සිරසේ වචන හරඹ
අද දින සවස 6 කොටි ෆස්ට් (සිරස) ගුවන්විදුලියේ ප්‍රවෘත්ති විකාශය ඇහුවා. ඔවුන් කළ මෙන්න මේ ප්‍රකාශය ගැන මොකද හිතන්නේ ?
“ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට උපකාර පිණිස දකුණු ඉන්දීය නළුවන් එක් දින උපවාසයක.” (හරිම වචන නෙවෙයි මේ.)
ඉන්දියාවේ බලු නට්ටන් වැනි නළු බට්ටන් කරන විප්‍රකාර ගැන කියන්න මගේ බ්ලොග් එක යොදා ගන්නේ නැහැ. නමුත්, සිරස කියන ආකාරයට ඔවුන් උපවාස කරන්නේ කොටින්ට ආධාර පිණිස නොව ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ආධාර පිණිස. මම හිතන්නේ කොටි ෆස්ට් නාලිකාවට ශ්‍රී ලාංකික දෙමළ ජනයා අතරට ගෙන යන්න ඕනෑ අදහස එයයි.
මගේ ප්‍රශ්න,
කොටි දෙමළ ද ?
දෙමළ කොටි ද ?
ලංකාවේ සිවිල් යුද්ධයක් නැතහොත් ජනවාර්ගික අර්බුදයක් ඇත්තේ යැයි පෙන්වන්නට අවැසි කාට ද ?
අවාසනාවට සමහර අමාත්‍යවරුන් පවා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් “ජනවාර්ගික අර්බුදය”ක් ලෙස හඳුන්වනවා ඇහිල තියනවා. ලංකාවේ ජනවාර්ගික අර්බුදයක් තියනවා නම්, අර අපේ සහෘද බ්ලොග් කරුවෙකු කී ලෙසම අපි තෝසයක් කාලා, ප්ලේන්ටියක් ගහල, වඩේ ගෙඩියකුත් කටේ දාගෙන එළියට බහින තත්වයක් තියෙන්න විදියක් නැහැ නේ ?
Loading...
ලංකාවේ තියෙන්නේ පැහැදිලිවම ත්‍රස්ථවාදයක්…පසුව ඒක දේශපාලන වාසි වලට යොදා ගත්තා දැන් සියළුම මාධ්‍ය එය වාණිජ්‍යකරණය කරලා….දැන් යුද්ධය වෙළද දැන්වීමක් වගෙයි….මාධ්‍ය මුදල් හොයන්න විකුණන් කනවා….ඩොලර් පෙරේතයෝ එහෙන් කනවා….දේශපාලුවෝ කනවා….කට්ටිය හත්පලේ ගාගෙන වවාගෙන කනවා!
maleemsg - November 1, 2008 at 10:10 pm
සිරසට විරුද්ධව කල හැකි දෑ පිළිබඳ ව සාකච්ඡා කරමු. සමහර විට සිරස විරෝධි බ්ලොග් අඩවියක් නිර්මාණය කරමු.
apelogic - November 2, 2008 at 10:59 pm
@apelogic,
ඒක ඉතා හොඳ අදහසක්. සිරස පිළිලය නතර කරන්න දැන් කාලය හරි. සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් post දාමු. කවදා හරි Google ඒක අංක 1ට ඔසවපු දාට අපි දිනුම්.
සමීර ශාකුන්තල - November 3, 2008 at 5:06 am
සිරසේ බයිලා අහන මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නෑ. ඔවුන් මොළය පාවිච්චි කරනවනම් සිරසේ පැවැත්මකුත් නෑ. සිරස ගොන් දෙපැය බලන එවුන්ටත් දෙයියන්ගේම පිහිටයි. උන්ට ලබන ආත්මේදීවත් මොළයක් ලැබේවා!!
Tharaka - November 3, 2008 at 2:10 pm
සිරස විසින් අපේ මෝඩ පිරිමින්ගේ සහ ගැහැණුන්ගේ මොල ක්‍රමානුකූලව ශුද්ධ කරමින් පවතිනවා, ඒ ඉම්පොටඩ් බඩු සඳහා හොඳම වෙළඳපල ඔවුන් හරහා විවෘත කරගැනීම පිණිස මිස වෙන දෙයකට නම් නොවේ. ඒ සඳහා ඔවුන් තප්පර ගණනක වෙලඳ දැන්වීමේ සිට දිර්ඝ වෙලි නාට්‍ය, චිත්‍රපට සහ වාර්තා වැඩසටහන් පවා විදේශයන්ගෙන් ගෙන්නනු ලබනවා. එම නිසා අප පලමුව කල යුත්තේ සිරස වර්ජනය කිරීම සහ වර්ජනය කරවීමය. ඒ වෙනුවෙන් කරන ඕනෑම කායර්‍යකට මගේ සහය පළ කරනවා. වර්තමාන ගොබිලයින් වෙනුවෙන් නොව අනාගතයේ මෙලක දිදුලවීමට සිටින දුවා දරුවන් වෙනුවෙන්.
අමල් ඉෂාන්ත - November 3, 2008 at 9:25 pm
මාත් එකඟයි ඔබ සියලුදෙනා සමඟ.
පහන් - November 7, 2008 at 10:55 pm
agree with all the comments…. serves them right. sirase eke cut out kapana minissu allanna cam high karala tibunalu. ehema compnay eke security cam tibbe na kiyanna bane. ai ewa eliata denne natte? etakota lesiyenma apu ayawa allaganna tibuna. sisrsa eken me dakwa kiwwe nane back ups and save karapuwa damage una kiyla. ehenam ai ara cam walin record karagaththuwa out karanne natte???
deeps - January 10, 2009 at 4:05 pm