෙ නිසා එයා හරහා හොරණ පැත්තෙත් මම විසින්ම මාතරත් මේවා බෙදා හරින්න සියළු කටයුතු සූදානම්.
මට වින්ඩෝස් වලින් නිදහස් වෙලා උබුන්ටු වෙත [...]
රාහුල විද්‍යාලයීය අ.පො.ස (සා.පෙ) ඉතිහාසය විෂය සම්මන්ත්‍රණය – 2008
October 29, 2008අද ඉස්කෝලෙ 2008 අ.පො.ස (සා.පෙ) ඉතිහාසය විෂයය සඳහා සම්මන්ත්‍රණයක් පැවැත්වුනා.
ඒක සංවිධානය කළේ විද්‍යාලයීය ඉතිහාස අධ්‍යයන අංශය සහ රුහුණු විශ්වවිද්‍යාලයීය ඉතිහාස අධ්‍යයන අංශය.
ඉතින් අද 11 ශ්‍රේණියේ සාමාන්‍ය කටයුතු කළේ පළමුවැනි කාලච්ඡේදයේ විතරයි. හරි ෂෝක් වැඩේ කියන්නේ, හැමදාම අපේ පන්තියේ මුල් කාලච්ඡේදය ඉතිහාසය. ඒ නිසා අද දවසටම ඉතිහාසෙ විතරයි, ඒ කියන්නේ “අද ඓතිහාසික දවසක් !”
වෙනත් පාසල් වලින් [...]
රාහුල විද්‍යාලය : SLGenius අවසන් 64 ට ගිය මා.
October 16, 2008පසුගිය ඉරිදා (12) තිබිනු තරගයෙන් මම SLGenius අවසන් 64 දෙනා අතරට තේරුනා.
රූපවාහිනී තරග වට පැවැත්වුනේ BMICH වල. මුළු මාතර දිස්ත්‍රික්කය වෙනුවෙන් එතැන හිටියේ මම විතරයි. අට දෙනෙක් තරගයට සහභාගි වුනා. එතනින් තුන් දෙනෙක්ම මාත් එක්ක ෆිටේ ෆිට් වුනු දෙන්නෙක්. එක්කෙනෙක් ගාල්ලෙ මහින්දෙ පසිඳු, එක්කෙනෙක් කොළඹ අශෝකෙ සිනෙත් අනිත් එක්කෙනා පානදුරේ ශ්‍රී සුමංගලේ බුවෙක්.
තව වව්නියාවෙනුයි, ජෝසප් [...]
රාහුල විද්‍යාලය : SLGenius අවසන් 128 වටයේදී
October 16, 2008SLGenius හි අවසන් 128 දෙනා අතුරින්, රූපවාහිනී තරග වට සඳහා 6 දෙනෙක් තෝරා ගැනීම සඳහා පවත්වන තරගය පසුගිය 12 වැනි ඉරිදා UCSC හි දී පැවැත්වුනා.
බහුවරණ ප්‍රශ්න පත්‍රයක් ලෙස පැවැත්වුනු මේ තරගයෙන් වැඩිම ලකුණු ලබාගත් 64 දෙනෙක් රූපවාහිනී තරග වට සඳහා තෝරා ගත්තා.
මෙම තරගය සඳහා රාහුලයෙන් 4 දෙනෙකු සහභාගි වීමට නියමිත වුනත් ආවේ මමත් ගණිඳු ත් [...]
මට අහිමි බ්ලොග් කියවනය.
September 25, 2008මේ දවස් වල මාර වැඩක් වෙලා තියෙන්නෙ. මට බ්ලොග් කියවනේට යන්න බැහැ නේ !
sinhalabloggers.com යන්න පුළුවන්, forum.sinhalabloggers.com යන්න පුළුවන්, ඒ වුනාට blogs.sinhalabloggers.com යන්න බැහැ. මාර සීන් එක !
Flock වලින් කියන්නේ “The connection was reset” කියල, Firefox වල එන්නෙ අර XML Error එක.
නපුරු කලට what to do ? මම දැන් බ්ගොග් කියවනේ බලන්නේ RSS Feed එකේ [...]
SL Genius තෙදින වැඩමුළුව
August 28, 2008SLGenius තරගාවලියේ තෙවන වටය ඉලක්ක කරගනිමින් තෙදින වැඩමුළුවක් 2008 අගෝස්තු 25-26-27 යන දින තුන පුරාවටම UCSC හි මහාචාර්ය V.K. සමරනායක අනුස්මරණ ශ්රවණාගාරයේදී පැවැත්වුනා.
කිලිනොච්චි හා … යන දිස්ත්රික් හැර දිවයිනේ අන් සියළුම පළාත් ආවරණය වන පරිදි පැවැත්වුනු SLGenius පළාත් තරග වලින් සුදුසුකම් ලැබූ තරගකරුවන් 128 දෙනෙක් මෙයට සහභාගී වුනා.
සියළුම තරගකරුවන් සඳහා SLGenius සංවිධායක මණ්ඩලය සූදානම් කරල [...]
රාහුල විද්යාලය : SLGenius හි දකුණු පළාත් අනුශූරයන්ව…
August 28, 20082008 අගෝස්තු මස 09 දින රුහුණු විශ්ව විද්යාලයේ පවත්වපු SL Genius පළාත් වටයෙන්, අප විද්යාල කණ්ඩායම අනුශූරතාවය ලබා ගන්නට සමත් වුනා.
මේ බව නිල වශයෙන්, 2008 අගෝස්තු මස 27 දින UCSC හි පැවැත්වුනු SLGenius සමස්ථ ලංකා තුන් දින වැඩමුළුවේ (25, 26, 27 යන දින වල පැවැත්වුනු) අවසන් උත්සවයේදී සහතික පත්ර බෙදා දීමෙන් ප්රකාශයට පත් කෙරුනා.
SL Genius [...]
රාහුල විද්යාලය : SL Genius හි මාතර දිස්ත්රික් ප්රථමස්ථානය…
August 22, 2008මැයි මාසේ 17 වෙනිදා ශාන්ත තෝමස් විද්යාලයේ පවත්වපු SL Genius තරගාවලියේ දිස්ත්රික් හෙවත් පළමුවෙනි වටයට රාහුල විද්යාලය වෙනුවෙන් මමත් ඇතුළු හතර දෙනෙක් ගේ කණ්ඩායමක් ඉදිරිපත් වුනා,
මලිත් සුදාරක
කවිඳු සඳරුවන්
ගණිඳු කලන්සූරිය
සුපුන් බුධාජීව (මම)
අපේ විද්යාලය වගේම මාතර නගරයේ මේ දැක්වෙන අපගේ මිත්ර පාසල් මෙයට සහභාගී වුනා,
මහාමායා විද්යාලය
සුජාතා විද්යාලය
මාතර මහා විද්යාලය
ශාන්ත තෝමස් විද්යාලය
ශාන්ත තෝමස් උසස් බාලිකා විද්යාලය
ශාන්ත ශර්වේෂස් විද්යාලය
ශාන්ත [...]
අපසු සිංහල කරා… ගමනේ යා !
August 12, 2008ආයුබෝවන් !
“බුධාජීවගේ සිංහල අඩවිය” මාගේ දෙවන බ්ලොග් අඩවියයි. මාගේ පළමු බ්ලොග් අඩවිය Budhajeewa’s Blog වන්නේය. එය කලක් සිංහල භාෂාවෙන් පවත්වාගෙන ගොස්, පසුව එහි සඳහන් කර ඇති හේතු මත, එය නැවත ඉංගිරිසියට හැරවීමි. නැවත සිංහලෙන් බ්ලොග් නොලියන බවට ප්රතිඥාවක්ද, දුන්නෙමි.
නමුත්, සුපුන් සුදාරක සොයුරා විසින් මාගේ එකී හේතු සඳහන් කරන ලද ලිපියට දැක්වූ ප්රතිචාරය, මා නැවතත් සිංහල [...]


