නව නිපැයුම් අදහස් : “සිහින පෙන්වනය”
මේක මගේ හිතට ආපු පොඩි අදහසක්. කල්පනාකරන අයට කල්පනා කරල බලන්නත්, හිනාවෙන අයට උඩ පැන පැන හිනාවෙන්නත් එකසේ සුදුසුයි (කියලයි මට හිතෙන්නේ.).
අප සියළු දෙනාම සිහින දකිමු. දකින බොහෝ සිහින පසුදින වන විට අප හට අමතක වුවද සිහින මගින් මොළය යම් ජීව විද්‍යාත්මක අවශ්‍යතාවක් (සෛල ප්‍රතිසංස්කරණයන් වැනි) සම්පූර්ණ කරගන්නා බව ප්‍රචලිත අදහසකි. මම මේ පිළිබඳව ජීව විද්‍යාව අතින් වැඩි දුරට දැනුමක් නොමැත්තෙක් මි.
නමුත් යම් දිනක අප සිහින දකින ආකාරය, එනම් සිහින උපදින ආකාරය හෙවත් සිහින වලට අදාළ ස්ඵන්ද නොහොත් උත්තේජන මොළයේ ඇතිවන ආකාරය නිශ්චිත කරගැනුමට මිනිසා සමත් වුවහොත් කළ හැකි “ආතල්” දෙයක් පිළිබඳව මට හිතුනා.
යම් ලෙසකින් සිහින වලට අදාළ උත්තේජන උපදින ආකාරය හෙළ කර ගැනුමට අප සමත් වුනොත්, අනිවාර්යයෙන්ම එම උත්තේජන අනුකරණය කිරීමට හෙවත් අවැසි අවස්ථාවල එකී උත්තේජන නිපදවාගතහැකි යාන්ත්‍රණයක්ද වැඩි කල් නොගොස් උපදවා ගැනීමට හැකි වනු ඇති.
එවන් ක්‍රමයක් ඔස්සේ කලින් මතක ගත කරන ලද (Memory Chips, CD හෝ Flash Drive වැනි ජංගම ගබඩා මාධ්‍ය වල) උත්තේජන උකහාගෙන ඒවා මොළයට ලබාදිය හැකි උපකරණයක් නිපදවීම අපහසු කරුණක් නොවේ, මන්ද දැනටමත් අප කෙළින්ම විවිධ කටයුතු සඳහා මොළයට උත්තේජන ලබාදෙන නිසා හා චුම්භක පරිලෝකනය වැනි ක්‍රම වලින් (තවත් ක්‍රම ඇති, මම දන්නේ නැහැ) මොළයේ හැසිරීම අප නිරීක්‍ෂණය කරන නිසා. මෙවන් දෙයක් Walkman හෝ iPod එකකට එකකට වඩා විශාල විය යුතු නැහැ.
මෙවන් ක්‍රමයන් මගින් අප කැමති චිත්‍රපට ආදියන්හි චරිතයන් අප විසින්ම නියෝජනය කරමින් නරඹන්නට යම් දිනක අපට හැකි වනු ඇත. ඒ කියන්නේ (අපි ලේසියට මේ මේ උපකරණයට dShow = dream Shower කියමු ද ?) dShow එකට මෙමරි චිප් එක දාලා, මෙනු එකෙන් අපිට ඕනෑ චරිතය තෝරලා, අපිට නින්ද ගියපු ගමන් කතාව (සිහිනය) පටන් ගන්න කියලා dShow එක හදන්න පුළුවන් වෙන්න ඕනෑ. එතකොට අපිට පුළුවන් අපිටත් කතාවට සහභාගි වෙන්න අවස්ථාවක් උදා කරගන්න.
ඒ කියන්නේ නිදාගන්න ඇඳට ගිහින් එහා පැත්තේ තියන dShow එක අරගෙන උදේ ඉස්කෝලෙදි යාළුවෙක් ගෙන් හම්බවුනු X-Files Series 8- Episode – 20 චිප් එක දාලා, “හෙඩ්සෙට් එක” දාගන්නවා ඔළුවට. මෙනු එකෙන් තෝරනවා මෝල්ඩර් ගේ චරිතේ. නින්ද ගිය ගමන් කතාව (හීනය) පටන් ගන්නවා. අපි හීනෙන් මෝල්ඩර් වෙනවා.
හැබැයි පොඩි කොස්සක් තියනවා… අපි නිදාගන්නේ මොළයට විවේකයක් දෙන්න නම්, මේ වැඩේ නිසා මොළේට ලැබෙන විවේකය නැතිවෙනවා නේ ? ඒ කියන්නේ අපි dShow “බලනකොට” අපේ මොළේ වැඩ කරන නිසා ඒකට විවේකයක් ලැබෙන්නේ නැහැ නේ ? ඒක සමහර විට ශරීර සෞඛ්‍යට අගුණයි නේ ?
මොකද කස්ටිය හිතන්නේ ? කළ හැකිද ? කළත් වැඩක් ඇති දෙයක් ද ? අපි ඇත්ත ලෝකේ දකින “හීන” හොඳටම ඇති ද ?
Loading...
මම කැම්පස් එකේ නමගිය සිහින දකින්නෙක්.
)
ඔහොම එකක් තිබ්බොත් මරේ මරු.
ශරීර සෞඛයයට ඉතින්
Sameera Shaakunthala - November 7, 2008 at 10:41 pm
එහෙම වුනොත් මම නම් dShow එකට දාගන්නේ අර එකම අකුර තුන් පාරක් තියෙන වචනෙට අදාල දේ!!! (වචනයේ හිමිකම – http://maranaya.blogspot.com/2008/11/blog-post_07.html)
=D
චමිල - November 7, 2008 at 10:47 pm
එහෙම උනොත් නම් ශාකුන්තලයා තවත් කෙට්ටුවෙයි. එ උනාට දකුණු අත මස්පිඩු දාල එයි.(හැබැයි ඒ අත විතරයි) .මිනිහ බලන හීන රෙකෝඩ් කර ගන්න පුලුවන් නම් හොඳ ඉල්ලුමක් තියේවි.
pahan - November 7, 2008 at 11:20 pm
නව නිපැයුම් කරුවෙකුකට තිබිය යුතු විචාරාත්මක මනසකුත්, නිර්මාණාත්මක හසල (ඔබේ නමටම ගැලපෙන ) බුද්ධියකුත් ඔබට තිබෙනව. ඔබට මේ ලෝකයේ ( ) බොහෝ දුර යා හැක. නමුත් සිහින ඊට වඩා වෙනස්ය. මේ ලෝකයේ සිටින විශාරද යයි කියා ගන්නා මනෝ විද්‍යාඥයින් පවා සිහින ගැන හරියට නොදනිති. විද්‍යාත්මක වශයෙන් සෛලවල ක්‍රියා කාරිත්වය සලකා බැලීමෙන් පමණක් සිහින විස්තර කිරීමට නොපිලිවන. සිහින පෙනීමෙට ඇති කරුණු බොහෝය. සමහර කරුණු නවීන විද්‍යවෙන් විස්තර කිරීම අපහසුය. මනෝ විද්‍යාව මහ මුහුදට සමාන නම් මනෝ විද්‍යාඥයෝ වෙරලේ වැලි සමග සෙල්ලම් කරන කුඩා දරුවෝ වෙති. ඔවුන් එතරටම නොදියුණුය. සිහින ගැන ඔවුනට ඇත්තේ මතවාද පමනකි. අපේ බුද්ධාගමේ සිහින ගැන නොයෙක් නොයෙක් තැන්වල කියැවේ. ඒ අවස්ථා ගැන ඔබේ නිගමනය කුමක්ද? මොලයේ ක්‍රියාකාරිත්වය නිසල වූ අවස්ථාවල මනුශ්‍ය නොවන බලවේග වලට මිනිස් සිත හා සන්නිවේදනය කිරීමට හැකි බව නොවේද? නිති භාවනා යෝගීව වසන කෙනෙකුට සිහින නොපෙනෙන තරම්ය. එම නිසා නවීන විද්‍යාවෙන් පමණක් සිහින විස්තර කිරීම අපහසුය.
Sarath Gunatunga - November 8, 2008 at 1:35 am
මා දන්නා තරමට සිහින ලෙස අප දකින්නේ යටි සිතේ තැම්පත්ව ඇති දේවල්. ඒවා බොහෝ දුරට සෘජුව හෝ වක්‍රාකාරයෙන් අපේ ජීවිත වලට සම්බන්ධ සිද්ධීන් හෝ චරිත විය හැකියි. එම නිසා සිහින මගින් සිතට තිගැස්මක් හෝ කම්පනයක් ඇති කල හැකියි. dShow මඟින් මෙම තත්වය මග හැර ජීවිත වලට සම්බන්ධ ධනාත්මක සුභ සිහින පෙන් වන්නට පුලුවන්නම් එය වඩාත් සිත්
ගන්නා එකක් වේවි.
ඔබගේ dShow පිළිබඳ අදහස ඉදිරියට ගෙන යාමට කළ හැකි හොඳම දෙය නම් එය අළලා විද්‍යා ප්‍රබන්ධයක් රචනා කිරීමයි. එමගින් ඉදිරියේදී dShow අති සාර්ථක නිර්මාණයක් වීමට ඉඩ තිබේ.
gayankt - November 8, 2008 at 12:16 pm
මටත් චූටි කාලෙ හිතුන දෙයක් තමයි ඕක. ඒත් එක එක අයගේ මනස ක්‍රියා කරන්නේ වෙනස් විදිහවල් වලට. වෙනත් වචනයකින් කිව්වොත් අපේ මොලය පරිගනකයක් නම් මනස ඔපරේටින් සිස්ටම් එක වගේ. මේ ඔපරේටින් සිස්ටම් එක එක එක්කෙනාට වෙනස්. ඒක නිසා එක්කෙනෙක්ට රෙකෝඩ් කරපු ඩිරීම් එකක් තවත් කෙනෙක්ට වෙනස් විදිහට පෙනෙයි…
මේක ඔච්චර තාක්ශනයක් පාවිච්චි කරන්නැතිවත් කරන්න පුලුවන් (මලක් ගැහුවත් ඉතිං හරි තමයි! LOL).
Lucid Dreaming ඉඟනගත්තහම කැමති හීනයක් කැමති වෙලාවක බලන්නත් ඕන දෙයක් කරන්නත් පුලුවන්. Lucid Dreaming ගැන සිංහලෙන් ලියනවනම් කවුද කියවන්න කැමති. මං හිතං හිටියේ ඒ වගේ දේවල් සිංහලෙන් කියවන්න කවුරුත් නැතිව ඇති කියලයි.
Wiz Kun - November 10, 2008 at 8:36 pm
Wiz Kun කියනා ලොසම මමත් ඕක අත්හදා බලල තියෙනවා. නියෙමට වැඩකරනවා. අනිත් එක මම ගොඩක් මෘදුකාංග නිපදවල තියෙන්නේ සිහිනෙන්. අනික මම A/L කරන කාලේ හීනෙන් ගණන් පවා හදල තියෙනවා. ඇත්තටම හීන වලින් හොඳට වැඩ ගතහැකි. මම නම් හීනෙන් කරන්න තියෙන හැම දේම වගේ කරලා තියෙන්නේ
දසුන් සමීර - November 14, 2008 at 6:53 pm