මම උබුන්ටු දැම්මෙමි !

මේ තමයි මම මගේ පරිගණකයේ උබන්ටු මගින් ලියන පළමුවැනි බ්ලොග් සටහන.

shipit.ubuntu.com මගින් ඇනවුම් කළ උබුන්ටු සංයුක්‍ත තැටි 30 ක් මට බදාදා (26) ලැබුනා. දැන් ඒවා බෙදාහරින්න කටයුතු කරන්න ඕනෑ. අපේ මලයා ඉගන ගන්නේ හොරණ තක්‍ෂිලාවෙ නිසා එයා හරහා හොරණ පැත්තෙත් මම විසින්ම මාතරත් මේවා බෙදා හරින්න සියළු කටයුතු සූදානම්.

මට වින්ඩෝස් වලින් නිදහස් වෙලා උබුන්ටු වෙත එන්න නොහැකියාව වෙලා තිබ්බේ උබන්ටු මත ඩයල්-අප් සබඳතා හදන්න නොදැන සිටීම සහ Dreamweaver, Photoshop සහ WAMP යන මෘදුකාංග අතහරින්න බැරි වීම.

නමුත් කොහොමහරි මට උබුන්ටු සංයුක්‍ත තැටි ටික හම්බවුනු දවසෙ වින්ඩෝස් හරහා වෙබ් පිරික්‍සමින් ඉන්න ගමන් මම දැක්කා ශාකුන්තල අයියා විසින් උබුන්ටු මත ඩයල්-අප් සබඳතා සැදීම ගැන UCSC Lodge වෙත දාලා තිබ්බ සටහනක්. ඉතින් එ්ක කියවලා මම හිතුවා අදම වින්ඩෝස් අයින්කරලා උබන්ටු දාන්න ඕන කියලා.

ඉතින් මම බලන රූපවාහනි වැඩසටහන් කිහිපය අතරින් ප්‍රියතම එකක් වන X-Files එදා රෑ 10:30 ඉඳන් 11:30 වෙනකන් තිබ්බා. ඉතින් ඒකත් බලලා ඉවරවෙලා උබුන්ටු දාන්න පටන්ගත්තා. උබුන්ටු ස්ථාපනය 25% ක් වේගෙන එනකොට දෝෂ පණිවුඩයක් ආවා සංයුක්‍ත තැටිය කියවන්න බැරිය කියලා. ඒත් මම නැවත වතාවක් පරිගණකය ප්‍රතිපනගන්වලා ඒ සංයුක්‍ත තැටියම යොදාගෙන නැවත ස්ථාපනය කරන්න උත්සාහ කලා. කොහෙද, ඒත් හරියන්නේ නැහැ. ඔන්න ඔය විදියට තුන් පාරක් විතර උත්සාහ කරලා අන්‍තිමට වෙනත් සංයුක්ත තැටියක් යොදාගෙන ස්ථාපනය කරන්න පටන්ගත්තා. ඔන්න ඒ පාර වැඩේ හරි !

ඊයෙ දවසෙ මම බැලුවේ මගේ අත්‍යවශ්‍යම මෘදුකාංග ලයිස්තුව සඳහා උබුන්ටු ආදේශක ටික ස්ථාපනය කරගන්න. Photoshop සඳහා නම ්ගැටළුවක් වෙන එකක් නැහැ ස්වභාවයෙන්ම උබුන්ටු මත GIMP පිහිටුවල තියන නිසා. නමුත් ඒකෙ වැඩකරන එක ටිකක් මොළේ කචල් වෙන වැඩක්. මොකද එකම මෘදුකාංගයක කොටස් වෙන වෙන කැබලි විදියට තිරයේ දර්ශනය වීම සඳහා අනුගත වීම වින්ඩෝස් හරහා පරිගණකයට අවතීර්ණ වුනු මට ටිකක් නුහුරුයි. ඒ නිසා මම GIMP සඳහා වෙනම ඩෙස්ක්ටොප් එකක් භාවිතා කරන්නයි හිතාගෙන ඉන්නේ. නමුත්, ඒකේ අභ්‍යන්‍තර ක්‍රියාවනුත් මට කාම හරියට පුරුදු නැහැ. නමුත් මම ඒවා පුරුදුවෙන්න උත්සාහ කරනවා. බැරිම වුනොත් දුකටත් එක්ක wine ටිකක් පාවිච්චි කරන්නයි හිතාගෙන ඉන්නේ !

Dreamweaver සඳහා හොඳම ආදේශකය BlueFish කියලා තැන් කිහිපයකම තිබ්බා. ස්ථාපනය කලාමයි දැක්කේ, ඒක සතුව Design View එකක් නැහැ. මම ඔය කේත ලියන එකට වඩා ටක්ගාලා මෙවලම් පෙට්ටි සහ මෙවලම් තීරු සමග වැඩකරන්න කැමතියි. පස්සේ ඒකටත් විසඳුමක් හම්බවුනා. ඒ nvu කියල එකක්. නමුත් තාම ඒක ස්ථාපනය කරන්න උනේ නැහැ.

WAMP සම්බන්ධයෙන් නම් තත්‍වය ටිකක් බරපතලයි වගේ ! මොකද වින්ඩෝස් සඳහා WAMP තනි ස්ථාපකයක් (installer) විදියට ආවත් මෙතැනදි මට Apache, PHP+GD, MySQL සහ phpMyAdmin වෙන වෙනමයි ගන්න තියෙන්නේ.

8 Responses to “මම උබුන්ටු දැම්මෙමි !”

  1. උබුන්ටු ‍ලෝකයට පැමිණීම ගැන මගේ සු‌භ පැතුම්!!!

    GIMP වලට Photoshop ‍වල ඉඳලා එක පාරට පුරුදු වෙන්න අමාරුයි තමයි. හැම තැනම window කෑලි කෑලි තියෙනවනේ. :D . . . ඒ හින්දා GIMP වලට අළුත් කට්ටියට තියෙන හොඳම ආදේශකය තමයි GIMPShop.

    WAMP ගැන නම් බයවෙන්න කිසිම හේතුවක් නෑ. WAMP කියන්නේ Windows, Apache, MySQL, PHP කියන ‍එකනේ. ලිනක්ස් වලට ඒ වගේම LAMP තියෙනවා. ඒ උනාට Windows වල ‍වගේම ලිනක්ස් වලත් භාවිතා කළ හැකි බොහොම ජනප්‍රිය පැකේජයක් තමයි XAMPP (Cross-Platform Apache MySQL PHP Perl)

  2. Welcome.. to the real World. [Morpheus, to Neo in Metrix]
    Real software World is the World where FOSS rules… where the knowledge of the mankind glows.

    මලයා මගේ සටහනෙන් වැඩක් ගත්ත කියල කිව්වම ඇත්තටම ගොඩක් සතුටුයි. චතුර අයිය කියපු XAMPP for Linux හොඳයි.. මමත් ඒකෙන් තමයි වැඩ ගන්නෙ.

    Ubuntu Live CD boot menu එකේ Check disc integrity වගේ option එකක් ඇති. ස්ථාපනය කරන්න පෙර එක් වරක් එයින් CD එක පරීක්ෂා කරන්න.

    wine වලත් හැමදේම හරියට දුවන්නෙ නෑ. මම එකපාරක් GTA Vice City දාල wine වලින් run කරල බැලුව. Tommy Vercetty දුවනවා දුවන‍වා.. මහන්සි වෙන්නෙත් නෑ :D ඌ නවතින්නෙත් නෑ.

    @චතුර,
    මම GIMPShop ගැන දැනං හිටියෙ නෑ. Thanks මචෝ!!

  3. You’re welcome මචෝ. . . :D Wine වල photoshop නම් අවුලක් නැතුව දුවන‍වා කියල ආරංචියි. මම නම් දාල බලන්න ගියෙ නෑ ඒ උනාට.

  4. සුභ පැතුම්

    LAMP දාගන්න ” sudo apt-get install lamp-server” විධානය දෙන්න.

    ඊටත් වඩා ලෙහෙසි ක්‍රමයකුත් තිබෙනවා

    “sudo tasksel” විධානය දෙන්න. අවශ්‍ය tasks/servers තෝරාගන්න.

  5. වයින් මත දුවනේ මොනවද, නැත්තේ මොනවද කියල හරියටම මෙතනින් බලාගන්න පුලුවන්

    http://appdb.winehq.org/

  6. බොහොම අගෙයි! උබුන්ටු වලට ඕන ගේම්ස් ‍එහෙම ගන්න මෙතන හොඳයි ළමයො.

    http://playubuntu.com

    ජයෙන් ජය!

  7. NVU වෙනුවට Quanta Plus Install කලානම් නියමයි. ඒක දාගන්න නම් kdewebdev package එක දා ගන්න ඕනේ. Dreamweaver වලට නියම ආදේශකය මේක තමයි. ජය වේවා!! මගේ blog එකේ ආදේශක ගැන සඳහන් වෙනවා.

    tharaka-lankanet.blogspot.com

    තාරක


Leave a Reply