නව නිපැයුම් අදහස් : භූ තාප විදුලිය

මේ අදහස නම් මගේ එකක් නොවෙයි, “A Colony on Mars” නම් මා කියවූ පොතක සඳහන් වූ දෙයක්. නමුත් මේ අදහස වෙනත් අය අතරේ කතා වෙනවා මම අහල නැති නිසා හිතුනා මේක අවධානයට යොමු කළොත් හොඳයි කියල.

මේ කතාව අඟහරු වෙත ගොස් එහි ජන පද හදන මිනිසුන් පිරිසක් ගැන කතාවක්. අඟහරු මතදී ඔවුන් තම ප්‍රධාන ශක්ති ප්‍රභවය වශයෙන් භාවිතා කරන්නේ අඟහරුගේ භූ උෂ්ණත්වයෙන් ජලය වාෂ්ප කොට එමගින් ටර්බයින කරකවා උත්පාදනය කරන විදුලිය යි.

මේ සඳහා ඔවුන් අඟහරු භූමිය මත කැණීම් කොට U නලයක් වැනි දැවැන්ත නලයක් පොළොව තුලට දමා එක් කෙලවරකින් ජලය ඇතුල් කරන අතර, භූතාපය හේතුවෙන් එම ජලය වාෂ්ප වී ඉහළට ගමන් කිරීමේදී ඇතිවන චාලක ශක්තියෙන් ටර්බයින කරකවා විදුලය උත්පාදනය කරනවා.

1.gif

මෙම ක්‍රමයෙන් පරිසරයට නිදහස් වන්නේ ජල වාෂ්ප පමණක් බැවින් පරිසර දූෂණයක් ඇත්තේ නැහැ. ෆොසිල ඉන්ධන භාවිතා නොවන බැවින් විදුලි ඒකකයක මිලෙහි අස්ථාවර භාවයකුත් නැහැ. න්‍යෂ්ඨික ප්‍රතික්‍රියා වලින් නිපදවෙන තාපය ආශ්‍රිතව ජලය වාෂ්ප නොකරන නිසා විකිරණ අනතුරකුත් නැහැ. අදාළ ග්‍රහලෝකය පවතින තුරු භූ තාපය පවතින නිසා අවසන් වීමේ අවධානමකුත් නැහැ. මේ සඳහා පිරිසිදු ජලය ගත යුතු යැයි නියමයකුත් නැති නිසා මුහුදු ජලය වුවද යොදාගත හැකි නිසා පානිය ජලය ගැන ප්‍රශ්න ඇති වන්නෙත් නැහැ. අවශ්‍ය නම් වාෂ්ප ලෙස පිටවන ජලයේ ලවණ ගති නැති නිසා ඒවා පානයට ගන්නත් පුළුවන් වේවි.

න්‍යෂ්ටික ප්‍රතික්‍රියා ආශ්‍රිතව නිපදවෙන තාපය හා සමාන තාපයක් ලබාගැනීමට පෘථිවි පෘෂ්ඨය කෙතෙක් දුරට කැණීම් කළ යුතු යැයි ද දන්නා කෙනෙක් ඉන්නවා ද ?

කැණීම් සඳහා අවශ්‍ය තාක්‍ෂණය දැනටමත් අප සතුයි මම හිතන්නේ. මොකද ෆොසිල ඉන්ධන ලබාගැනීම සඳහා අපි දැනටමක් සැලකිය යුතු දුරක් පෘථිවිය කණිනවා නේ ?

මොකද හිතන්නේ ?

9 Responses to “නව නිපැයුම් අදහස් : භූ තාප විදුලිය”

  1. න්‍යෂ්ටික ප්‍රතික්‍රියා ආශ්‍රිතව නිපදවෙන තාපය හා සමාන තාපයක් ලබාගැනීමට පෘථිවි පෘෂ්ඨය සෑහෙන්න දුරක් කණින්න වෙයි. මේ සඳහා තිබේද කියන එක මටනම් ගැටලුවක්.
    ඔය මුහුදු ජලයේ ලවණ කොටස මුලින් අයින් කරන්න වෙනවා මොකද ජලය වාෂ්ප උනාම ලවණ ඉතිරි වෙනවානේ. මේ ලවණ ගැටලු ඇති කරාවි තාපය නිසා. පිපිරීම් ඇති කරන්න පුළුවන්( පුංචි කාලේ ලිපට ලුණු කැට දාලා අම්මගන් බැනුම් අහල ඇතිනෙ)
    තව දෙයක් “පරිසරයට නිදහස් වන්නේ ජල වාෂ්ප පමණක් බැවින් පරිසර දූෂණයක් ඇත්තේ නැහැ” මේකත් වැරදියි නේද? පිටවෙන ජල වාෂ්ප නිසා අවට පරිසරයේ උෂ්ණත්වය වැඩිවෙනවා. එතකොට ඒ අවට ජීවින්ට ඒක බලපානවා.
    කොහොම උනත් අලුත් අදහසක් නිසා අගය කරන්න ඕන

  2. කැණිය යුතු වන ගැඹුර නිශ්චිතව දන්නා කවුරුවත් ඉන්නවද ?

  3. මුහුදු ජලයේ ලවණත් ලොකු ප්‍රශ්නයක් තමයි !

    මම මෙතැනට මුහුද යොදාගත්තේ ගඟක වතුර මේකට මදි වෙයි කියල හිතල. අනික ගඟක වුනත් කොච්චකර අපද්‍රව්‍ය තියනවද ?

    නමුත්, මුහුදු ජලය වුනත් පිරිසිදු ‍කරන්නට යන වියදම නොසලකා හරින්න පුළුවන් වේවි, ඇයි ඉන්ධන නොමිලේ නේ ? බලාගාරයෙන් ලැබෙන විදුලියම වුනත් උදව්වෙන් පිරිසිදු කරන එක නම් කරන්න පුළුවන් ‍වේවි.

    ලොකුම ප්‍රශ්නේ තමයි න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාවෙන් ලැබෙන තාපය ලබාගන්න පුළුවන් තරම් දුරට පෘථිවිය කැණීම.

  4. පුතේ, ( මමත් රාහුල විද්‍යාලයට ගියා. ඒ නිසයි පුතේ කියල කතා කලේ. තරහ වෙන්න එපා )
    දෙවැනි ලෝක මහා යුද්ධය අවසානයේ ජර්මනියේ හිටිය විද්‍යාඥ්‍යයො ඔක්කොම යුදෙව්වරු. පෙරදිගින් රුසියන් කාරයො කඩාපැන්න. අපරදිගින් ඇමෙරිකන් කාරයො කඩා පැන්න. මොවුන් මොකද කලේ? කාටවත් නොකියා ඒ හිටපු විද්‍යාඥ‍යො ටික පැහැරගෙන තම තමන්ගේ රට වලට අරගෙන ගිහින් තමන්ගේ රටවල දියුනුවට වැඩ කරවා ගත්තා. එහෙමයි ඔය පිට සක්වල ගමන්බිමන් පටන් ගත්තෙ. රොකට් විද්‍යාවෙ නිර්මාතෘ හොයල බැලුවොත් ඒ යුදෙව්වරු. ඒක නේ අර ප්‍රසිද්ධ කතාවකුත් තියෙන්නෙ ” රුසියන් ආකාශ යානාවකුයි, ඇමෙරිකන් ආකාශ යානාවකුයි පෘතුවියෙන් ඈත හමුවෙලා කතා කරන්න පටන්ගත්තලු. රුසියන් යානාව රුසියන් බසිනුත් ඇමෙරිකන් යානාව ඉංග්‍රිසියෙනුත් කතා කලාලු. කාටවත් තේරෙන්නෙ නැතිවුන නිසා ඒ ඒදෙගොල්ලම ආ එහෙනම් අපි මව් බසින් කතා කරමු කියල පටන් ගත්තලු හීබෲ භාශාවෙන් !! ”
    දැන් පුතා ඔහොම විද්‍යාත්මක අදහස් එලිපිට දක්වන්න පටන්ගත්තම කොහේ හරි ඉන්න එකෙක් ඇවිත් පුතා පැහැර ගෙන යාවිද? ඒ කෙසේ වෙතත්, ඔය විවෘත අදහස්, නිදහස් සිතුවිලි දියුනු කර ගන්න. අදහස් ප්‍රකාශ කරන්න. සාකච්ඡා කරන්න. තෙරුවන් සරනයි.

  5. මම මේ කල්පනා කරන්නේ ඔබ තුමාට කොහොමද කතාකරන්නේ කියලයි. ළඟදි අවුටු වෙච්ච ආදි ශිෂ්‍යයෙක් නම් අයිය කියලවත් කියන්න තිබ්බා :-)

    මෙහෙමයි ඉතින්… කවුරුහරි කරන්න පුළුවන් කෙනෙක් මේ අදහස් අරගෙන මේක ක්‍රියාත්මක කලොත් වාසි වෙන්නෙ ලංකාවටම නේ ? ඉතින් කමක්නෑ ඕන එක්කෙනෙකුට භාවිතා කරන්න පුළුවන්. “නිදහස් හා විවෘත කේත අදහස්” “FOSI – Free and Open Source Ideas” :-D

    මට තියන ප්‍රශ්නේ.. මේවා ඇත්තටම කරන්න පුළුවන් ද කියන එකයි.

  6. මට පොඩි අදහසක් ආවා ඔය කියන යූනලය ගිණිකන්දකට වගේ සෙට් කලානම් ‍පෘතිවිය හාරන්න ඕන වෙන එකක් නැහැ නේද?

  7. මුහුදු ජලය වෙනුවට පිරිසිදු ජලය භාවිත කරනව නම් ගැටළුවක් නෑ. නැවතත් එම ජල වාෂ්ප ඝනීභවනය කර ජලය සාදා චක්‍රයක් සේ භාවිතයට ගත හැකියි. මම හිතන්නේ දැනටත් තාප බලාගාර වල අනුගමනය කරන්නේ මේ ක්‍රමය. අදහසක් විදයට අපට මෙතනදී හොඳ පරිවාරකයක් සහිත හොඳ පාත සන්නායක යක් පොලවට විදීම මගින් භූගත තාපය ඉහලට ගැනීම කරන්න පුළුවන්. නමුත් ප්‍රයෝගිකව මෙවෙනි දෙයක් කළ නොහැකි විය හැක. ඒ වියේ සන්නායකක් පවතිනවද කියන එක වගේ දේවල්. සාමන්යෙන් හෙඳ තාපයක් ගන්නනම් ලංකාව දිග ප්‍රමාණය වගේ කීප ගුනයක් යයට විදින්න වෙයිකියල තමා හිතෙන්නේ. :)

  8. @ මම මචන් :

    අනේ මචං, ලංකාවෙ ගිණිකඳු නැහැ නොවැ !

  9. @Buddy-J

    සමාවෙන්න මම ඒගැන හිතුවෙනැහැ මේක ලංකාවෙ හදනවනම් ඉතිං හාරන්නම වෙනවා. සක්‍රීය ගිණිකඳු තිබෙන රටක වගේ නම් ගිණිකන්දක් ප්‍රයෝජනයට ගන්න පුළුවනි නේද?


Leave a Reply