පළමු වතාවට විභාග ශාලාවකදී නිදාගත්තෙමි !
මේක නම් බ්ලොග් පෝස්ට් එකක් ගහන්නම වටින සිද්ධියක්. මෙච්චර කල් තිබ්බ විභාග වලදී වේලාසනින් උත්තර ලියල ඉවර කළාම ටක් ගාලා එළියට ඇවිල්ලා IT Room එක පැත්තේ යන්නයි මම පුරුදුවෙලා හිටියේ. ඒ වුනාට සාපෙ වේලාසනින් ලියල ඉවර වුනා කියල එළියට එන්න දෙන එකක්යැ ?
ඔන්න ඉතින් අද තිබ්බ බුද්ධ ධර්මය පේපර් එකට පැය 3ක් වෙන්කරලා තිබ්බා. බහුවරණ කොටසයි රචනා කොටසයි දෙකම එකට තිබ්බේ. ඉතින් ඒ දෙකම ඉවර වෙනකොට ගත වෙලා තිබ්බෙ පැය 1 යි මිනිත්තු 15 යි ! (මගේ බුද්ධ ධර්මයට බුදුසරණයි !) කාලයෙන් තව හරි භාගයකටත් වඩා ඉතිරියි !
ඒපාර තව පාරක් ලියපු උත්තර ටික කියෙව්වා. අප්සට් එකක් නෑ, ප්‍රමාණවත්. මොකද 2 කොටසෙ අනිවාර්ය පළමු ප්‍රශ්නය හැරෙන්නට තෝරාගන්නට තිබිනු ප්‍රශ්න 4 තිබ්බේ කොටස් 3 බැගින්. පළමු කොටස් දෙක බොහෝ ප්‍රශ්න වල තනි වාක්‍යයෙන් උත්තර ලියන්න පුළුවන් එව්වා, 3 වෙනි ප්‍රශ්නය තමයි ඡේදයක් දෙකක් ලියන්න වෙලා තිබ්බේ. ඒ වුනත් ඒකටත් උත්තර ඉල්ලලා තිබ්බේ “සැකෙවින් පිළිතුරුදෙන්න” කියලා. ඉතින් මං පුළුවන් තරං සැකෙවින් ලිව්වා !
ඒ වුනාට සමහර කස්ටිය ලියල තිබ්බා පිටුවක් විතර පිරෙන්න එක ප්‍රශ්නෙට.
ඉතින් කරන්න වෙන වැඩකුත් නැති එකේ ටිකක් මේසෙට ඔළුව තියාගෙන හාන්සිවෙලා හිටියා. බැලින්නම් මෙන්න නින්ද ගිහිල්ලා ! ඒක තමයි මම ජීවිතේ පළමුවැනි වතාවට විභාග ශාලාවක නිදාගත්තු අවස්ථාව !! ඇහැරිලා බලනකොට මිනිත්තු 25ක් විතර නිදාගෙන.
පස්සෙ සාක්කුවට අත දාල බලනකොට ඒකෙ තිබ්බා රුපියලේ කාසියක්. තව විනාඩි පහළොවක් විස්සක් ඒක රෝල් කර කර හිටියා. ආපහු ඉතින් චුට්ටක් හාන්සියක් දැම්මා ඒපාරත් විනාඩි දහයක් විතර නින්ද ගිහිල්ලා. ඇහැරෙනකොට පොඩි වැස්සක් පටන්අරන් තිබුනු නිසා වතුර බින්‍දු වැටෙන දිහා බලන් හිටියා.
කොහොම කොහොමහරි ඉතිරි වෙලාවත් අමාරුවෙන් ගෙවල දාලා විභාගෙ ඉවර වුනාට පස්සෙ එලියට එනකොට අකුරැස්ස – මාතර බස් එකක් නවත්තං ඉන්නව ගේට්ටුවගාව. ඒක නැතිවෙන්න මිනිස්සු හිරවෙලා. ඉතින් මම මොකටද ඒකෙ හිර වෙලා යන්නේ ? මමයි තව බුවෙකුයි හිටියා තව බස් එකක් එනකම්. අරක ගියා විතරයි ඊට පස්සෙ ආපු බස් එක ඉස්කෝලෙ සෙට් එක ගෙනියන්න ආපු බස් එකක් වගේ ! අපි ඒකේ ආතල් එකේ ආව. අර අපිට කලිං තද වෙලා ආපු බස් එක ගාට ගාට එනකොට අපි ටාර් ගාලා ස්ටෑන්ඩ් එකට ආවා. රාහුලේ ඉඳන් ස්ටෑන්ඩ් එකට එන්න විනාඩි දහයකට වඩා යන්නෙ නැහැනේ ? කොහොමහරි හක්මණ එන බස් එකේ හොඳ නින්දක් දාන්න හිතාගෙනයි ආවෙ. කොහේද, බස් එකේදි පාවිච්චි කරන්න තිබ්බ නින්ද නේ විභාග ශාලාවෙදි පාවිච්චි කරල තියෙන්නේ, අපරාදේ !!
විභාග ශාලා වලදී කම්මැලි වෙලාවට කරන්න දේවල් ලිස්ට් එකක් දෙන්න, කස්ටිය මට සපෝට් එක දෙන්න !!
Loading...
අනේ මල්ලියෝ. . . විභාග වෙලේ කරන්න දෙයක් නැති උනාම මගෙ ලිස්ට් එකේ නම් කරන්න තියෙන්නෙ එක දෙයයි. ඒක තමයි හොඳට නිදාගැනීම.
. . . ඒ අතින් නම් සෑහෙන්න පළපුරුද්දක් තියෙනවා මට. හික් හික්. . . ඉතුරු ප්‍රශ්න පත්‍ර වලට නිදා ගන්නේ නැතුව ඉවර වෙනකම් ම හොඳින් පිළිතුරු දීමට හැකි වේවා යි පතමි!
චතුර වික්‍රමරත්න - December 12, 2008 at 12:50 am
මට මතක් වුනා මම රාහුලේ ඉන්නකොට වෙච්ච අකරතැබ්බයක්. ඒ 1951 අවුරුද්දෙ. අපේ පන්තිය භාරව හිටියෙ සමරසිංහ සර්. එයාට අපි කිව්වෙ තොප්පි ජෝන් කියල, හරි සැරයි. දවසක් පන්තියෙදි මගෙන් ප්‍රශ්නයක් ඇහුව “අත්තානං දමයන්ති පණ්ඩිතා” කියන එකේ තේරුම මොකක්ද කියල.. අප්පේ මේ මොකක්ද කියල ව්ත් මට අමතක වුනා. ඊට පස්සෙ මතක් වුනා මේ අපේ ඉස්කෝලෙ මොටෝ එක නේද කියල. ඒ වුනාට තේරුම නම් දැනගෙන හිටියෙ නැහැ. අනිත් ලමයි හිනා වෙනව ‘අද උඹට තොප්පියා වැඩක් දෙනව’ කියල. අපිත් එක්ක හිටිය අයි. එල්. ආරියසේන, ඩී වී ගුණපාල සහ තව පුංචිහේවා කෙනෙකුත් හිටිය. ඔය ලමයින්ගෙනුත් ඇහුව. ඒ ගොල්ලත් දන්නෙ නැහැ කිව්ව. දැන් වැඩේ වරදින්නයි යන්නෙ, මම ටිකක් හිනාවෙන්නත් එක්ක කිව්ව, “ඉස්කෝලෙට අත දැම්මොත් පණ්ඩිතයෙක් වෙනව” කියල. තොප්පි ජෝන් උඩ පැනල මගේ ලඟට පැනල දුන්න මගේ කම්මුලට පාරක්. දීල ඇරිය කුමාරගේ මහත්තය ලඟටත්. කුමාරගේ මහත්තය ලඟ තියෙනව සෙන්ටිමීටර් දෙකක් විතර විශ්කම්භය තියෙන වේවැලක්. මට අත් දිගාරින්න කිව්ව, කියල දුන්න හොඳ පාරවල් දෙකක්. දීල තාත්තා එක්ක ගෙන එන්නත් කිව්ව.
ආරියසේන මම හිතන්නෙ එංගලන්තෙ, accountant කෙනෙක් වුනා ගුණපාල පොලිසියට බැඳුණ. පුංචිහේව ගැන දන්නෙ නැහැ.
Sarath Gunatunga - December 12, 2008 at 3:30 am
@ Sarath Gunatunga :
මහත්මයා, මෙන්න අපේ ඉස්කෝලෙ ආදර්ශපාඨය සඳහා පදනම් වුනු ධම්මපද ගාථාව සහ එහි අදහස…
පාලි :
“උදකං හි නයන්ති නෙත්තිකා
උසුකාරා නමයන්ති තේජනං
දාරුං නමයන්ති තච්ඡකා
අත්තානං දමයන්ති පණ්ඩිතා” (ධම්මපද ගාථා : 80)
අදහස :
“දියගෙනෙන්නෝ තමන් කැමති දෙසට දිය ගෙනයන්නේ ද
හී වඩුවෝ හී තල ඇද හැර කෙලින් කරන්නේ ද
ලී වඩුවෝ ලී තමකැමති ලෙස නවන්නේ ද
යම්සේ ද, එළෙසින්,
බුද්ධිමතා තමන්ගේ දිවිය දමනය කරගනියි”
වැඩි තොරතුරු :
01. http://tipitaka.mahamevna.org/Sutta_Pitaka/Majjima_Nikaya/Majjima_Pannasaka/Raja_Vagga/Angulimala_Sutta.html
02. http://www.buddharashmi.org/ChildrensPages/ChildrenShortSermon/tabid/84/Default.aspx
Buddy-J - December 12, 2008 at 8:23 am
අනේ මේ නිදියලා හරියන්නේ නෑ.. උත්තර ලියන්න… ඒ ලියලා වෙලා වැඩි උනාම මම නම් උත්තර ලියන්න හම්‍බවෙන වැඩි පුර කොළ වල ටැටූ ඩිසයින්ස් ඇන්දා.. මතක් වෙන සිංදු ලිව්වා.. හිතට කවි ආවොත් ඒවත් ලිව්වා…හැබැයි ඒ සේරටම කලින් උත්තර දෙපාරක් විතර නැවත කියවලා හිටියා
maleemsg - December 12, 2008 at 10:05 pm
අපි හොඳම ආතල් ගත්තෙ සාපෙ ඉවරවුණු දවසේ. අන්තිමටම ඉතුරු වුණේ චිත්‍ර කරපු සෙට් එක. එදා අපි තව හයමාසෙකට ඇති වෙන්න ආතල් ගත්තා.
සමීර ශාකුන්තල - December 12, 2008 at 11:24 pm
මේ පොස්ට් එකේ 4 වෙනියට මගේ නමින් තියෙන ප්‍රතිචාරය මා යෙදු එකක් නෙවෙයි. ඒක ගැන පොඩ්ඩක් බලනවද, පුළුවන්නම් ඒක delete දානවද. මේ comment එකත් එක්කම.
කරදරයක් වුනා නම් සමාවෙන්න. මේක වුනේ කොහොමද කියන එක ගැටළුවක්.
කසුන් - December 13, 2008 at 12:03 pm