Archive for October, 2008

වැඩ වරන්නේ ගුරුවරු ද ?

October 30, 2008

අද (30) ගුරු වැඩවර්ජනයක් තිබුන ලු. අනිත් මොන ඉස්කෝලෙ වැඩ වැරුම් තිබ්බත් රාහුලේ නම් එහෙම දෙයක් තිබ්බෙ නැහැ. ඒ වුනත්, ප්‍රවෘත්ති බැලුවට පස්සේ මේ ටික ලියල දාන එක හොඳයි කියල හිතුනා.
“වැඩ වරන්නේ ගුරුවරු ද ?”
මේ ප්‍රශ්නයෙන් අර්ථ දෙකක් ගම්‍ය වන්නේ ය, ඒවා එකින් එක සලකා බලමු.
01. [...]

රාහුල විද්‍යාලයීය අ.පො.ස (සා.පෙ) ඉතිහාසය විෂය සම්මන්ත්‍රණය – 2008

October 29, 2008

අද ඉස්කෝලෙ 2008 අ.පො.ස (සා.පෙ) ඉතිහාසය විෂයය සඳහා සම්මන්ත්‍රණයක් පැවැත්වුනා.
ඒක සංවිධානය කළේ විද්‍යාලයීය ඉතිහාස අධ්‍යයන අංශය සහ රුහුණු විශ්වවිද්‍යාලයීය ඉතිහාස අධ්‍යයන අංශය.
ඉතින් අද 11 ශ්‍රේණියේ සාමාන්‍ය කටයුතු කළේ පළමුවැනි කාලච්ඡේදයේ විතරයි. හරි ෂෝක් වැඩේ කියන්නේ, හැමදාම අපේ පන්තියේ මුල් කාලච්ඡේදය ඉතිහාසය. ඒ නිසා අද දවසටම ඉතිහාසෙ විතරයි, ඒ කියන්නේ “අද ඓතිහාසික දවසක් !”
වෙනත් පාසල් වලින් [...]

දකුණු පළාතේ හොඳම විදුහල්පති

October 27, 2008

අපේ විදුහල්පති කිත්සිරි ලියනගමගේ මැතිතුමාට තවත් සම්මානයක් ප්‍රධානය කරලා. ඒ “දකුණු පළාතේ හොඳම විදුහල්පති” හැටියට.
පාසලට එතුමාගෙන් වුනු මෙහෙය අපමණයි. ශාන්ත ඇලෝසියස් විද්‍යාලය සමග කරන “දෙනුවර සටන” මහ ක්‍රිකට් තරගාවලියේ සමාරම්භකයෙක් හැටි‍යටත් එතුමා ඉතිහාස ගත වනු ඇති.
රාහුලය නිසා නො බැබලුනු එතුමා, තමන් නිසා රාහුලය බබලවන්නට කටයුතු කරනවා.
සුනාමි කාල සීමාවේදී පාසලේ අධ්‍යයන කටයුතු වලට සිදුවන පාඩුව වත් [...]

මතු රැකෙනා ශිල්පය ම යි උගත මනා !

October 27, 2008

පහත සඳහන් කොටස උපුටා ගත්තේ “My notion මේ මගේ මතය” නම් බ්ලොගයෙනි. එහි සඳහන් වන්නේ මගේද සිතේ කලක පටන් තිබුනු නමුත් වදන් වලට හරවා ගත නොහැකි වුනු අදහස් සමූහයකි. එය කියවා බලන්න.
—–උපුටා ගැනීම—–
බොරු කියන එකාගේ හොඳ
අත්තනායක එම් හේරත් මැතිතුමාගේ මතය අනුව බොරු කියන එකා හොඳ දක්ෂයෙකි. සාහිත්‍යය යනු බොරුව හා සෞන්දර්ය යන දෙකේ සුන්දර එකතුවකි. [...]

වැස්ස ! වැස්ස !! දකුණට එන්න !!!

October 22, 2008

මේ දවස් වල කොයි කවුරු හම්බ වුනත් කතා කරන්නෙ වැස්ස ගැන. එක අතකට පහුගිය දවස් ටිකේ තිබුනු උෂ්ණත්වය ඉවසුවට වඩා වැස්ස ඉවසන එක ලේසි යි. වැස්ස වෙලාවට අපහසු තාවය දැනෙන්නෙ එළියෙ හිටියොත් නේ ?
වැස්ස නිසා බාධාවට පත්වෙන කවුරුත් මා එක්ක අමනාප වෙන්ට එපා, මම නං කැමති හොඳට ගොරවල වහිනවට. ඒ කියන්නෙ කොහාට හරි අකුණු ගහන්න [...]

මවුබිම වෙනුවෙන් ජාතික වගකීමක් ඉටු කරමු !

October 19, 2008

ශ්‍රී ලංකාව සතු හමුදාවන් තුනකි. ඒ,

යුධ
ගුවන්
නාවික

ලෙසය.
ගොඩ බිම, ගුවන සහ මුහුද යන ස්ථාන වලදී පමණක් ප්‍රහාර එල්ල වුනේ අතීතයේ ය. වර්තමානය වන විට ඉහත ස්ථාන මෙන්ම තවත් ස්ථානයක් දක්නට ලැබේ. එය සයිබර් ලොවයි. සයිබර් ලොව හරහාද ත්‍රස්තවාදියා මවුබිමට එරෙහිව ප්‍රහාර එල්ල කරමින් පවතින නමුත්, ප්‍රතිප්‍රහාර හා ප්‍රහාර එල්ල කිරීමට ශ්‍රී ලංකාව සතුව “ශ්‍රී ලංකා සයිබර් හමුදාව” [...]

ප්‍රශ්නය+පිළිතුර=ප්‍රශ්නය

October 19, 2008

මේ සිතිවිල්ල මට ඇතිවුනේ සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයට අදාළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සපයමින් ඉන්න ගමන්.
ඒ ප්‍රශ්න කිහිපය තුල මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තිබුනා,
“එක්සත් ජාතීන්ගේ සංවිධානය තමන් ගේ පරමාර්ථ ඉටු කර ගැනීමේදී ගෙන ඇති ක්‍රියා මාර්ග මේතාක් දුරට සාර්ථක වී ඇති බව නිදසුන් දෙමින් පැහැදිලි කරන්න.”

කොහොමද ප්‍රශ්නය, වෙන කස්ටියක් කරන වැඩ සාධාරණීකරණය කරන්නට හේතු දක්වන්න ය කියලමේ [...]

ලක්‍ෂමන් කිරි ඇල්ල, එක්සත් (වි)ජාතික පක්‍ෂය, ඉන්දියාව හා තමිල්නාඩුව.

October 16, 2008

මෙච්චර දවස් කරුණාණිධි කියන *ස බල්ලගෙ කතා අපි රූපවාහිනියෙන් අහං හිටියා. ඌ හිතං ඉන්නෙ ලංකාව කියන්නෙ තමිල්නාඩුවෙ දිස්ත්‍රික්කයක් ය කියල. **ගෙ *තා. ලංකාවෙ “ප්‍රශ්නෙ” ට ඉංදියං මධ්‍යම ආණ්ඩුව මැදිහත් වුනේ නැත්නම් පිරපාහරන්ට *ක දෙන ඌයි, උගේ සහචරයො 40 කුයි ඉංදියං පාර්ලිමේන්තුවෙං ඉල්ලා අස් වෙනව ලු. උං ඉල්ලා අස්වෙන්න බැරි නම්, ඕන බංබුවක් ගහ ගත්තට අපිට [...]

රාහුල විද්‍යාලය : SLGenius අවසන් 64 ට ගිය මා.

October 16, 2008

පසුගිය ඉරිදා (12) තිබිනු තරගයෙන් මම SLGenius අවසන් 64 දෙනා අතරට තේරුනා.
රූපවාහිනී තරග වට පැවැත්වුනේ BMICH වල. මුළු මාතර දිස්ත්‍රික්කය වෙනුවෙන් එතැන හිටියේ මම විතරයි. අට දෙනෙක් තරගයට සහභාගි වුනා. එතනින් තුන් දෙනෙක්ම මාත් එක්ක ෆිටේ ෆිට් වුනු දෙන්නෙක්. එක්කෙනෙක් ගාල්ලෙ මහින්දෙ පසිඳු, එක්කෙනෙක් කොළඹ අශෝකෙ සිනෙත් අනිත් එක්කෙනා පානදුරේ ශ්‍රී සුමංගලේ බුවෙක්.
තව වව්නියාවෙනුයි, ජෝසප් [...]

රාහුල විද්‍යාලය : SLGenius අවසන් 128 වටයේදී

October 16, 2008

SLGenius හි අවසන් 128 දෙනා අතුරින්, රූපවාහිනී තරග වට සඳහා 6 දෙනෙක් තෝරා ගැනීම සඳහා පවත්වන තරගය පසුගිය 12 වැනි ඉරිදා UCSC හි දී පැවැත්වුනා.
බහුවරණ ප්‍රශ්න පත්‍රයක් ලෙස පැවැත්වුනු මේ තරගයෙන් වැඩිම ලකුණු ලබාගත් 64 දෙනෙක් රූපවාහිනී තරග වට සඳහා තෝරා ගත්තා.
මෙම තරගය සඳහා රාහුලයෙන් 4 දෙනෙකු සහභාගි වීමට නියමිත වුනත් ආවේ මමත් ගණිඳු ත් [...]