බල්ලා කියූ දේ…
අද වාරවිභාගේ තිබ්බේ ඉංග්‍රීසි විෂය නිසාත් එය හදා තිබුනේ කිසි කමකට නැති විදියකට නිසාත් පැය තුනේ ප්‍රශ්න පත්‍රයට පැය එක හමාරක් දෙකකින් විතර උත්තර ලියලා ICT Unit එකටත් ගිහිල්ලා Yahoo! පොරකුත් Google කරලා සුදාරක එක්ක විනාඩි 2-3 ක චැට් එකකුත් දාලා 12.50 ට විතර ඉස්කෝලෙන් එළියට ආවා. ඒ ඇවිත් පොඩි සුජාතේ (සුජාතා විද්‍යාලය – ප්‍රාථමික අංශය) පැත්තේ ගිහිංග ස්කූල් සර්විස් වෑන් එකට නැගගත්තා. මොකද 4 වසරෙ නංගි කෙනෙක්ව වෑන් එකට ගන්න ඒ වෙලාවට වෑන් එක එතනට එනවා.
ඊට පස්සේ වෑන් එක ගිහිං නැවැත්තුවා සුජාතෙට පොඩ්ඩක් එහා. මොකද ඒකෙනුත් නංගිලා දෙන්නෙක්ම ගන්න තියනවා නේ ?
ඉතිං ඔහොම පිටි පස්සේ සීට් එකට වෙලා අර නංගි කියන එක එක විකාර අහං ඉන්න ගමන් ම දැක්කා වීදි සරන බල්ලො දෙන්නෙක් හෙමිහිට වැන් එක පාස් කරගෙන පාර දිගේ යනවා. මට මතක් වුනා මම අද ඉස්කෝලෙ ගෙනිච්ච කෑම එක මම කන්න ගත්තේ නැති බව. ඉතින් මම කොහොමත් සත්‍ව කරුණාවන්‍තයා නිසා (සිරාවටම !) මට හිතුනා ඒක අරුං දෙන්නට දෙන්න.
මම අද අරං ගිහිං තිබුනේ අම්මා ගෙදරම හදල දුන්නු පාන් වර්ගයක්. ඉතින් එව්වා දෙකක්ම තිබ්බා. මම අරුං දෙන්නට වෙන වෙනම එවුවා විසි කරා. මම හිතුවේ උන් දෙන්නා තනි තනිව උන්ට ලුබුනු ඒවා භුක්ති විඳී කියල.
කොහෙද, එක බල්ලෙක් ඌට ලැබුනු කෑම එක කටින් ගත්තා. අනිත් එකා ළඟට ගියා. දත් ටික විලිස්සගෙන අනිත් එකාට ලොකු පාට් එකක් දැම්මා. ඉතින් අර අහිංසකයා කන්න කටට ගත්තු එක අපහු බිම දැම්මා. අර ආත්මාර්ථකාමියා තනියෙන් කෑම දෙකටම ගේම දුන්නා. අර අහිංසකයා අනිත් එකා කන දිහා බලාගෙන ඉන්නවා.
දැං කාලෙ බල්ලොත් මනුස්සයො වගේ !
ඉතින් මම මොකක්ද කරන්නේ ? අර අහිංසකයට එක කටක් කන්න ලැබුනේ නැහැ !
ඉතින් මට මතක් වුනේ අද කාලෙ ලෝකෙ පවතින තත්වෙ. ලෝකේ සම්පත් වලින් බහුතරය ජනගහනයෙන් සුළුතරයක් ඉතා සුඛොපබෝගීව දිවි ගෙවන්න යොදා ගන්නකොට ජනගහනයෙන් බහුතරය ඉතිරි සම්පත් සුළුතරයෙන් සෑහීමකට පත්වෙනවා. ඉතින් ඒ කියන්නේ මනුස්සයගෙයි තිරිසනාගෙයි හැසිරීමේ කිසි වෙනසක් නැහැ නේ ?
හැබැයි තව දෙයක්.
අර ආත්මාර්ථකාමියා කාලා ඉවර වුනු ගමන් කොහේද මන්දා දුවල යන්න ගියා. නමුත් අර අහිංසකය අපේ වෑන් එක ගාවට වෙලා අපි එතනින් යනකම් හිටියා. මම වෑන් එකෙන් බැහැලා උගේ ඇස් දෙක දිහාව ටිකක් බලාන හිටියා. ඒක මහ අමුතු බැල්මක්. මන්දා මගේ හිතේ ඇති වුනු එකක්ද කියල, මම ගාව කැමරා එකක් තිබ්බේ නැහැ ෆොටෝ එකක් ගන්න. ඌ මට බය වුනේ නැහැ. අමුතු හැඟීමකින් මගේ දිහා බලං හිටිය කියලයි මට හිතුනෙ. සමහර විට මට නිකං හිතිච්ච දෙයක් වෙන්ටැති.
මට තේරුම් ගන්න බැහැ බල්ලා කියූ දේ…
Loading...
බල්ලා කිව්වද දන්නැ “අර මිනිහා දෙකම කෑවා කියලා”
Danishka - November 25, 2008 at 7:45 am
බල්ලා කිව්වේ බල්ලෝ වගේ මනු සත්තු අතරේ මේ වගේ හොඳ මනුස්ස දරුවොත් ඉන්නවා කියලා.
නිලන්ත - November 25, 2008 at 8:59 am
ඔබ ඔය දැක්කෙ බලපුලුවන්කාර ඇමෙරිකානු හා යුරෝපීයන් විසින් තුන්වන ලෝකයේ අප බොහෝ දෙනෙකුට උරුම කළ / උරුම වෙන බැල්ම.
gayankt - November 25, 2008 at 12:37 pm
සොබාදහම එයයි මලේ…………….
හැකියාවට රැකියාව………
මම මචන් - November 25, 2008 at 2:05 pm
අනේ පව් ඒ බව්වා..! ඇත්ත සත්තව ලොකෙත් මින්සු වගේම තමයි වෙනසක් නෑ… ඇති හැකි එකා නැති බැරි එකාව මඩිනවා!
malee_msg - November 25, 2008 at 3:57 pm
බල්ලා කිව්වේ “මේ යකාට අනිත් පාන් කෑල්ල අරු ගියාම දෙන්න තිබ්බනේ… ” කියලා….
Chathura - November 25, 2008 at 4:29 pm