අඬුව තිබියදී අත පුච්චා ගැනීම ?

divaina.jpg

මේ කට්ටිය දන්නෙ නැතිව ඇති යුනිකේතය කියල එකක් ලෝකෙ තියනවය කියල. නැත්නම් වෙන මොකක්ද ඉහත දැක්වෙන වෙබ් අඩවියේ අන්තර්ගතයට ‍අර වගේ කලක් යාමට හේතුව. ඔය පේන සිංහල අකුරුත් ඇත්තම අකුරු නොවේ, ඒ පිංතූර.

පුවත් අඩවියක් කියන්නේ, මොනතරම් තත්වෙකට ගේන්න තිබුන දෙයක් ද ? මේ උදවිය නිකමට වත් Google News වැනි අඩවි වලට ගිහිං නැතිව ඇති.

3 Responses to “අඬුව තිබියදී අත පුච්චා ගැනීම ?”

  1. සමහර විටක මමත් හිතනවා, ඇයි ප්‍රධාන වෙබ් අඩවි යුනිකේත භාවිතා නොකරන්නේ කියලා. මම ඒක ඇහුවත් එක්ක, බොහොම අය කියන්නේ, යුනිකේත වල තිබෙන ඇතැම් අක්‍රමිකතා නිසා ඒවා කරන්න බෑ කියලා. ඉහත අඩවියේ ලියා තිබෙන්නේ, කපුටා ඩොට් කොම් නැමැති අකුරු භාවිතයෙන්. එය බොහෝ වෙබ් අඩවි වල පාවිච්චි කරනවා මම දැක තිබෙනවා. ඒ අකුරු ඔබේ පරිගණකයේ නැත්නම් පෙනෙන්නේ නෑ. නමුත් IE එකෙන් බැලුවොත් හොඳට පෙනෙනවා සමහරක් ඒවා, ෆොන්ට් එක නැතුව උනත්. ඔබේ අඩවිය කියෙව්වා, හොඳ ලියවීම් එමටයි. දිගටම ලියන්න ඔබට සුභ පැතුම්.

  2. මම නම් ඔය හේතුව නිසා ඔන්ලයින් සිංහල පත්තර කියවන්නෙ නෑ. කොහොමත් පත්තර වලට වඩා හොඳ ප්‍රවෘත්ති (දේශපාලනය හැර) බ්ලොග් වලින් කියවන්න පුළුවන්.

  3. අපොයි ඔව් මටත් ඔය ගැටළුව ඇවිත් තියනවා. හදිසි අවස්ථා වල පුවත් හොයන්න ගියහම. මහ වදයක්


Leave a Reply