සිංහල බ්ලොගයක් වෙත බ්‍රහ්මදණ්ඩණය !
බ්‍රහ්ම දණ්ඩණය යනු ශාසන විනයට නොගැලපෙන හැසිරීම් දැරූ බුද්ධ කාලීන චීවරධාරීන් සම්බන්ධව බුදුන් වහන්සේ අනුගමනය කළ ක්‍රියාමාර්ගයකි. අවවාද, පැහැදිලි කිරීම් ආදී ක්‍රම මගින් නිවැරදි මගට නො පැමිණෙන චීවර ධාරීන්ට උන්වහන්සේ දුන් විශාලම “දඬුවම” වූයේ භික්‍ෂු සමාජය අදාළ චීවරධාරියා සමග පවත්වන සියළු සබඳතා නතර කර දැමීමයි. නමුත් ඔහුව චීවරයෙන් නෙරපීමට බුදුන් ඉදිරිපත් නොවූයේ එසේ කිරීමේ හැකියාවක් උන්වහන්සේට නොවූ බැවිනි. මන්ද චීවරය ලැබුමට කිසිවෙකුට එතුමා බල කලේ නැති බැවින්, චීවරය අතහැරුමටද කිසි වෙකුට බල කෙරුමට උන්වහන්සේට බැරිය.
මෙය දැන් මතක් කරන්නේ අපගේ බ්ලොග් අවකාශයේ සාමාජික අඩවියක් පිළිබඳව ඇතු වුනු තත්වයක් නිසාය. මෙම බ්ලොග් අඩවිය “පා පිස්ස”ක් වැනිය. අදහස් සම්බන්‍ධව අප අතර යම් යම් අදහස් ඇති අතර භාෂණයේ ආරක්‍ෂා කෙරුමට, ඊට සීමා නො පැණවිය යුතුය.
කල හැක්කක් ඇත. අපගේ සංසදයේ සහෘදයන් විසින් විවිධ අවස්ථාවල එහි පළ වන පෝස්ටයන් පිළිබඳව දැඩි අදහස් දක්වා ඇත. සංසදයේ බ්ලොග අතුරින් වැඩිමනත් කමෙන්ට් ලබන බ්ලොගයක් බවට එය පත්ව ඇත. එම අඩවියේ මේ හැසිරීමට හේතුව හිට් කවුන්ටර් හුටපටයක් බවත් කනින් කොනින් ඇසෙයි.
ඔබත් එම බ්ලොගයට අදහස්මය වශයෙන් විරෝධි වන්නේ නම්, එකී අදහස් වලට එරෙහිව ගත හැකි ලොකුම ක්‍රියාමාර්ගය ඔහුව “ඔන්ලයින් බ්‍රහ්මදණ්ඩණය” ට ලක් කිරීම හෙවත් කමෙන්ට් ගැසීමෙන් වැලකීමයි. අප දමන දමන හැම කමෙන්ට් එකක් පාසා කතුවරයාට එකී විකෘති අදහස් නිර්මාණය කිරීමට තවත් පෙළඹෙයි.
මාගේ ඉහත අදහස් අදාළ වන්නේ එකී අදහස් වලට විරුද්ධව කමෙන්ට් ලිවීමට ගොස් තමන්ගේ මාර්ගගත විනාඩි සිය ගනන් නාස්ති කරගත් සහෘදයන් වෙතයි. හොඳම විරෝධත්වය එයයි. අපගේ කමෙන්ට් අඩුවන විට අර වැනි විකෘති අදහස් බාල වනු ඇත. ඉල්ලුමට නොවැ සැපයුම ? අප ඉල්ලුමක් නොදෙන්නට වග බලාගනිමු !
නමුත් කිසි ලෙසකින් ඊට එරෙහිව වචනයක් වත් තැනක නොකියන්න. මෙය ඒ පිළිබඳව මා ලියන අවසන් ලියමනයි. එම බ්ලොගය වෙත නොගොස් සිටින තරමට ඔහුගේ “හිට් කවුන්ටරය” පහල බසිනු ඇත.
Loading...
ඉතාමත් වැදගත් අදහසක්……
kawshalatec - November 20, 2008 at 8:26 pm
ඇත්ත. ඒක තමයි කරන්න තියන හොදම දේ!
maleemsg - November 20, 2008 at 8:27 pm
එහෙම කරන එක හොඳයි. ඒත් දන්නේ නැති අය එම අදහස් නිසා අනාථ වෙන්න පුළුවනි
අමල් ඉෂාන්ත - November 20, 2008 at 8:32 pm
සමාවෙන්න මමත් කිහිපවරක් ඊට එරෙහිව මත ප‍්‍රකාශ කරා. නැවත නොකරමි. මොකක්දෝ වෙනත් ඇජෙන්ඩාවක් ඇති බවයි මට නම් පෙනෙන්නේ.
kawshalatec - November 20, 2008 at 8:33 pm
ආ.. ඔය කියන්නේ අර NGO කොටළුවෙක් LTTE එකට කඩේ යාමට භාවිතා කරන බ්ලොග් එකනේ.. මම නම් ඒක එක දවසයි බැලුවේත්.. ..
හොඳ අදහස..
-TW
Tyronne W - November 20, 2008 at 9:09 pm
ආරංචියේ හැටියට ඔය කියන පුද්ගලයා ලියන්නෙත් වෙනත් නමකින් පෙනී සිටිමින්. ප්‍රවේසම් වෙයල්ලා ඔබලත් බිලී බා ගන්න ඒවි. අනේ මගේ බ්ලොග් එක කියවන්න කියල දස වද දේවි.
පහන් - November 20, 2008 at 9:49 pm
කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි!
ඩනිෂ්ක - November 20, 2008 at 10:35 pm
සහතික ඇත්ත. මට කොටි වලිගෙ අල්ලගන්න කලින් අමතක වුණානෙ..
Sameera Shaakunthala - November 20, 2008 at 10:41 pm
මමත් හිතන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය රකින ගමන් මෙහි සඳහන් කරලා තියෙන දෙය කිරීම සුදුසුයි කියලා….
චමිල - November 20, 2008 at 10:58 pm
ෂිහ් කලින් දැක්කනං ෙේක ලියන්ෙේ නෑ.
http://heesara.blogspot.com/2008/11/blog-post_20.html
තරිඳු - November 21, 2008 at 12:53 am
“ඔය කියන්නේ අර NGO කොටළුවෙක් LTTE එකට කඩේ යාමට භාවිතා කරන බ්ලොග් එකනේ”
Mata nam hitthene me kiyanne jathi wadaya awussana, bahu bootha kiyawana Jathika Chinthana blog eka ganai kiyala.
Mahasona - November 21, 2008 at 3:07 am
මම නම් දැන් බයයි. NO COMMENTS SIR !!!
Sarath Gunatunga - November 21, 2008 at 4:25 am
සිංහල ප්‍රභාකරන්ලාට බොහෝම ස්තූතියි.
මතයක හෝ අදහසක වටිනාකම තීරණය කරන්නේ ඒ වටා ගොගැසෙන ඔළු ගෙඩි ගණනින් නොවන බව ශ්‍රී නේරු පවසා තිබේ.
මේවා නොදන්න, සයිබර් අවකාශයේ රස්තියාදු ගසමින් විනෝදයට බ්ලොග් ලියන, කොළඹ කැම්පස් එකේ කඩල විකුණන මල්ලිලා ගැන මම අනුකම්පා කරමි.
හැකිනම් මගේ බ්ලොග් එකට බ්‍රහ්මදණ්නය පනවා පෙන්වන්න. කූඹියාගේ තරමට ලු අර මොකක්ද එක.
http://www.shaninfor.blogspot.com
ස්තූතියි.
ශාන්
shan - November 21, 2008 at 11:24 am
@ Sarath Gunathunga
> මම නම් දැන් බයයි. NO COMMENTS SIR !!!
එහෙම කියන්න එපා.. මගේ බ්ලොග් එකට ඕන කමෙන්ට් එකක් පිළිගන්නවා…
Buddy-J - November 21, 2008 at 12:02 pm
කවුරු හරි හිතුවොත් මගේ වියමණට අදහස් (comments) නැත්තේ බ්‍රහ්ම දණ්ඩණය පනවලා කියලා.
නමුත් බොහොමයක් දෙනා කරන්නේ නම් සමාජයේ අවකැපෙන දෙයක් කියලා ඒ ගැන වන විවේචන වලින් ජනප්‍රිය වීමට උත්සහ දැරීමයි. හොඳම උදාහරණය සිරස. කෙලින්නේම පිස්සු. ඒ පිස්සු හරිගස්සන්න දහසක් දෙනා ඒක බලනවා. ඊට පස්සේ බනිනවා.
නිලන්ත - November 21, 2008 at 2:37 pm
අපි බ්ලොග් ලියන්නේ අපේ විනෝදාශයක් විදියට.කාටවත් ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවද?. නැතුව අපිට ඔය ලියන ඒවට කවුරුවත් සල්ලි දෙන්නේ නෑ. මේක අපේ රස්සාව නෙවෙයිනේ.( අපේ රස්සාව කඩල විකුණන එකලු නේ
හික් හික් ). ඔය office වෙලාවෙ chat කරකර mail account spam කර කර ,බ්ලොග් ලියන අයට නම් මේවා ලියනවට මිල, මුදල්වරප්‍රසාද හම්බ වෙනවා ඇති.
අනුකම්පාව ඕන වෙලා තියෙන්නේ කාටද කියලා
“Some Fascists try to ban my blog. Please Condem it.”
දැක්කම ඕන මොඩයෙක්ට තේරෙනවා. ඔහුට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් ඇති බව අපි හැමෝම කිව්වත් ලියන දෙවල් තමයි ඔය.
පහන් - November 22, 2008 at 9:50 pm
Shan = කමල් නිශාන්ත
මහසෝනා | Mahazona - November 22, 2008 at 10:04 pm
ඉන්නවකෝ මමත් ලියනවා බ්ලොග් එකක් එකේ ලියනවා. මුළු බ්ලොග් ලියන්නන්ගේ සංසදයටම බනිනවා.
හෝ ගාලා සෙනඟ ඇවිත් comments දායි.
සිරිපාල - November 22, 2008 at 10:05 pm
@Shan,
එහෙනං මොකෙන්ද අයියෙ ඒක තීරනය වෙන්නෙ?
පුංචි එකා - November 23, 2008 at 12:53 am
මම නම් ඉතාමත් මෑතකදි මේ බ්ලොග් සීන් එක ට සෙට් උනේ. කිව්වනම් තේරෙන බාසාවෙන් මේ කා ගැන ද කතා කරන්නෙ කියල, අගෙයි.
මම ලියපු කමෙන්ට් මකන අඩවි දෙකක තියෙනවා
එකක් බණ්ඩාරගම කියලා යූ එන් පී ප්‍රචාරක අඩවියක්, අනික සිංහලයා ජාතිවාදී කියලා ඇන් ජී ඕ කොල්ලෙක් ලියන beyondframe කියන එක.
ජාතික චින්තන ප්‍රවාහය ට කමෙන්ට් ලියන එක නතර කරලා නම් බොහොම කල්.
apelogic - November 24, 2008 at 11:14 pm
ශාන්ට බ්ලොග් ලියන්නෙක් විදියට තම අනන්‍යතාවය හෙළි නොකර ඉන්න අයිතියක් තියෙනවා. කවුරු හරි ඒක හෙළිකරන්න හදනවා නම් ඒක වැරදියි. හැබැයි මම ශාන්ගේ අදහස් හා එකඟ වෙන්නේ නෑ ඒක වෙනම කතාවක්.
පහන් - November 25, 2008 at 10:02 pm
කවුරු හරි බ්ලොග් ලියන්නෙක්ගේ අයිතිවාසිකම් ගැන දන්නේ නැත්නම් මේක කියවන්න.
පහන් - November 26, 2008 at 12:37 am
හැකිනම් බ්‍රහ්මදණ්ඩනය පනවා පෙන්නන්න කියපු අය දැං කියන්නෙ Please give Pardon කියලා.
Sameera Shaakunthala - December 5, 2008 at 7:47 pm
විශ්ව විද්‍යාලයට යන්නෙ විශ්ව දැනුමක් ලබා ගන්නයි. එහෙම නැත්නම් වෙන්නෙ ළිං මැඩියෙක් වගෙ හැමදේටම බක බක ගාන්න.
කොළඹ විශ්ව විද්‍යාලයට ගමෙන් ආපු බයියො කිහිප දෙනෙක් ලෝකය විවරණය කරන්න හදන්නෙත් බක බක ගාමින්.
ප්‍රති විරුද්ධ මත වාරණය කරල, මර්දනය කරල ඒවා මැඩ පවත්වන්න හැදුවෙ ගිය සියවසේ දි බව මේ බයියො දන්නෙ නැහැ. සයිබර් ලෝකයේ දී පරණ කතා වලංගු නැහැ. ඒක නොදන්න මාතර පැත්තෙ චුච්චං බබෙක් මගේ බ්ලොග් එක ඇතුළු බ්ලොග් කිහිපයකට බ්‍රහ්ම දණ්ඩනය දාන්න කතා වුණා.අනේද කියන්නෙ.ග්‍රහලෝකාගාරය බලන්න කොළඹ ඇවිත් අතරමං වෙලා අන්තිමට කොළඹ කැම්පස් එකට රිංග ගෙන ඒකෙ කොල්ලන්ට කෙල්ලන්ට කඩල විකුණන බයියො කිහිප දෙනෙකුත් මේ මාතර චුච්චං බබාට සෙට් වුනා.
දැන් නියමයි. කට්‍ටිය සූප්පු කටේ දාගෙන උරමින් අන්ධයො අලිය ගැන කිව්ව වගෙ බ්ලොග් වලට බ්‍රහ්ම දණ්ඩනය දාන්න කතා වෙනවා. නාවලපිටියෙ අමල් මල්ලි මේකට පැටලුනේ 2008/11/20 වෙනිදා. මිනිහත් මේ වැඩේට ෆුල් සපෝට්. ඒත් මිනිහට බැරි වුනා එක දවසක් මේ බ්‍රහ්ම දණ්ඩනයට සහාය දෙන්න. 2008/11/20 දා චුච්චං බබාලත් එක්ක එකග වුන අමල් මල්ලි මෙන්න බොලේ 2008/11/21 දා මගේ බ්ලොග් එකේ ක්මෙන්ට් එකක් දානව. තමන්ගෙ සීලය අමල් මල්ලි කඩා ගත්තෙ එහෙමයි.
ඒ වගේම චුච්චං බබාලගෙ සංගමයේ ගොඩක් අය හොරාට හොරට තහනම් කරන්න කතා කරපු බ්ලොග් වලට රිංගනවා. මේ මෝඩ වැඩේ පටන් ගත්තෙ බුධාජීවගෙ බ්ලොග් අඩවියයි. ඒක කරන මාතර චුච්චං බබා 2008/11/20 ඉදල 2008/12/04 වැනිදා වෙනකම් වැඩියෙන්ම ක්ලික් කරපු බ්ලොග් අතර මගෙ බ්ලොග් එක තිබුණා.
තවත් මොකටද කතා……….
අපිනම් අපේ අදහස් වලට එකග නැති ප්‍රකාශන වර්ජනය කරන්නෙ නැහැ. ඒවා කියවල තමා අපේ අදහස් තවත් පොලිෂ් කර ගන්නෙ. ඒත් මේ චුච්චං බබාල ප්‍රති විරුද්ධ මත වාරණය කරල තමන්ගෙම ලෝකයක චූන් එකේ ඉන්නව. සූස්තිකාරයොත් කරන්නෙ මේකම තමා.
මේ බාලයන්ගේ බ්ලොග් වලට මගේ බ්ලොග් එකේ ලින්ක් එකක් දාල බ්‍රහ්ම දණ්ඩනය ගැන පබ්ලිසිටියක් දුන්නෙ සයිබ අවකාශයේ කෙලින පිස්සු ගැන ලෝකයාට කියන්න. ඒ අනුව මුලින්ම මම කිව්වෙ “Some Fascists try to ban my blog. Please Condem it.” කියල.
ඊට පස්සෙ please give pardon කිව්වෙ බාලයන්ට අනුකම්පා කරන්න ඩ්න නිසා. ඒකවත් නොතේරෙන කඩල මල්ලි කෙනෙක් දැන් නන්දොඩවනවා.
සූස්ති උරමින් කොළඹ කැම්පස් එකේ කඩල විකුණන මල්ලිලාට මම ආයෙත් මෙහෙම කියනවා.
පුලුවන් නම් මගේ බ්ලොග් එක වාරණය කරල පෙන්වන්න.
ඔබට ගංජා සරණයි.
ශාන්.
shan - December 6, 2008 at 1:05 pm
@ shan :
ශාන්ගේ චරිතයේ තවත් පැත්තක් 24 වෙනි කමෙන්ට් එකෙන් පේනවා. හොඳයි මම පිළිතුරු දෙන්නම් !
නොයෙක් නොයෙක් කාරණා ගැන ශාන් ව්ව්ධ දේ කියා කෑගැහුවත් අපේ වැඩෙන් මොහුගේ බ්ලොගයට යම් පහරක් වැදී තිබෙන බව ඉහත කමෙන්ට් එක දිහා බැලීමෙන් පෙනෙනවා.
ලියන්නේ ඇත්ත වුනත් බොරු වුනත් ඔහුගේ පෝස්ටයන් කියවා බැලීමේදී ඔහු ඉදිරිපත් කරන කරුණු ඉදිරිපත් කිරීමේ දක්‍ෂකමක් තිබෙන අයෙකු බව පැහැදිලියි. නමුත් මේ කමෙන්ටය ලියන විට ඔහුගේ ඒ සවභාවය සම්පූර්ණයෙන්ම අතුරුදහන්වෙලා. ඔහු මේ කමෙන්ටය පුරාවට සිදුකොට ඇත්තේ පුද්ගල අපහාස කිරීමට මිසක්, අපගේ මතයන් තර්කානුකූලව බිඳදැමීම නොවෙයි.
මෙකී ශාන් නැමැත්තා මා හඳුන්වා ඇත්තේ “චුච්චං බබෙක්” යනුවෙන්. ඔහු මා එසේ හැඳින්වූවත්, මගේ මේ පෝස්ටයෙන් ඔහුට රිදී තිබෙන බව පැහැදිලියි. “මේ මෝඩ වැඩේ පටන් ගත්තෙ බුධාජීවගෙ බ්ලොග් අඩවියයි” යනුවෙන් ඔහු කෙඳිරිගාන්නේ ඒ නිසා බව පැහැදිලියි.
ශාන් නැමැත්තා හට ශ්‍රී ලංකාව වෙනුවෙන් කට අරින චුච්චං බබෙක් නිසා ඔපමණ රිදෙනවානම්, ශ්‍රී ලාංකික සැබෑමතය ඔහු ඉදිරියට පැමිණි දවසක මේ මහබබා කලිසම තෙත්කරගන්නවා නියතයි !
ඔහු කමෙන්ටයට ප්‍රවේශය ලබාගන්නේද වැරදි තැනක හිඳිමින්. ඔහු මෙය අරඹන්නේ,
එහෙම නැත්නම් වෙන්නෙ ළිං මැඩියෙක් වගෙ හැමදේටම බක බක ගාන්න.
යනුවෙන් පවසමින්. නමුත් මෙය අප සඳහන් කරමින් සිටි කරුණු කෙරෙහි කිසිදු සබඳතාවක් දක්වන ප්‍රකාශයක් නොවේ. ඔහු අපව ළිං මැඩියන්යැයි හඳුන්වන්නේ ඔහුගේ මතයට එරෙහි වන නිසාද ? අප ඔහුගේ උන්මත්තක ප්‍රකාශයන්ට එකහෙළා එකඟවන්නෝ වෙමු නම්, අප ළිං මැඩියන් නොවන්නේද ? එසේත් නැතිනම් ළිං මැඩියන් නොවන්නට අප විසින් කළ යුත්තේ ශාන් ගේ මව්බිම වන ඇමරිකාව මෙන් කෑලි කැඩුනු ෆෙඩරල් ශ්‍රී ලංකාවක් බිහි කිරීමද ?
මොහු ඉන් අනතුරුව “වාරණය” නම් අළුත් වදනක් අප සංවාදය හමුවට ගෙනවිත් ඇත. මේ සංවාදය තුලදී මෙම වදව පළමුවරට භාවිතා කළේ ශාන් විසින් මේ අවස්ථාවේදීය. අප විසින් කිසිම අවස්ථාවක ශාන්ගේ බ්ලොගය වාරණය කළයුතු බව නොකීවෙමු. එසේ නොකියන ගමන්ම මා මෙවන් ප්‍රකාශයක්ද කර ඇත්තෙමි :
“අදහස් සම්බන්‍ධව අප අතර යම් යම් අදහස් ඇති අතර භාෂණයේ ආරක්‍ෂා කෙරුමට, ඊට සීමා නො පැණවිය යුතුය.”
මොහු විසින් බරපතළ ලෙස පොටවරද්දාගෙන ඇති බව පෙනේ. අනෙක් අතට පැහැදිලි ඔප්පු කිරීම් වලින් තොරව තමන්ගේ අදහස්වලට විරුද්ධ වන පිරිසකට මඩ ප්‍රහාර එල්ල කරන මෙවැන්නෙකුගෙන් ඉන් එහා දෙයක් බලාපොරොත්තු විය යුතු නොවේ.
ඔහු තවත් මන්ද බුද්ධික ප්‍රකාශයක් කරමින් සඳහන් කරන්නේ චුච්චං බබා 2008/11/20 දින සිට 2008/12/24 වන තෙක් “වැඩියෙන්ම ක්ලික් කරපු අඩවි” අතර ඔහුගේ බ්ලොගයද තිබූ බවයි. අපට ළිං මැඩියන් හා ගමේ බයියන් – ඔහුට හරි වචනය අමතක වෙලා. එය “ගමේ බයියන්” නොව “ගොඩේ බයියන්” වියයුතුය. ආදරේට කියන්නේ “බඩේ ගොයියා” කියාය. – යනුවෙන් ආමන්‍ත්‍රණය කොට තමාගේ චරිත ස්වභාවය ප්‍රදර්ශනය කරන මොහු හරි “පොෂ්” සහ “ස්මාර්ට්” පොරක් විය යුතුය. නමුත් මට පෙනෙන්නේ එය එසේ නොවන බවයි. මන්ද, ඔහු සිතා සිටින්නේ මගේ බ්ලොගයේ “වැඩිපුරම ක්ලික් කරපුවා” යටතේ දැක්වෙන්නේ WordPress මෘදුකාංගය විසින් මා යන එන වෙබ් අඩවි පිළිබඳ පරීක්‍ෂාවෙන් සිට මා වැඩිපුරම ගිය අඩවි එහි ලයිස්තුගත කරන බවයි.
ශාන්, එය එසේ නොවේ – නොදන්නා දෙයක් චුච්චං බබෙකුගෙන් දැනගැනීම කෙතරම් ලැජ්ජාවක්ද, නේ ? – එහි දැක්වෙන්නේ මේ බ්ලොගයේ ඇති සබැඳි කිලික් කර මෙහි පාඨකයන් වැඩිපුරම පිවිසි අඩවි වල ලයිස්තුවයි.
එයද එසේ වී ඇත්තේ මා ඔබේ බ්ලොගයට සබැඳියක් මෙහි දැමීම නිසා නොව, ඔබ විසින් කමෙන්ටයන් දමනා විට ඒ සමග මෙහි රැඳෙන ඔබගේ බ්ලොගයේ සබැඳිය නිසාය.
ඉතින් දැන් “තවත් මොකටද කතා………” කියමින් ඔබ කියන්නට සූදානම් වූ දේ නොකියා ඉඳිමෙන් පළක් නැත. ඔබගේ අර “වැඩිපුර ක්ලික් කෙරුම් තර්කය” බිඳවැටී හමාරය.
හොඳින් ලියන්නට වගේම, අන් අය ලිවූ දේ තේරුම් ගැනීමත් අවැසියි. මම කිසි දිනක ඔබගේ අඩවියට නොයන ලෙස නොකීවෙමි. මා ප්‍රකාශ කළේ :
එම බ්ලොගය වෙත නොගොස් සිටින තරමට ඔහුගේ “හිට් කවුන්ටරය” පහල බසිනු ඇත.
යනුවෙනි. මා හට අවැසි අපගේ කමෙන්ටයන්ගේ ඇති අදහස් මගින් ඔබගේ විකෘති අදස් තවත් කුලප්පු වීම වැලැක්වීමටයි.
තවත් දෙයක්, ඔබේ බ්ලොගයේ “Some Fascists try to ban my blog. Please Condem it.” යනුවෙන් සබැඳියක් දැම්මේ මගේ බ්ලොගයට පබ්ලිසිටි දෙන්න ද ? අනේ බොහොම ස්තූති ! හැබැයි අපරාදෙ, ඔබ එතැනට කොටි වෙබ් අඩවියකට සබැඳියක් දැම්මනම්, කීයක් හරි හොයාගන්න තිබ්බා.
අපට කොච්චර අපහාස කළත් ඔයා අපිට කරුණාවයි නේද ? ඒකනේ “please give pardon” කියල දාල තියනවය කියන්නේ ? අපි පව්ද ? ඔයා එහෙම නොකිව්වනං කොටි මහත්තුරු ඇවිල්ල අපිව උස්සං යයිද ?
–
ඔබට අවැසි තරම් අපහට පුද්ගල අපහාස කරන්න. එය ඔබේ සැබෑ මුහුණුවර අන් අයට තේරුම් ගැනීමට පහසුවක් වේවි. අනෙක් අතට කොපමණ අපහාස කරල තිබ්බත් ඒ කමෙන්ට්ස් අපි අයිං කරයි කියල හිතන්න එපා. මොකද ඔබේ ඒ කමෙන්ට්ස් අන් අයගේ බ්ලොග වල තිබීමෙන් බලන්නන් වටහා ගන්නේ බ්ලොගයේ හිමිකරුගේ ස්වභාවය නොව, කමෙන්ටයේ හිමිකරුගේ තරමය. එනිසා, ඔබ කුණු කමෙන්ට් ගහන්න ගහන්න වාසිදායක අපට බව මතක තබාගන්න.
ගංජා ගහන්න එපා. ඔබ මැරුනොත් කොටි හඬ සිංහලෙන් ගෙනෙන්න කෙනෙක් නැති වෙනවා !
ඔබ අදහන දෙවි දේවතාවෙකුගේ පිහිටයි !
Buddy-J - December 7, 2008 at 4:46 pm
AWAIT A REPLY
SHAN
shan - December 8, 2008 at 12:28 pm
@shan :
Why not ?
I will be right here waiting for your reply.
Buddy-J - December 8, 2008 at 2:14 pm
අවසානයේ චුච්චන් බබා ද කට ඇරියේ ය.
චුච්චන් බබා කරන්න උත්සාහ කරපු ගිය සියවසේ වැඩකට සෙට් වෙච්ච කොළඹ කැම්පස් එකේ කඩල විකුණන මල්ලිලාගේ කැරුට්ටුව ගැන කියන්නට ගොස් රිදී ඇත්තේ චුච්චන් බබා ට ය.
ළිං මැඩි කතාවක් මා කිවුවේ මේ සුකිරි බටිල්ලන්ගේ දැනුම ගැන ප්‍රකාශ කිරීමට ය. ළිං මැඩියා ළිදේ දිග පළල පමණක් දන්නා සේ අපට බ්‍රහ්ම දණඩනය පැන වීමට එන්නන් ද දන්නේ මේ කොදෙව්වේ දිග පළල පමණක් යැයි පැවසීමටය. එහෙත් චුච්චන් බබා එයද තේරුම් ගෙන ඇත්තේ වැරුදියට ය. ඒ ගැන විෂයානු බද්ධව කතා නොකර කොහේවත් නැති ඇමෙරිකාවක් ගැන කතා කරයි. ඇමෙරිකන් කාරයන් තම යුධ අවි අළෙවි කර ගැනීමට අවුලවන යුද්ධය දේශ්ප්‍රේමී යුද්ධයක් ලෙස හදුන්වමින් මගේ මව්බිම ඇමෙරිකාව යැයි පවසයි.
හොදයි එසේ සිතමු. එසේ නම් මම මෙසේ කියමි. කොල්ල කාරී ධනවදය පතුරවමින් ලෝකයම මංකොල්ල කන ඇමෙරිකාව ශ්‍රී ලංකාවේ යුද්ධයට සම්පූර්ණ ආධාර දෙමින් තම අවි ආයුධ විකුණා ගනී. මම මෙම ජන ඝාතක යුද්ධය හෙළා දකිමි. ඔබ ඔය තරම් ඇමෙරිකාවට විරුද්ධනම් ඇමෙරිකන් බූවල්ලාගේ ශ්‍රී ලංකා යුද්ධයට කැමැති වන්නේ ඇයි?
බැසිල්, ඝෝටා හා ආණ්ඩුවේ තවත් අය නම් ඇමෙරිකන් පුරවැසියන් බව මතක තබා ගන්න චුච්චන් බබෝ…..
වාරණයක් ගැන මා පැවැසුවේ ප්‍රථම වතාවට ලු. බ්‍රහ්මදණ්ඩ යනු කුමක් ද? වාරණයක් නොවේ ද? ආණ්ඩුව මේ ජනඝාතක යුද්ධය කරන්නේ ද ඔය වැනි බොළද තර්ක මතිනි. ආණ්ඩුව කියන්නේ නැගෙනහිර අවසන් කළේත් උතුරේ දියත් කර ඇත්තේත් මානුෂික මෙහෙයුමක් බවයි. අදෝමැයි…. මානුෂික මෙහෙයුමේ දීත් මිනිස්සු මැරේනම් යුද්ධයේ මානුෂික ස්වරූපය කුමක් ද?
චුච්චන් බබා කියන්නේ ද එවැනි කතාවකි. කරන්නේ බ්‍රහ්ම දණ්ඩනයක් ලු. ඒ උනාට වාරණයක් නොවේ ලු. අනේ චුච්චන් බබෝ .. පාඨකයන්ගේ බුද්ධියට සමච්චල් කරන්න එපා.
ඊ ලග කතාව මම මඩ ගහනවා යැයි පැවසීමය.
කොළඹ කැම්පස් එකේ කඩල මල්ලිලා පසු ගිය දිනවල බ්ලොග් අඩවි පුරා අප වැන්නන්ට ගැසුවේ මඩ ද වැලි ද චුච්චන් බබෝ…………….?
මා ඇතුළු යුද විරෝධි බ්ලොග් කරුවන් එන්.ජී. කරුවන් බවත්, බඩ ගෝස්තරය සොයා ගන්නේ එලෙස බවත් කීවා මතක නැද්ද?
තුට්ටුවට දෙකට ජාතිය පාවා දෙන බව කීවා මත්ක නැත්ද?
අසභ්‍ය වචනයෙන් බැන වැදුනා නොදුටුවාද?
අරකා මේකා යැයි අශිෂ්ට බසින් ආමන්ත්‍රණය කරමින් තර්ජනය කළ අමතකද?
ඌරන්ට ද මඩෙහි ඇති පිළිකුල දැනී ඇත. එහෙත් ඌරන් මඩ ගැන කතා කිරීම තරම් තවත් විහිළුවක් තිබේ ද?
මේ අල්ල පනල්ලේ චුච්චන් බබා ඇතුළු සියලු බබාලා මගේ මූලික තර්කයෙන් පැන යති.
මා කිව්වේ බ්‍රහ්ම දණ්ඩනයට එකග වූවන් පවා එම එකගතාව කඩමින් මගේ බ්ලොගය බලන බවත් ප්‍රතිචාර දමන බවත් ය.
ඊට චුච්චන් බබා මොකුත් නොකියයි.නාවලපිටියේ අමල් ද චුච්චන් බබා ලා ද මගේ බ්ලොගය තවමත් බලන බව මා කියන තරකය ගැන කතා නැත.
වැඩියෙන්ම ක්ලික් කරන බ්ලොග් ගැන තාක්ෂණික පැහැදිළි කිරීම් කරමින් ද මගේ තර්කයෙන් පැන යයි. චුච්චන් බබා තක්ෂණික පැහැදිලි කිරීම් කොහොම කළත් ඔප්පු වන්නේ චුච්චන් බබා ලා මගේ බ්ලොගය වැඩියෙන්ම බලා ඇති බවය. එසේනම් බ්‍රහ්ම දණ්ඩනයට සිදු වූයේ කුමක් ද චුච්චන් බබෝ………?
මම ගංජා කතාවක් කීවෙමි. ගංජා බී චූන් වූ විට සිනා සෙයි. අත් පුඩි ගසයි. සිංදු කියයි. චුච්චන් බබා ට ද සිදුවී ඇත්තේ එයයි.විෂයානු බද්ධව තාර්කික නොවන බබා ලා ඒකපාර්ශිකව තීරණ ගනී. ඔහුගේ 24 වැනි ප්‍රතිචාරය ආරම්භ කර ඇත්තේම මෙවැනි අපේ චූන් අපට හොදයි ආකාරයට ය. බ්‍රහ්ම දණ්ඩනය නිසා මගේ බ්ලොගයට පහරක් ඇදී ඇති බව බබා කියයි. අනේ බබෝ මොකක්ද මේ පහර?
කට වාචාල කම කිසිම තාර්කික විද්‍යාවකට ගෝචර නැත.
ඊලගට චුච්චන් බබා කොටි හඩක් ගැන පවසයි. මා කොටියකු නම් මට එල්ටීටීඊ ය විවේචනය කළ හැකිද?
එල්ටීටීඊ ය මෙන්ම දකුණේ රාජපක්ෂ සමාගම ද එක ලෙස එකම ආකාරයෙන් හැසිරෙන මිලේඡ්යන් පිරිසකි. හැකිනම් මේ විවේචනය ඔබත් කරන්න.
නන් දෙඩවීමෙන් ගැලරිය චූන් කළ හැකිය. එවිටම බුද්ධියට නිගා සිදුවේ.
චුච්චන් බබෝ මේවා ඔබට නොතේරෙන බව මම දනිමි.
එනිසා බුදු වදනක් ඔබට මම සිහි කරමි.
ධර්මය අසන්න, ධර්මය දරන්න, ධර්මයේ හැසිරෙන්න.
shan - December 9, 2008 at 10:40 am
සියල්ලට පළමුව ශාන් නැමැත්තා වෙත මාගේ අරමුණ කුමක්ද යන්න හා එකී අරමුණ ක්‍රියාත්මක කිරීම වාරණයක් නොවන්නේ මන්ද යන්න පිළිබඳ පැහැදිලි කිරීමට කැමැත්තෙමි.
මොහු වාරණය සහ බ්‍රහ්මදණ්ඩන්‍ය යන්න අතර වෙනස නොදනී. වාරණයක් යනු ඔබට ඉහල පුද්ගල ස්ථරයක් විසින් ඔබ සතුව ඇති අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය බාධාවට ලක්කිරීමයි. ඒ සඳහා විවිධ ක්‍රමවේද යොදාගන්නට ඔවුන්ට හැකිවනු ඇත. අල්ලස් දීම, තර්ජනය කිරීම, අයිතීන් අහිමි කිරීම (ඔබගේ මහජන හිතකාමී එජාප ආණ්ඩුවක් විසින් සිරිමා මැතිණිය කෙරෙහි එවන් ප්‍රතිපත්තියක් අනුගමනය කරනලද බව මම අසා ඇත.), අදහස් ප්‍රකාශනයේ මාර්ග වෙත බාධා කිරීම ආදී ක්‍රම ඒ සඳහා යොදාගත හැකිය.
බ්‍රහ්මදණ්ඩණය යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි යන්න මේ සම්බන්‍ධව මාගේ පළමු ලිපියේම දැක්වේ :
“…චීවර ධාරීන්ට උන්වහන්සේ දුන් විශාලම “දඬුවම” වූයේ භික්‍ෂු සමාජය අදාළ චීවරධාරියා සමග පවත්වන සියළු සබඳතා නතර කර දැමීමයි”
එනම්, බ්‍රහ්මදණ්ඩණය එක් යමෙකු වෙත වේද, ඔහුගේ හැසිරීම සම්බන්‍ධව කිසිදු බලපෑමක් අන්‍යන් විසින් නොකරන අතර, එකී පුද්ගලයාගේ ක්‍රියාවන් උද්දීපනය වන ආකාරයේ ප්‍රතිචාරයන් හට යොමුවීමෙන් වැලකීමට අන්‍යන් ගිවිස ගනිති. එමෙන්ම අන්‍යයෝ සියළු දෙනද එයට එකඟවීම අවැසි නොවේ.එනයින් බලනකළ සම්මුතියකට එළඹෙන්නේ අන්‍යන් මිස අදාළ පුද්ගලයා නොවේ. මෙය සියළුම පුද්ගලයන්ට තමන්ගේම මතය අනුව ක්‍රියාකළ හැකි ස්ථානයකි.ඔහුට අවැසි නම් ඔහුගේ ක්‍රියා දිගටම පවත්වාගෙන යාහැකි අතර, අවැසිනම් අන්‍යන් ඔහු ප්‍රතික්‍ෂේප කිරීමට හේතුව පරීක්‍ෂාකර බැලියහැකි අතර, අවැසිනම් තමන්ගේ මතය දරණ පිරිසක් සමග එක්වී කටයුතු කළ හැකිය. එයට හේතුව මෙවන් කණ්ඩායමක – අපගේ බ්ලොග් සංසදය ඉතා හොඳ උදාහරණයකි – කිසිවෙක් කිසවෙකුට ඉහළ හෝ පහළ නොවන අතර කැමති නම් පැමිණිය හැකි අතර කැමති නම් ඉවත්ව යාහැකිය. පැමිණීමට හෝ ඉවත්වීමට කිසිවෙකුට බල කිරීමට කිසිවෙකුට නොහැකිය.
මා විසින් ලියන ලද “සිංහල බ්ලොගයක් වෙත බ්‍රහ්මදණ්ඩණය !” යන ලිපියේ පරමාර්ථය වූයේ මා වැනි ශාන් නැමැත්තාගේ අදහස් වලට විරුද්ධ වෙමින් සිටින සහෘදයන් වෙත කළ හැකි හොඳම දේ යනුවෙන් මා දකින ක්‍රියාව යෝජනා කිරීමයි. එය පහත දැක්වේ :
“ඔබත් එම බ්ලොගයට අදහස්මය වශයෙන් විරෝධි වන්නේ නම්, එකී අදහස් වලට එරෙහිව ගත හැකි ලොකුම ක්‍රියාමාර්ගය ඔහුව “ඔන්ලයින් බ්‍රහ්මදණ්ඩණය” ට ලක් කිරීම හෙවත් කමෙන්ට් ගැසීමෙන් වැලකීමයි. අප දමන දමන හැම කමෙන්ට් එකක් පාසා කතුවරයාට එකී විකෘති අදහස් නිර්මාණය කිරීමට තවත් පෙළඹෙයි.
මාගේ ඉහත අදහස් අදාළ වන්නේ එකී අදහස් වලට විරුද්ධව කමෙන්ට් ලිවීමට ගොස් තමන්ගේ මාර්ගගත විනාඩි සිය ගනන් නාස්ති කරගත් සහෘදයන් වෙතයි. හොඳම විරෝධත්වය එයයි. අපගේ කමෙන්ට් අඩුවන විට අර වැනි විකෘති අදහස් බාල වනු ඇත. ඉල්ලුමට නොවැ සැපයුම ? අප ඉල්ලුමක් නොදෙන්නට වග බලාගනිමු !”
ඉදින් ශාන් නැමැත්තා තවමත් වාරණය සහ බ්‍රහ්මදණ්ඩණය සම්බන්ධව වැරදි වැටහීමෙන්ද ?
ළිං මැඩි කතාවක් කීමෙන් මොහු අදහස් කොට ඇත්තේ අපගේ දැනුමේ දිග – පළල ගැන කීමයි. පැහැදිලිව අසන්නෙමි, අප විසින් අපගේ මතය සදොස් හා ඔබගේ මතය නිදොස් යැයි පිළිගැනුමට අපගේ දැනුමේ අඩුවී ඇත්තේ කුමක්ද ? එසේ නැතිව අලංකාර – වර්ණනා – ප්‍රස්ථාවපිරුළු යොදමින් ලිවූ පළීයට අදහස් වටින්නේ නොවේ.
ඇමරිකාවට අවැසි අන් රටවල අභ්‍යන්‍තර ගැටළු අවුළුවා ඔවුන් ලෝකෙට ලොක්කා වීමට බැව් මම දනිමි. ඇතැම්විට වෙළුපිල්ලේ පිරපාහරන් යනු ඇමරික් අතකොළුවක් පමණක් වීමට වුවද ඉඩ තිබේ. නමුත් මගේ තර්කය මෙයයි, උණ්ඩය උණ්ඩයෙන් පරාජය නොකොට අප පමණක් සාමයේ දෑත් දිගු කරන්නේ නම්, සිදුවිය හැක්කේ කුමක්ද ? පසුගිය වාර කිහිපයකදී අපට සිදුවුනේ අප සාමයේ අත දිගුකරනා විට ඔවුන් අපගේ කොලේ වසා ආයුධ එක් කොට පසුව සාකච්ඡා මේසයෙන් ඉවත් වීම නොවේද ? සියළුම අසාර්ඛත සාමකථා ප්‍රයත්නයකින් පසුවම කොටියා වර්ධනය වූ වෙඩි බලයෙනුත් වැඩුනු මානසිකත්වයකිනුත් පහරදුන්නේ නොවේද ?
මේ කොටියා මස් රාත්තලම ඉල්ල වර්ගයේ එකෙකු නොවේ. මොහුට මස් රාත්තල දුන් පසු තවත් ටිකක් ඕනෑ වනවා නියතයි !
ඔබ බැසිල් සහ ඝෝඨාභය ගැන කතා කරයි. මා මේ ආණ්ඩුවේ සියළු ක්‍රියාකාරකම් අත් දෙකම උස්සමින් අනුමත කරන අන්ධයෙකු යැයි සිතන්නේ නම් එය ඔබ බරපතල ලෙස වරද්දාගත් තැනකි. මේ ආණ්ඩුවේ යම් යම් ක්‍රියාවලීන් පිළිබඳ මා හට විවේචන තිබෙන බව සැබෑය. නමුත් එසේ කියා බටහිරගැති වික්‍රමසිංහ නායකත්වය දරන එජාපයකට රට බාරදී, උතුරත් නැගෙනහිරත් යළි එක් කර වේළුපිල්ලේ පිරපාහරන්ටත්, රටේ ඉතිරි ටිකේ වටිනා දෑ පිටරටට විකුණා දැමීමටත්, ඇමරිකන් කොඩියට තවත් තරුවක් එක් කිරීමටත් මෙරට ජනයා කැමතිවෙතැයි සිතීම සිහිනයකි.
ඔබගේ වැඩියෙන් ක්ලික් කෙරුම් තර්කය බොළඳ එකකි. ඔබට පෝස්ටයන් ලිවීමට මෙන්ම අයිතියක් ඒවා කියවීමට අන්‍යන්ට ඇත. නමුත් ඔබගේ අදහස් කුලප්පු කිරීමට හේතුවන පරිදි ඒ ගැන අදහස් ප්‍රකාශකිරීම ඒ ඒ පුද්ගලයාගේ කැමැත්ත වේ.
හැකිනම් ඔබ මෙහි කමෙන්ට් දමනා විට, ඔබගේ බ්ලොගයේ ලිපිනය සඳහන් නොකොට එය කරන්න. එවිට ඔබේ බ්ලොගය වෙත සබැඳියන් නිර්මාණය වීම වැලකෙනු ඇත.
අප දෙදෙනාම ප්‍රධාන ගැටළුව පසෙකතබා මතුපිටින් පෙනෙන දේ ගැන තර්ක කිරීමේ පළක් නැත. ත්‍රස්තවාදියා තුවක්කුව අතට ගත්තේ දෙමළ ජනයාවෙත සිංහල මහ ජාතියෙන් අකටයුතු කම් සිදුවන බව කියමිනි. පරණ කතා නැතිව වත්මනෙහි දෙමළ ජනයාට සිංහලයා වෙත සිදුවන අකටයුතුකම් මොනවාදැයි කියන්න.
ත්‍රස්තවාදයේ පිළිලය ත්‍රස්තවාදියාට තේරෙන බාසාවෙන් පිළිතුරුදී අතුගාදමා අප සියළු දෙනාටම ශ්‍රී ලාංකිකයන් ලෙස දිවිගෙවිය නොහැකියයි ඔබ සිතන්නේද ?
සියළු ගැටළුවලට හේතුව රාජපක්‍ෂ රජයබවත්, සියල්ලට විසඳුම කොටියාට ගහන තරමක් ගහන්නට ඉඩදී අත්බැඳගෙන නිකම් සිටීම බවත් ඔබ සිතනවානම් ඔබ බොහෝ බරපතල ලෙස වරද්දාගෙන ඇත්තේය.
Buddy-J - December 9, 2008 at 11:49 am
මෙම සංවාදයේ මූලික තර්කය වූයේ මගේ බ්ලොගයට බ්‍රහ්ම දණ්ඩනය පැනවීමට අන්තවාදීන් ගෙන ආ යෝජනාවකි. එහෙත් දැන් ඒ ගැන හැර අන් සියල්ල ගැනම කතා කරයි. ඇමෙරිකාව , යූඑන්පිය, දෙමළ ජනතාවට ඇති ප්‍රශ්නය මේ ආදී වශයෙන් කතා නොකරන දෙයක් නැත.
චුච්චන් බබාලා ළිං මැඩියන් බව මා කියන්නෙ එබැවිනි. විෂයානු බද්ධව කතා නොකර නන් දොඩවන්නේ දැනුම නොමැති බැවිනි. දැනුම නැත්තේ ළිං මැඩියන් නිසාය. මගේ ක්‍රමය අදාළ තැනේදී අදාළ දේ කතා කිරීමය.
බ්‍රහ්ම දණ්ඩනය ගැන කතා කිරීමට ගොස් මා ගෙන ආ තර්කය වූයේ මෙයයි. කවුරු කොහොම බ්‍රහ්ම දණ්ඩන ගෙන ආවත් මගේ බ්ලොගයට පැමිණීම නතර වී නැති බවත් බ්‍රහ්මදණ්ඩනය පැනවීමට සූදානම් වූ අය පවා එම ශීලය කඩ කරමින් මගේ බ්ලොගය බලන බවයි.
නමුත් මේ තර්කයට තවමත් පිළිතුරක් නැත.
අවසානයට ගෙනා 29 සටහනෙන් චුච්චන් බබා ඊට කියන්නේ මෙවැනි කතාවකි.
…………………………………
“ඔබගේ වැඩියෙන් ක්ලික් කෙරුම් තර්කය බොළඳ එකකි. ඔබට පෝස්ටයන් ලිවීමට මෙන්ම අයිතියක් ඒවා කියවීමට අන්‍යන්ට ඇත. නමුත් ඔබගේ අදහස් කුලප්පු කිරීමට හේතුවන පරිදි ඒ ගැන අදහස් ප්‍රකාශකිරීම ඒ ඒ පුද්ගලයාගේ කැමැත්ත වේ.”
…………………………………
මා කියන්නේත් ඩ්කම තමා. ඒ අනුව ඔබලාගේ බ්‍රහ්ම දණ්ඩනය අසාර්ථක බව දැන්වත් තේරෙනවා ද?
බ්‍රහ්මදණ්ඩනය හා වාරණය දෙකක් බව චුච්චන් බබා කියයි.
බුදු හිමි බ්‍රහ්ම දණ්ඩනය පැන වූයේ කරුණා පෙර දැරිවය. මිනිසෙකු යහ මගට ගැනීමට ය. සහෝදරාත්මකවය.
නමුත් ලේ දැකීමේ නොතිත් ආසාවෙන් පෙලෙමින් දෙමළ ජනයා සමූල ඝාතනය කිරීමේ යුද්ධයකට පක්ෂව අත ඔසවන චුච්චන් බබාලා කටයුතු කරන්නේ ඒ අර්ථයෙන් නම් නොවේ. බුදු හිමියන්ගේ දහම අනුව උණ්ඩය පරාජය කළේ ද සාමයෙනි. උණ්ඩයට උණ්ඩයෙන් පිළිතුරු දීමේ ක්‍රමයක් මා අසා නැත. ඒ නිසා බ්‍රහ්ම දණ්ඩනයේ මුවාවෙන් චුච්චන් බබා ලා ගෙන ආවේ වාරණයකි. ඒ වාරණය දැන් පරජය වී ඇත…………..
විෂයානු බද්ධව කතා නොකරන චුච්චන් බබා මෙම සංවාදයට සම්බන්ධයක් නැති සම්ප්‍රදායික ප්‍රශ්න කිහිපයකින් අදාළ ප්‍රශ්නය මග හරී.
1. අපි සාමයට අත දිග් කරා. ඔහුන් ඒක මග හැරියා.
2.දෙමළ ජනතාවට ඇති ප්‍රශ්නය කුමක් ද?
3. ත්‍රස්තවාදයට තේරෙන භාෂාවෙන් පිළිතුරු දීම.
මේ ප්‍රශ්න ගැන කතා කිරීම මෙම සංවාදයට අදාළ නැත. එහෙත් චුච්චන් බබා නම් කියන්නේ එයම කතා කළ යුතු බවකි. ඒ පිට්ටනියේ දී නිදා ගැනීමත් නිදන කාමරයේ දී ක්‍රිඩා කිරීමත් ඔහුගේ ක්‍රමය වන බැවිනි. අදාළ දේ අදාළ තැනේදී කිරීම මගේ සිරිතයි.
එම නිසා බ්‍රහ්ම දණ්ඩනයට අදාළව පැන නැග ඇති මූලික ප්‍රශ්නයට පිළිතුරු නොදෙන්නේනම් තවදුරටත් කතා කිරීම මගේ කාලය කා දැමීමකි.
එහෙත් චුච්චන් බබාලා ට එකක් පැවැසිය යුතුය.
ඔබ පසු වන්නේ නව යෞවන වියේය. නමුත් යුද්ධයට අදාළව ඔබ දරන්නේ වයස හැට පැන්න මහින්ද රාජපක්ෂගේම මතයයි. ඔබේ යෞවනය ඔබට දායක කර ඇත්තේ මහලු ච්න්තනයකි. කනගාටුවට කරුණ වන්නේ එයයි. බෞද්ධ දර්ශනයෙන් සංස්කෘතික වූ කිසිවෙකුට ලෙයට ලෙයක් දතට දතක් ඉල්ලිය නොහැක. ඒ අර්ථයෙන් ඔබ මිලේජ්යෙකි. ඔබ හරියටම ගැලපෙන්නේ රාජපක්ෂ සමාගමටය.
එසේම එල්ටීටීඊය තම ඝාතන සාධාරනීය කරන්නේ ද ඔබ ගෙන එන තර්කම පවසමිනි. අපි සාමයට අත දිගු කළා. සිංහල ආණ්ඩුව උණ්ඩයෙන් පිළිතුරු දෙන විට අපිත් ඒකම කරනවා. රජයේ ත්‍රස්තවාදයට තේරෙන භාෂාවෙන් උත්තර දෙනවා …. ආදිය එල්ටීටීඊයේ අදහස් හා හොදින් ගැලපේ. ඒ අර්ථයෙන් ඔබ ද මිලේඡයෙකි. ඔබ හරියටම ගැලපෙන්නේ එල්ටීටීඊයට ය.
71 දීත් 88/89 දීත් මිනී මරු ආණ්ඩු මර්දනය දියත් කළේ ලෙයට ලෙයක් හා දතට දතක් ඉල්ලමිනි. ඒ වා සාධාරනී කරණය කළේ ද ඔබ ගෙන එන තර්කම පවසමිනි. ඒ අර්ථයෙන් ඔබ ද මිලේඡයෙකි. ඔබ හරියටම ගැලපෙන්නේ යූඑන්පී මිනීමරුවන්ටය.
පච්ච කෙටූ අත් වලින් සාමයට අත දිගු කළ පමණින් සාමය උදා නොවන බව කාරුණිකව පවසමි.
බුද්ධිය ඇත්තෝ තේරුම් ගනිත්වා.
shan - December 9, 2008 at 2:07 pm
සිංහල බ්ලොගයක් වෙත බ්‍රහ්මදණ්ඩණය පැණවීමක් පදනම් කොටගෙන ඇරඹුනු මෙම සංවාදයේ විෂයානුබද්ධ නොවන කාරණා ගෙනහැරපාමින් නියම කාරණය මගහරින්නේ යැයි ශාන් මාවෙත චෝදනා එල්ල කරයි. කතාව ඇත්තය. නමුත් බ්‍රහ්මදණ්ඩණයක් ගැන කෙරෙන සංවාදයක විෂයානුබද්ධ නොවන කාරණා ගෙන ඒමට මා හට සිදුවූයේ කුමක්නිසාදැයි නොදන්නා අයෙකුමෙන් දැන් ශාන් කතාකරයි.
නමුත්,
01. “බැසිල්, ඝෝටා හා ආණ්ඩුවේ තවත් අය නම් ඇමෙරිකන් පුරවැසියන් බව මතක තබා ගන්න චුච්චන් බබෝ…..”
02. “ආණ්ඩුව මේ ජනඝාතක යුද්ධය කරන්නේ ද ඔය වැනි බොළද තර්ක මතිනි. ආණ්ඩුව කියන්නේ නැගෙනහිර අවසන් කළේත් උතුරේ දියත් කර ඇත්තේත් මානුෂික මෙහෙයුමක් බවයි. අදෝමැයි…. මානුෂික මෙහෙයුමේ දීත් මිනිස්සු මැරේනම් යුද්ධයේ මානුෂික ස්වරූපය කුමක් ද?”
03. “එල්ටීටීඊ ය මෙන්ම දකුණේ රාජපක්ෂ සමාගම ද එක ලෙස එකම ආකාරයෙන් හැසිරෙන මිලේඡ්යන් පිරිසකි”
විෂයානුබද්ධ නොවන කාරණා සඳහන් කරමින් මා නියම මාතෘකාවෙන් පැන යනවානම්, ශාන් 28 වන ප්‍රතිචාරය තුල මේ කොට ඇත්තේ කුමක්ද ? ඔහු සිතා සිටින පරිදි මාතෘකාවට කිසි ලෙසකින් අදාළ නොමැති ලොකේවටේ ඇති සියළුම කාරණා අදාළ කරගනිමින් ඒවා සම්බන්‍ධව ලියා මූලික මාතෘකාවෙන් පැනයාමට ඔහුට හැකියාව ඇති අතර, ඔහුගේ එවන් ප්‍රකාශ කෙරෙහි පිළිතුරු ලබාදෙන විට එය ඔහු අප විසින් මාතෘකාවෙන් පිට පැනීමක් ලෙස හඳුන්වයි. අප සංවාද කරන්නේ මෙවන් පුද්ගලයෙකු සමගය. එයම හේතුවක් කොටගනිමින් ඔහු මේ සමස්ත සංවාදයෙන්ම පලායාමේ මගක් පාදාගනී. ඒ මෙලෙසය :
“එම නිසා බ්‍රහ්ම දණ්ඩනයට අදාළව පැන නැග ඇති මූලික ප්‍රශ්නයට පිළිතුරු නොදෙන්නේනම් තවදුරටත් කතා කිරීම මගේ කාලය කා දැමීමකි.”
කෙසේ වෙතත් නිශ්චිත මාතෘකාව කෙරෙහි යොමුවී පැවති මෙම සංවාදයට, ඊට කිසිදු ලෙසකින් අදාළ නොවන පරිබාහිර කාරණා ගෙන ආවේ සහ ගෙන එන්නේ කවුරුන්දැයි යන්න දන්නෝ දනිති. එම නිසා මා මෙසේද පැවසූයේ ශාන් නැමැත්තාගේ සිත තුල තෙරපෙමින් පවතින නමුත් මෙම සංවාදයේ මාතෘකාවේ පරාසය සීමාකාරී වීම නිසා ප්‍රකාශකරගත නොහුනු කාරණා අවැසි නම් ප්‍රකාශ කෙරුමට ඔහුට හැකිය යන්නයි :
“අප දෙදෙනාම ප්‍රධාන ගැටළුව පසෙකතබා මතුපිටින් පෙනෙන දේ ගැන තර්ක කිරීමේ පළක් නැත. ත්‍රස්තවාදියා තුවක්කුව අතට ගත්තේ දෙමළ ජනයාවෙත සිංහල මහ ජාතියෙන් අකටයුතු කම් සිදුවන බව කියමිනි. පරණ කතා නැතිව වත්මනෙහි දෙමළ ජනයාට සිංහලයා වෙත සිදුවන අකටයුතුකම් මොනවාදැයි කියන්න.
ත්‍රස්තවාදයේ පිළිලය ත්‍රස්තවාදියාට තේරෙන බාසාවෙන් පිළිතුරුදී අතුගාදමා අප සියළු දෙනාටම ශ්‍රී ලාංකිකයන් ලෙස දිවිගෙවිය නොහැකියයි ඔබ සිතන්නේද ?
සියළු ගැටළුවලට හේතුව රාජපක්‍ෂ රජයබවත්, සියල්ලට විසඳුම කොටියාට ගහන තරමක් ගහන්නට ඉඩදී අත්බැඳගෙන නිකම් සිටීම බවත් ඔබ සිතනවානම් ඔබ බොහෝ බරපතල ලෙස වරද්දාගෙන ඇත්තේය.”
එයද මොහු හඳුන්වන්නේ මාතෘකානුකූලව සංවාදකිරීමට මා හට ඇති නොහැකියාවේ ප්‍රථිඵලයක් ලෙසය.
එම නිසා, පරිබාහිර කරුණු සඳහන් කිරීම ඔහු නවතූ දිනට පරිබාහිර පිළිතුරු ලැබීමද නැවතෙන බව මතක්කරදීමට කැමැත්තෙමි.
—
මාතෘකානුගතව කතා කරන කල්හි,
මෙම සංවාදයට මුල්වූ පෝස්ටය ලිවීමේ මාගේ පරමාර්ථය මෙයයි. ශාන් විසින් ඔහුගේ බ්ලොගයේ සඳහන් කරණු ලබන කාරණා පිළිබඳව මා තුල බලවත් විවේචන ඇත. ඔහුගේ ඒ අදහස් අපට මුනගැසෙන සාමාන්‍ය විකල්ප මතධාරීන්ගේ අදහස් මෙන් නොව, ශ්‍රී ලාංකික අපගේ මව්බිමටත් එහි අඛණ්ඩ පැවැත්මටත් විරුද්ධ ප්‍රකාශයන් ලෙස මම දකිමි. මා මෙන්ම ඔහුගේ මතයන් හට එතඟ නොවන පිරිස්ද එහි ඔහුගේ මතයන්ට විරුද්ධව ප්‍රතිචාරදැක්වීමේ නියැලෙන බව මට පෙනිනි. මෙම ප්‍රතිචාර දැක්වීම් මොහු ගසන පෝස්ටයක් පෝස්ටයක් පාසා ලැබෙන බවත් මට පෙනිනි. මාගේ අදහස අප විසින් මොහුගේ පෝස්ටයන්ට ලබාදන ප්‍රතිචාර මොහුගේ මීළඟ ලිපියේ දක්නට ලැබෙන, අපට එකඟ නොවන ප්‍රකාශ වැඩිකිරීමට හේතුවන බවයි. මෙලෙසින් මෙය සිදුවන්නේ චක්‍රයක් ලෙසිනි.
චක්‍රයක් ලෙස සිදුවන ක්‍රියාවලියක් නවත්වාදැමීමට අපට අවැසි නම් කළ යුත්තේ අපට පාලනය කල හැකි පහසුම ස්ථානය තෝරාගෙන එය අවම කිරීමට කටයුතු කිරීමයි. අප ඒ සඳහා ශාන් නැමැත්තාට මින් මතුවට මේවා නොලියන ලෙස තර්ජනය කළානම්, මේවා නොලියන්නැයි ශාන් නැමැත්තාට අල්ලස් දීමට තැත් කළේනම් හෝ ශාන්ගේ බ්ලොගය වෙත යම් ආකාරයක තාක්‍ෂණික ප්‍රහාරයක් එල්ල කිරීමට තැත්කලේනම් මෙම ක්‍රියාව වාරණයක් වන්නට ඉඩ තිබිනි. නමුත් මා එලෙස ක්‍රියාකළ යුතු යැයි කිසි විටක කියා නැත්තෙමි. මා හට අවැසි මේ චක්‍රයේ අපහට පහසුවෙන් පාලනය කළ හැකි ස්ථානය වන අප විසින් අදාළ පෝස්ටයන්ට ප්‍රතිචාර සැපයීම නවත්වා, චක්‍රය අක්‍රීය කිරීමයි. නමුත් ඔහුට අවැසිනම් පාළු ගෙදර වුවද වළං බිඳීමට අපෙන් බාධාවක් නැත. එනයින්ය මෙය බ්‍රහ්මදණ්ඩණයක් වන්නේ.
ශාන්ගේ බ්ලොගයට පෙරමෙන් ප්‍රතිචාර පිට ප්‍රතිචාර ලැබෙන්නේද නැත්ද යන්න බලාගත යුත්තේ ඔහුගේ බ්ලොගය දිහා බැලීමෙනි. නමුත් තමාම වෙනත් නම් වලින් ප්‍රතිචාර දමානොගැනීමට තරම් ඔහු අවංකද යන්න ගැටළුවකි.
Buddy-J - December 9, 2008 at 5:47 pm
බුද්ධිය ඇත්තෝ තේරුම් ගනිත්වා.
shan - December 9, 2008 at 6:06 pm
@ shan :
පිළිතුරු එපමණද ?
“එම නිසා බ්‍රහ්ම දණ්ඩනයට අදාළව පැන නැග ඇති මූලික ප්‍රශ්නයට පිළිතුරු නොදෙන්නේනම් තවදුරටත් කතා කිරීම මගේ කාලය කා දැමීමකි.”
නේද ?
Buddy-J - December 9, 2008 at 6:49 pm
බුද්ධිය ඇත්තෝ තේරුම් ගනිත්වා……..
shan - December 10, 2008 at 12:06 pm