Archive for the 'පාසල' Category

වැඩ වරන්නේ ගුරුවරු ද ?

October 30, 2008

අද (30) ගුරු වැඩවර්ජනයක් තිබුන ලු. අනිත් මොන ඉස්කෝලෙ වැඩ වැරුම් තිබ්බත් රාහුලේ නම් එහෙම දෙයක් තිබ්බෙ නැහැ. ඒ වුනත්, ප්‍රවෘත්ති බැලුවට පස්සේ මේ ටික ලියල දාන එක හොඳයි කියල හිතුනා.
“වැඩ වරන්නේ ගුරුවරු ද ?”
මේ ප්‍රශ්නයෙන් අර්ථ දෙකක් ගම්‍ය වන්නේ ය, ඒවා එකින් එක සලකා බලමු.
01. [...]

රාහුල විද්‍යාලයීය අ.පො.ස (සා.පෙ) ඉතිහාසය විෂය සම්මන්ත්‍රණය – 2008

October 29, 2008

අද ඉස්කෝලෙ 2008 අ.පො.ස (සා.පෙ) ඉතිහාසය විෂයය සඳහා සම්මන්ත්‍රණයක් පැවැත්වුනා.
ඒක සංවිධානය කළේ විද්‍යාලයීය ඉතිහාස අධ්‍යයන අංශය සහ රුහුණු විශ්වවිද්‍යාලයීය ඉතිහාස අධ්‍යයන අංශය.
ඉතින් අද 11 ශ්‍රේණියේ සාමාන්‍ය කටයුතු කළේ පළමුවැනි කාලච්ඡේදයේ විතරයි. හරි ෂෝක් වැඩේ කියන්නේ, හැමදාම අපේ පන්තියේ මුල් කාලච්ඡේදය ඉතිහාසය. ඒ නිසා අද දවසටම ඉතිහාසෙ විතරයි, ඒ කියන්නේ “අද ඓතිහාසික දවසක් !”
වෙනත් පාසල් වලින් [...]

දකුණු පළාතේ හොඳම විදුහල්පති

October 27, 2008

අපේ විදුහල්පති කිත්සිරි ලියනගමගේ මැතිතුමාට තවත් සම්මානයක් ප්‍රධානය කරලා. ඒ “දකුණු පළාතේ හොඳම විදුහල්පති” හැටියට.
පාසලට එතුමාගෙන් වුනු මෙහෙය අපමණයි. ශාන්ත ඇලෝසියස් විද්‍යාලය සමග කරන “දෙනුවර සටන” මහ ක්‍රිකට් තරගාවලියේ සමාරම්භකයෙක් හැටි‍යටත් එතුමා ඉතිහාස ගත වනු ඇති.
රාහුලය නිසා නො බැබලුනු එතුමා, තමන් නිසා රාහුලය බබලවන්නට කටයුතු කරනවා.
සුනාමි කාල සීමාවේදී පාසලේ අධ්‍යයන කටයුතු වලට සිදුවන පාඩුව වත් [...]

රාහුල විද්‍යාලය : SLGenius අවසන් 64 ට ගිය මා.

October 16, 2008

පසුගිය ඉරිදා (12) තිබිනු තරගයෙන් මම SLGenius අවසන් 64 දෙනා අතරට තේරුනා.
රූපවාහිනී තරග වට පැවැත්වුනේ BMICH වල. මුළු මාතර දිස්ත්‍රික්කය වෙනුවෙන් එතැන හිටියේ මම විතරයි. අට දෙනෙක් තරගයට සහභාගි වුනා. එතනින් තුන් දෙනෙක්ම මාත් එක්ක ෆිටේ ෆිට් වුනු දෙන්නෙක්. එක්කෙනෙක් ගාල්ලෙ මහින්දෙ පසිඳු, එක්කෙනෙක් කොළඹ අශෝකෙ සිනෙත් අනිත් එක්කෙනා පානදුරේ ශ්‍රී සුමංගලේ බුවෙක්.
තව වව්නියාවෙනුයි, ජෝසප් [...]

රාහුල විද්‍යාලය : SLGenius අවසන් 128 වටයේදී

October 16, 2008

SLGenius හි අවසන් 128 දෙනා අතුරින්, රූපවාහිනී තරග වට සඳහා 6 දෙනෙක් තෝරා ගැනීම සඳහා පවත්වන තරගය පසුගිය 12 වැනි ඉරිදා UCSC හි දී පැවැත්වුනා.
බහුවරණ ප්‍රශ්න පත්‍රයක් ලෙස පැවැත්වුනු මේ තරගයෙන් වැඩිම ලකුණු ලබාගත් 64 දෙනෙක් රූපවාහිනී තරග වට සඳහා තෝරා ගත්තා.
මෙම තරගය සඳහා රාහුලයෙන් 4 දෙනෙකු සහභාගි වීමට නියමිත වුනත් ආවේ මමත් ගණිඳු ත් [...]

SL Genius තෙදින වැඩමුළුව

August 28, 2008

SLGenius තරගාවලියේ තෙවන වටය ඉලක්ක කරගනිමින් තෙදින වැඩමුළුවක් 2008 අගෝස්තු 25-26-27 යන දින තුන පුරාවටම UCSC හි මහාචාර්ය V.K. සමරනායක  අනුස්මරණ ශ්රවණාගාරයේදී පැවැත්වුනා.
කිලිනොච්චි හා … යන දිස්ත්රික් හැර දිවයිනේ අන් සියළුම පළාත් ආවරණය වන පරිදි පැවැත්වුනු SLGenius පළාත් තරග වලින් සුදුසුකම් ලැබූ තරගකරුවන් 128 දෙනෙක් මෙයට සහභාගී වුනා.
සියළුම තරගකරුවන් සඳහා SLGenius සංවිධායක මණ්ඩලය සූදානම් කරල [...]

රාහුල විද්යාලය : SLGenius හි දකුණු පළාත් අනුශූරයන්ව…

August 28, 2008

2008 අගෝස්තු මස 09 දින රුහුණු විශ්ව විද්යාලයේ පවත්වපු SL Genius පළාත් වටයෙන්, අප විද්යාල කණ්ඩායම අනුශූරතාවය ලබා ගන්නට සමත් වුනා.
මේ බව නිල වශයෙන්, 2008 අගෝස්තු මස 27 දින UCSC හි පැවැත්වුනු SLGenius සමස්ථ ලංකා තුන් දින වැඩමුළුවේ (25, 26, 27 යන දින වල පැවැත්වුනු) අවසන් උත්සවයේදී සහතික පත්ර බෙදා දීමෙන් ප්රකාශයට පත් කෙරුනා.
SL Genius [...]

රාහුල විද්යාලය : SL Genius පළාත් වටයට…

August 22, 2008

SL Genius මාතර දිස්ත්රික් පථමයන් වූ අප විද්යාල කණ්ඩායම, 2008 අගෝස්තු මස 09 දින රුහුණු විශ්ව විද්යාලයේ පැවැත්වුනු SL Genius  හි පළාත් හෙවත් දෙවන වටයට සහභාගී වුනා.
මේ වටය සඳහා ගාල්ල, මාතර, හම්බන්තොට යන දිස්ත්රික්ක වලින් සුදුසු කම් ලබා තිබූ පාසල් රාශියක් සහභාගී වුනා.
මේ සඳහා අපේ මිත්ර පාසල් වලින් සහභාගි වුනේ මහාමායා විද්යාලය සහ සුජාතා විද්යාලයයි.
වීරකැටිය [...]

රාහුල විද්යාලය : SL Genius හි මාතර දිස්ත්රික් ප්රථමස්ථානය…

August 22, 2008

මැයි මාසේ 17 වෙනිදා ශාන්ත තෝමස් විද්යාලයේ පවත්වපු SL Genius තරගාවලියේ දිස්ත්රික් හෙවත් පළමුවෙනි වටයට රාහුල විද්යාලය වෙනුවෙන් මමත් ඇතුළු හතර දෙනෙක් ගේ කණ්ඩායමක් ඉදිරිපත් වුනා,

මලිත් සුදාරක
කවිඳු සඳරුවන්
ගණිඳු කලන්සූරිය
සුපුන් බුධාජීව (මම)

අපේ විද්යාලය වගේම මාතර නගරයේ මේ දැක්වෙන අපගේ මිත්ර පාසල් මෙයට සහභාගී වුනා,

මහාමායා විද්යාලය
සුජාතා විද්යාලය
මාතර මහා විද්යාලය
ශාන්ත තෝමස් විද්යාලය
ශාන්ත තෝමස් උසස් බාලිකා විද්යාලය
ශාන්ත ශර්වේෂස් විද්යාලය
ශාන්ත [...]