කිලිනොච්චියේ විරැවාට !

2009 යනු ශ්‍රී ලංකා දේශය විවිධ පරගැතියන් විසින් ආපස්සට ඇදගෙන යනු ලබන බැමි ලිහා දමා, කඹ කපා දමා, අදින්නා වනසා දමා ඉදිරියට යන සුභ ගමන ඇරඹෙන වසරක් වේවා යන්න දේශ හිතෛෂී සැමගේ ප්‍රාර්ථනාව විය යුත්තේ ය !

එකී ප්‍රාර්ථනාව මුදුන්පත් කරගැන්මෙහි ලා, ප්‍රථමස්ථානයේ දමා සැලකිය යුතු කරුණක් වන්නේ මිනීමරු – බෙදුම්වාදී කොටි තස්‍ත්‍රවාදීන් ලක් දෙරණින් අතුගා දැමීමත්, උන්ගේ පදයට නැටවෙන පරගැති දේශපාලුවන් ස්‍වකීය බලය අතින් අඩපන කිරීමත් යන්නයි. මෙම කරුණ කෙරෙහි අතිශයින්ම  බලපාන, ශ්‍රී ලංකා ඉතිහාසයෙහි රන් අකුරින් ලියවෙන දිනයකි 2009 ජනවාරි මස ‍2 වැනි දිනය.

මිනීමරු – බෙදුම්වාදී කොටි ත්‍රස්ථවාදීන් ස්‍වකීය සිහින ඊලාමයේ පරිපාලන අගනුවර කර ගැනීමට පෙරුම්පිරූ කිලිනොච්චි නගරය අද දින ශ්‍රී ලංකා රජයේ සම්පූර්ණ බලයට නතු විය. ඔවුන් ස්‍වකීය වාණිජ අගනගරය කරගැනුමට කෙළ හැළු ත්‍රිකුණාමලය රජයට නතු වූයේ මීටද බොහෝ කලකට පෙරය. වේළුපිල්ලේ පිරපාහරන් නැමැති උන්මත්තකයා වරක් ප්‍රකාශ කොට තිබුනේ “කිලිනොච්චිය අල්ලා ගැන්ම මහින්‍ද රාජපක්‍ෂ ගේ සිහිනයක්” යනුවෙන් වන අතර නඩේසන් නැමැති අයෙකු කියාතිබුනේ “කිලිනොච්චි රැකගැන්මට ඕනෑම මිලක් ගෙවීමට තමා සූදානම්” බවයි.

ජනාධිපතිවරයා අද දින සඳහන් කළ ලෙසම, මහින්‍ද රාජපක්‍ෂ ගේ පමක් නොව, සාමය-සහජීවනය කැමැති සියළු ශ්‍රී ලාංකිකයන් ගේ බලාපොරොත්තුවක් වූ එය, ඔවුන්ගේ උපරිම මිල ගෙවා වුවද රැක ගැන්මට කොටියාට නොහැකි විය. 2009 වසර තුලම අවසන් කොටි ත්‍රස්තවාදියාද ලක් දෙරණින් අතුගා දමා, අපට වැරදුනු තැන් සහ අපට වැරැද්දවූ අයවළුන් නිවැරදිව තේරුම්ගෙන, එක් ශ්‍රී ලාංකික ජාතියක් වශයෙන් ලෝකයේ අපගේ නාමය තිර කොට ගැන්මට අප විසින් අධිෂ්ඨාන කොටු ගත යුතු වෙමු.

ත්‍රස්තවාදය යුද්ධයෙන් ජයග්‍රාහිව නිමා කළ අපට, මින් මතුවට ගැටළු මතු නොවන පාලන ක්‍රමයක් ඇති කොට ගත යුතු වෙමු. අපගේ අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කරගත යුතු වෙමු. පර දේශිකයින්ට අප රට තුලට ඇඟිලි ගැසීමේ සියළුම කපොළු වසා දමා, අප බලවත් ජාතියක් බව ‍පෙන්විය යුත්තෝ වෙමු !

අප මෙන්ම පර දේශක්කාරයින්ගේ උගුල් වලට වැටුනු අසරණ රටවල් වලට ඉන් ගොඩ ඒමට උදව් කිරීම අපගේ පරම යුතු කමක් කරගත යුතු වෙමු ! නවඅධිරාජ්‍යවාදීත්වයට එරෙහිව නගන හඬ අතර ශ්‍රී ලංකා නාමය ඉහලින් රන්‍දමු !

අප ශ්‍රී ලාංකිකයෝ වෙමු ! අප කිසි දිනක යටත් නොවන්නන් වෙමු ! අප ශක්‍තිමක් බව ලොවට දැනෙන්නට ඉඩ දෙමූ !

No Responses Yet to “කිලිනොච්චියේ විරැවාට !”

Leave a Reply