ඉන්‍දියාවේ විමුක්තිකාමීන් (?)

ඔන්න ඉන්‍දියාවටත් ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වෙලා.

නමුත් මම විරුද්ධයි ඒ ප්‍රහාර එල්ල කරපු අහිංසකයොන්ට “ත්‍රස්තවාදීන්”ය කියල කියනවට. අපි ඒගොල්ලොන්ට කියමු “විමුක්‍තිකාමීන්”ය කියල. මොකද ඒවගේ ප්‍රහාර එල්ල කරන්නත් ඒ පොඩිවුන්ට හේතුවක් තියෙන්න එපැයි. නිකංම “ත්‍රස්තවාදීන්”ය කියන එක හරි නැහැ නොවැ ?

ඒගොල්ලො ප්‍රහාර එල්ල කරන එක අනුමත කරන්න පුළුවන්, නමුත් ඉන්‍දියන් ආණ්‍ඩුව ඒගොල්ලන්‍ට ප්‍රහාර එල්ලකරන එක හරිද මම අහන්නේ ? ඇයි අප්පා, ඒගොල්ලොන්ට එල්ල කරන ප්‍රහාර ඒ අය විසින් ඔය කියන හෝටලයේ රඳවන් ඉන්න අහිංසක සිවිල් ජනතාවට වැදෙන්න පුළුවන් නොවැ ? මම නම් කියන්නේ කාටවත් ගහන්නෙ නැතිව “දේශපාලන විසඳුම”කට එන්න අපි ඉන්‍දියන් රජයට බල කරන්න ඕනය කියලයි.

ශ්‍රී ලාංකික කලාකරුවොන්ටත් මේකට දායක වෙන්න පුළුවන්. ඉන්‍දියන් රජය වහාම “විමුක්‍තිකාමීන්”ට ප්‍රහාර එල්ල කරන එක නවත්වලා ඒගොල්ලො ඉල්ලන දොළ-පිදේනි ඔක්කොම දෙන්නය කියල උපවාසයක් කරමු !

අනිත් අතට අපේ දේශපාලන පක්‍ෂවලටත් පුළුවන් මේ ගැන එක එක විකාර කියවල තම තමංගෙ ඡන්‍ද ගොඩ වැඩි කරගන්න. ඔය රජයේට සම්බන්‍ධවෙලා ඉන්න පක්‍ෂයකට පුළුවන් “ඉන්‍දියන් අර්බුදය” පිළිබඳ ශ්‍රී ලංකා ආණ්ඩුව ක්‍රියාමාර්ගයක් නොගත්තොත් ඒ කට්ටිය රජයෙන් අයින්වෙනවය කියල ලොකු ප්‍රචාරය්ක ගෙනියන්න. ඇත්තටම ඉල්ලා අස්වෙන්න ඕන නැහැ. ටික දවසක් ඕක තැන තැන යි මාධ්‍ය වලයි කිය කියා ඇවිද්දම ඇති !

7 Responses to “ඉන්‍දියාවේ විමුක්තිකාමීන් (?)”

  1. මමත් ඔය ආරංචිය කන වැටුන වෙලෙ ඉඳලා හිතුවෙත් ඕක.

  2. නියම අදහස

  3. අන්න වැඩේ අපිත් කරමු… බ්ලොග් කරුවන්ගේ ඉල්ලීමයි කියලා මොනා හරි ඉන්දියාවේ වැඩ වලට හොට දාන්න මොනවා හරි!

  4. අප නම් ඉතින් සාම වාදියෝ නොවැ. බුදු හාමුදුරුවොත් කියලා තියෙනව නොවැ, “වෛරයෙන් වෛරය නොසන්සිදේ” කියලා. වෙඩි තියද්දි ඉන්දියාවට තිබුනේ උඩින් ගිහින් මල් ඉහින්න.

  5. අන්න වැඩේ…
    ගැහුවොත් අපි උඩින් ඇවිත් පරිප්පු දානව කියමු…..
    නොදැම්මට කමක් නෑ. එහෙම කියමු…….

    හිකිස්…. කලකම් පලදේ කියනවනේ….
    දැන් මොනවද දන්නෙනෑ ඉන්දියන් උපාසකල කියන්නේ….

    සාගරට මල පැනල ඇති අර අහිංසක විමුක්ති කාමීන්ට ගැහුවට…
    අම්මෝ…. කරන්ඩ වටින වැඩක්ද?


Leave a Reply