Archive for November, 2008

ඉන්‍දියාවේ විමුක්තිකාමීන් (?)

November 28, 2008

ඔන්න ඉන්‍දියාවටත් ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වෙලා.
නමුත් මම විරුද්ධයි ඒ ප්‍රහාර එල්ල කරපු අහිංසකයොන්ට “ත්‍රස්තවාදීන්”ය කියල කියනවට. අපි ඒගොල්ලොන්ට කියමු “විමුක්‍තිකාමීන්”ය කියල. මොකද ඒවගේ ප්‍රහාර එල්ල කරන්නත් ඒ පොඩිවුන්ට හේතුවක් තියෙන්න එපැයි. නිකංම “ත්‍රස්තවාදීන්”ය කියන එක හරි නැහැ නොවැ ?
ඒගොල්ලො ප්‍රහාර එල්ල කරන එක අනුමත කරන්න පුළුවන්, නමුත් ඉන්‍දියන් ආණ්‍ඩුව ඒගොල්ලන්‍ට ප්‍රහාර එල්ලකරන එක හරිද මම අහන්නේ [...]

මම උබුන්ටු දැම්මෙමි !

November 28, 2008

මේ තමයි මම මගේ පරිගණකයේ උබන්ටු මගින් ලියන පළමුවැනි බ්ලොග් සටහන.
shipit.ubuntu.com මගින් ඇනවුම් කළ උබුන්ටු සංයුක්‍ත තැටි 30 ක් මට බදාදා (26) ලැබුනා. දැන් ඒවා බෙදාහරින්න කටයුතු කරන්න ඕනෑ. අපේ මලයා ඉගන ගන්නේ හොරණ තක්‍ෂිලාවෙ නිසා එයා හරහා හොරණ පැත්තෙත් මම විසින්ම මාතරත් මේවා බෙදා හරින්න සියළු කටයුතු සූදානම්.
මට වින්ඩෝස් වලින් නිදහස් වෙලා උබුන්ටු වෙත [...]

බල්ලා කියූ දේ…

November 24, 2008

අද වාරවිභාගේ තිබ්බේ ඉංග්‍රීසි විෂය නිසාත් එය හදා තිබුනේ කිසි කමකට නැති විදියකට නිසාත් පැය තුනේ ප්‍රශ්න පත්‍රයට පැය එක හමාරක් දෙකකින් විතර උත්තර ලියලා ICT Unit එකටත් ගිහිල්ලා Yahoo! පොරකුත් Google කරලා සුදාරක එක්ක විනාඩි 2-3 ක චැට් එකකුත් දාලා 12.50 ට විතර ඉස්කෝලෙන් එළියට ආවා. ඒ ඇවිත් පොඩි සුජාතේ (සුජාතා විද්‍යාලය – ප්‍රාථමික [...]

සිංහල බ්ලොගයක් වෙත බ්‍රහ්මදණ්ඩණය !

November 20, 2008

බ්‍රහ්ම දණ්ඩණය යනු ශාසන විනයට නොගැලපෙන හැසිරීම් දැරූ බුද්ධ කාලීන චීවරධාරීන් සම්බන්ධව බුදුන් වහන්සේ අනුගමනය කළ ක්‍රියාමාර්ගයකි. අවවාද, පැහැදිලි කිරීම් ආදී ක්‍රම මගින් නිවැරදි මගට නො පැමිණෙන චීවර ධාරීන්ට උන්වහන්සේ දුන් විශාලම “දඬුවම” වූයේ භික්‍ෂු සමාජය අදාළ චීවරධාරියා සමග පවත්වන සියළු සබඳතා නතර කර දැමීමයි. නමුත් ඔහුව චීවරයෙන් නෙරපීමට බුදුන් ඉදිරිපත් නොවූයේ එසේ කිරීමේ හැකියාවක් [...]

නව නිපැයුම් අදහස් : භූ තාප විදුලිය

November 13, 2008

මේ අදහස නම් මගේ එකක් නොවෙයි, “A Colony on Mars” නම් මා කියවූ පොතක සඳහන් වූ දෙයක්. නමුත් මේ අදහස වෙනත් අය අතරේ කතා වෙනවා මම අහල නැති නිසා හිතුනා මේක අවධානයට යොමු කළොත් හොඳයි කියල.
මේ කතාව අඟහරු වෙත ගොස් එහි ජන පද හදන මිනිසුන් පිරිසක් ගැන කතාවක්. අඟහරු මතදී ඔවුන් තම ප්‍රධාන ශක්ති ප්‍රභවය [...]

අඬුව තිබියදී අත පුච්චා ගැනීම ?

November 13, 2008

මේ කට්ටිය දන්නෙ නැතිව ඇති යුනිකේතය කියල එකක් ලෝකෙ තියනවය කියල. නැත්නම් වෙන මොකක්ද ඉහත දැක්වෙන වෙබ් අඩවියේ අන්තර්ගතයට ‍අර වගේ කලක් යාමට හේතුව. ඔය පේන සිංහල අකුරුත් ඇත්තම අකුරු නොවේ, ඒ පිංතූර.
පුවත් අඩවියක් කියන්නේ, මොනතරම් තත්වෙකට [...]

නව නිපැයුම් අදහස් : “සිහින ‍‍‍පෙන්වනය”

November 7, 2008

මේක මගේ හිතට ආපු පොඩි අදහසක්. කල්පනාකරන අයට කල්පනා කරල බලන්නත්, හිනාවෙන අයට උඩ පැන පැන හිනාවෙන්නත් එකසේ සුදුසුයි (කියලයි මට හිතෙන්නේ.).
අප සියළු දෙනාම සිහින දකිමු. දකින බොහෝ සිහින පසුදින වන විට අප හට අමතක වුවද සිහින මගින් මොළය යම් ජීව විද්‍යාත්මක අවශ්‍යතාවක් (සෛල ප්‍රතිසංස්කරණයන් වැනි) සම්පූර්ණ කරගන්නා බව ප්‍රචලිත අදහසකි. මම මේ පිළිබඳව ජීව [...]

සිරසේ වචන හරඹ

November 1, 2008

අද දින සවස 6 කොටි ෆස්ට් (සිරස) ගුවන්විදුලියේ ප්‍රවෘත්ති විකාශය ඇහුවා. ඔවුන් කළ මෙන්න මේ ප්‍රකාශය ගැන මොකද හිතන්නේ ?
“ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට උපකාර පිණිස දකුණු ඉන්දීය නළුවන් එක් දින උපවාසයක.” (හරිම වචන නෙවෙයි මේ.)
ඉන්දියාවේ බලු නට්ටන් වැනි නළු බට්ටන් කරන විප්‍රකාර ගැන කියන්න මගේ බ්ලොග් එක යොදා ගන්නේ නැහැ. නමුත්, සිරස කියන ආකාරයට ඔවුන් [...]

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ළඟට, “ජාතික ප්‍රතිපත්ති සමුදාය”ක්, “ජාතික අරමුණු සමුදාය”ක් හා “ජාතික සැලසුම් සමුදාය” ක්

November 1, 2008

ඕනෑම පුද්ගලයෙකුට, සමාජ කණ්ඩායමකට හෝ රටකට,
01. තමන් හැසිරිය යුත්තේ කෙසේද යන්නත් 02. යම් යම් අවස්ථා වල පවතින සාධක මත පදනම්ව, තමන් විසින් ගත යුතු තීන්දු තීරණ කුමක්ද යන්න පිළිබඳව හෙවත් තමන්ගේ ස්ථාවරයන් පිළිබඳවත් 03. ඉදිරි කාලයන් තුලදී තමා ළඟා විය යුතු සංධිස්ථාන පිළිබඳවත් 04. එකී සංධිස්ථාන කරා ළඟා වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත්
පැහැදිලි භාවයක් [...]