ගුරු හොරුංගේ කෙහෙම්මල් උද්දාමය

අම්මප, තරහ වෙන්න එපා… මගේ හිතේ තියන ආවේගෙ මං එහෙම්මම ටයිප් කොරනව. එක වචනයක් වෙනස් කොරන්නෙ නැතිව. සමහර තැංවල *** කියල තියන ඒවුව තමුංනැහෙලම හිතාගන්න එකයි ඇත්තෙ.

අපේ රටේ සමහර දේශපාලුවොයි ගසා කන්නොයි ඇරුණම රට කන අනිත් එවුං තමයි ගුරු හොරුය කියල කියන්නෙ. ගුරු හොරුය කිවුවම විබාග දෙපාර්තමේන්තුවෙ සමහර එකාලත් මුංගෙ ගොඩටමයි වැටෙන්නෙ.

3-4-5 වසර වල පොඩි එවුංගෙ මොළේ නරක් කරල උංව පොඩි කාලෙම ආත්මාර්ථකාමී බූරුවො රැලක්, කිසිම හැඟීමක් නැතිව හුළට ගහගෙන යන්නං මන්ද පැටවු ටිකක් කොරන්න ලංකාවෙ තියන එක තමාය සිස්ස තත්තේ. සිස්සයගෙ කෙසේ වෙතත් ඕක හදන ගොං බූරු වහන්සෙලගේ තත්තෙ නං ඒ විබාගෙං හිතා ගන්න පුළුවං.

අවුරුදු 3 විතර තමංගෙ ජීවිතෙක් මේ කමකට නැති ***ට කැප කොරල නිදහසේ ඉන්න තියන කාලෙ කෙහෙම්මල් පංති ගානෙයි, විබාගෙ ලංවෙන්න ලංවෙන්න ලෝකෙත් නැති පංසල්-පල්ලි-දේවාල ගානෙයි අරං ඇවිදින පොඩි උංගෙ අම්මල රොත්තට තමයි කෙහෙම්මල් සිස්ස තත්තෙ ගැන කැහිල්ල තියෙන්නෙ.

මේ අවුරුද්දෙ සිස්ස තත්ත පොරතිපල ආවට පස්සෙ අර විබාග දෙපාරතමේන්තුවෙ ලොකු පුටුවෙ ඉන්න ***ගෙ *තා කිවුවලු අන්තර්ජාලෙට දැම්ම පොරතිළුල නිකුත් කොරංන බැරියෙයි කියල. (දැං එකෙක් කියාවි අන්තර්ජාලෙ නෙවේය තුරු දැලය කියල, තුරු දැල බැරි නං ඕන ***ක් ගහගන්න එකයි ඇත්තෙ)

ඩයලොග් එකට පැත්තෙං දීල හදාගත්තු සයිට් එකේ පොරති පල දාන්න බැරියෙයි කියංනෙ, එයැයි වෙන්න ඇති රටේ පොරතිපත්ති තීරණේ කොරන එකා. අනිත් හැම කෙහෙම්මලම ඉන්ටනෙට් දමා දමා ඊ ගවමන්ට් සිස්ටම් හදන්න යන රටේ, විබාග පොරතිපල අන්තරජාලෙ නෑ !!!! අන්තිමට කොහොමහරි ජනාධිපති ඒක අන්තර්ජාලෙට දාන්නෙයි කියල කියල තිබ්බ.

ඌ අරම කියල තියෙන්නෙ, පොඩි එවුං අන්තර්ජාලෙං පොරතිපල දැනගත්තම උං ආපහු සැරයක් පොරතිපල බලන්න ඉස්කෝලෙට යන්නෙ නැහැය. එහෙම නොගියම ගුරු හොරුංට පොඩි අවුංට පොරතිපල කියල උද්දාම වෙංන බැරියෙයි කියල.

මොකට කියනවයි මුංගෙ උද්දාමෙ. පොඩි එවුං උදේ ඉදන් රෑවෙනකං පංති ගානෙ බඩගාල කොහොමහරි විබාග පාස් කොරාම ඒකෙ උද්දාමෙ අර ඉස්කෝලෙ ඉංන එකාලට. පොඩි එවුං ගිහිල්ල ඒ එකාලට වැඳල පුදල පුළුටක් දෙකක් දීල පෙංනංන එපැයි ගුරු බක්කිය !

මෙවුං ඉස්කෝලෙට වෙලා අයිස් ගහ ගහ ඉඳල ටියුසං පන්තියට කොල්ලො ගෙන්න ගන්න.

විබාගෙ පාස් වුනේ පොඩි එකා, ඒ කෙහෙම්මලකිං අරුංට මොකද ?

ඇත්තටම අවංකව උගන්නපු ගුරුවරයෙක් නං, අන්තර්ජාලෙං රිසල්ට්ස් බැලුවත් පොඩි එවුංටික ගිහිල්ල කතා බහ කොරල ඒවි. එහෙම නැතුව බලෙං පොඩි එවුං පොරති පල බලන්න ඉස්කෝලෙට ගෙංනගංනෙ මුං හරියට තමංගෙ වැඩේ කරේ නැතෙයි කියල මුංම දන්න හිංද නේ ?

අවුරුද්දෙ මාස ගානක් එහෙම්මම නිවාඩු. හවස එක හමාරෙං පස්සෙත් නිවාඩු. දොස්තරලට වගේ මුංට රාජකාර කාලෙං පස්සෙත් හම්බ කරංන පුළුවං. වෙන එවුංට එහෙම බෑනෙ ? පුග්ගලයං මක්කද කොරන දෙපාර්තමේන්තුවෙ එකෙකුට බෑනෙ වැඩ ඇරිල ඇවිල්ල පුද්ගලික හැදුනුම් පත් නිකුත් කොරන මධ්යස්තානයක් කොරංන ?

එහෙමත් කොරල දොස්තරයොයි ගුරු හොරුයි, මුං දෙගොල්ලොම තමයි කොරන තරමක් වර්ජන කොරංනෙ.

මේක ටයිප් කොරපු ගමං පබ්ලිෂ් කොරනව. තව ටිකක් වෙලා හිටියොත් ලියපු කොරමේ හොඳනෑ කියල මටම හිතෙයි පබ්ලිෂ් නොකර ඉන්න.

මේක කියවල මං ගැන අමුතු විදියට හිතුවත් මට කමක් නෑ… ඔහේල මංගැන කොහොම හිතුවත් මට මොකෝ ? මට හිතෙන එක මං කියනෝ… ඒක එච්චරයි !

6 Responses to “ගුරු හොරුංගේ කෙහෙම්මල් උද්දාමය”

  1. හත්වලාමෙ :O

  2. උඹේ කතාවනම් සහතික ඇත්ත.

  3. බොහෝ දේවල් ඇත්ත. ඒත් ටිකක් සැර වැඩිද මංද?
    ප්‍රතිඵල අන්තර්ජාලයට දාපු නැතිඑකනම් අන්තිම සවුත්තු වැඩක්. අන්තර්ජාලයට නොදාන්න හේතු හරි බොළදයි නේද? (http://nadunuyana.blogspot.com/2008/09/blog-post_19.html)

    තමන්ගෙන් ඉගෙන ගත්ත ලමයෙක් තමන් ළගට ඇවිත් ප්‍රතිඵල කියන්නෙ නැතිනම් ඒ ගුරුවරයා ලමයට මොනවද උගන්නල තියෙන්නෙ? සිරිත් විරිත් කියන ඒව උගන්වන එකත් අපි ගුරුවරයෙක්ගෙන් බලා පොරොත්තු වෙනවා.
    හැබැයි ලමය සිය කැමැත්තෙන් ඇවිත් ප්‍රතිඵල කියන්නෙ නැත්නම් එහෙම ලමයින්ව බලහත්කාරෙන් ගෙන්නුවයි කියල ඒ ලමයට ගුරු ගෞරවය ඇති වෙන්නෙ නෑ.

    අනේ ගුරු දෙවිවරුනි, අපි තවමත් (හැමදාමත්) ඔබට ආදරෙයි. හැබැයි මේ යන විදිහට ගියොත් අනාගත පරම්පරාව ඔබ ගැන මොනව හිතයිද සැකයි. ඒක හන්ද යමක් කරද්දි දෙපාරක් හිතන්න. මොකද ඔබ කරන්නේ රැකියාවක් නොව සේවයක් නිසා.

  4. හත්වලාමෙ!! :O

    එක්කෙනෙක් දෙන්නෙක් හොදනැති ගුරුවරු උනාට මල්ලී බහුතරය එහෙම නෑ. ආවේගශීලීව අවිචාරාත්මකව ලිවීමෙන් අනර්ථයක් වෙන්නෙ ඔයාටමයි. ඔයත් අර ගොඩට වැටෙන එකයි වෙන්නෙ!!

    මම නම් හිතන්නෙ අපේ අධ්‍යාපන ක්‍රමයේ ලොකු වැරැද්දක් තියෙනවා. ඒක කොහෙන් කොහොම ඇතිඋන එකක්ද මන්දා. දැන් ඒ වැරැද්ද ටික ටික හරි ගස්සන් යනවා වගේ…. (නව නිර්දේශය) ඔයාටත් මං කියන එක තව ටික දවසක්න් තේරෙයි….. (ඒක කාලයට බාරයි. උසස් පෙල කරායින් පස්සෙ හිතලා බලන්න ඔයා OL ඉවර වෙලා AL කරද්දි තත්වෙ කොහොමද කියලා)

    මම හිතරිදවන්න අදහස් කලේ නෑ. නොලියා ඉන්න බැරිම උනා.

    ජය෴

    ප.ලි- ගුරුවරුන්ට එලෙස කතා කිරීම මම තරයේ හෙලා දකිනවා. මොනවා උනත් ඔවුන් අපේ ගුරුවරු!!

  5. @ Maduhuranga

    අපොයි නැහැ, කිසිම හිත් රිදීමක් නැහැ. එකම කරුණ සම්බන්ධයෙන් විවිධ අයට විවිධ අදහස් තියෙන්න පුළුවං කියන එක අපි ඔක්කොම දන්න දෙයක් නේ ? ඕන දෙයක් කියන්න, ඒක කියවනකොට කියවන කෙනාට අප්‍රසන්න ගතියක් තියනව කියල මට පේන්නෙ නැතිනම් මම ඕන comment එකක් approve කරනව.

    ——————–
    * “දැන් ඒ වැරැද්ද ටික ටික හරි ගස්සන් යනවා වගේ…. (නව නිර්දේශය) ඔයාටත් මං කියන එක තව ටික දවසක්න් තේරෙයි…..” :

    ** වැරදි හරිගැස්සීම කෙසේ වෙතත්, තව තවත් මේක අවුල් ජාලයක් කරන බවයි පේන්නෙ. උගන්නන්නෙ කවුරු වෙතත් (නියම ගුරුවරු, අඳුරන ලොක්කො නිසා ආපු බූරු වහන්සෙල, හැට පැනලත් ගෙදර යන්නෙ නැතිව අළුත් සිතිවිලි එක්ක කලහ කරන සම්ප්‍රදායික බුවාලා ඇතුළුව), ඉගන ගන්නෙ අපි නේ ? මේකෙ රඟ තේරෙන්නෙ අපිට නේ ?

    සමාජයේ අවශ්‍යතා මතද මේ කට්ටිය මේ විෂය නිර්දේශ සංශෝධන කරන්නේ ? ඔය එක්කෙනෙක් වත් ඔය කෙහෙම්මල් සංශෝධන කරන්න කලිං ශිෂ්‍ය ප්‍රජාවෙන් ඇහුවද බොලාට මොනවද අනාගතේ කරන්න හිතන් ඉන්නේ, ඒ සඳහා මොනවද උඹලට ඉගන ගන්න ඕනේ කියල ? විෂය මාලාව දියුණු වෙනව කියන්නෙ ආදි කාලෙ පර සුද්දට ඕන විදියට හදපු විෂය නිර්දේශය නැවත නැවත හුණු ගගා අපිට දෙන එක නෙවෙයි,

    ඉගන ගන්න සියළු ශිෂ්‍යයන්ගෙ ඉලක්කයන් එකක් නොවෙයි. නමුත්, මේ හැම කෙනාටම ඉගන ගන්න වෙන්නෙ එකට විෂයයන් ටිකක්. ඔය විෂයයන් තෝරා ගැනීම කියන්නෙ විහිළුවක් විතරයි.
    කවුරුහරි ශීෂ්‍යයෙක් ට ඔය එකම විෂයයක් පිළිබඳවවත් ඇල්මක් නැතිව වෙනත් දෙයක් ගැන යොමුවෙන්න ඉලක්කයක් තිබ්බොත් ? අවුරුදු ගණනක් පුරා වටිනා කාලය අපතේ යවමින් (“අපතේ යවමින්” කියල මම කිවුවෙ වැරදිලා නෙවෙයි, ඒක එහෙමම තමයි) පාසලේ “ඉගන ගත්තු” දේ පැත්තකට දමල සම්පූර්ණයෙන් වෙනත් දෙයකට යොමු වෙන්න.
    ——————–
    * “ගුරුවරුන්ට එලෙස කතා කිරීම මම තරයේ හෙලා දකිනවා. මොනවා උනත් ඔවුන් අපේ ගුරුවරු!!”

    ** මම “ගුරුවරුන්” ට ගරු කරනවා. හිතට එකඟව ඇත්තටම කැපවීමෙන් වැඩකරන සුළුතරයක් ගුරුවරු මට හමුවෙලා තියනව. අදටත් මම එවැනි ගුරුවරුන්ගෙන් ඉගන ගන්නව.

    නමුත් බහුතරය තමයි “ගුරු හොරු”. ඒකට මෙහෙම හේතුවකුත් තියනව. ඔය ගුරු සංගම් ආදියේ මුල් පුටු වල ඉන්නෙ කාගෙ හරි පක්ෂයක උවමනා එපා කම් වෙනුවෙන් උඩු බුරන, තවත් ගුරුවරු ඒ සඳහා ඇදගෙන යන, හොරිකඩ බල්ලො ටිකක් ඉන්නව. උන්වයි උල තියන්න ඕන.

    ඇතැම් ගුරු හොරු වර්ජන ආදියට සහභාගි වෙන්න ගුරුවරුන්ට බල කරමින් විවිධ බලපෑම් එල්ල කරන බව අප සමග කියා ඇත්තේ ගුරුවරුමයි.

    අනෙක් අතට, මම ගුරුවරුන්ගෙන් ඉගන ගත්තා කියා වල් බූරු ලෙස ඔවුන්ට යටත් වීමක්, වලිගේ පස්ස පැත්තේ ගහගැනීමක් මගේ නැහැ. ඔවුන්ට එරෙහිව මගේ විවේචන මම සඟවාගන්නේ නැහැ. ඉගැන්වීම ඔවුන්ගේ රැකියාව වූ පමණින්, ඔවුන් අපට සේවා සැපයූ පමණින් මම ඔවුන් කරන සියල්ල අනුමත කරන්නෙත් නැහැ.
    ——————–

  6. ඔව් මල්ලි, ඔයා කියන එකේ ඇත්තක් තියෙනවා. මම බැලුවා 10-11 විද්‍යාව පොත. ඒකෙ තියෙන උදාහරණ එහෙම තනිකර අපට නුහුරු සුද්දන්ගෙ දේවල්. කතුවරුන්ට ඒවා තව සරල කරන්න තිබිබා෴ ඒත් කලින් තිබ්බ විශය කරුණු වලට වඩා හොදයි / ගැඹුරුයි. ඒක ඔයාලට අමාරු ඇති. ඒ ඔයාලා පෙර පන්ති වල සිට පුරුදු පුහුණු නොවුන නිසා. ඒ කියන්නෙ ඔය අලුත් විශය නිර්දේශය 6 වසරේ සිට කරගෙන එය අයට එතරම් ගැටළුවක් නොවේවි෴

    හැමදාමත් අළුත් විශය නිර්දෙශයක් එද්දි ගැටළු ගොඩක් එනවා. ප්‍රධානම එක තමයි ගුරුවරු විශයට අනුගත නොවීම. අවාසනාවකට ඔයාලා ඒකට මාට්ටු වෙලා. නමුත් සාමාන්‍යයෙන් විභාගය ලිහිල් කිරීමෙන් ඊට සහන ලබා දෙනවා…..

    මල්ලී දැන් ඔය කරන්න යන්නෙ උසස් පෙල තියෙන ඒවා ටිකක් ඔයාලට දාලා අළුත් දේවල් ටිකක් උසස් පෙළට දාන්න. ඒකෙන් වාසි කීපයක් වෙනවා.
    -සාමාන්‍ය පෙල හා උසස් පෙල අතර පරතරය අඩු වෙනවා
    -උසස් පෙල පරිසාදන මට්ටමට සිසුන් යොමු කිරීම පහසු වෙනවා. ඒ කියන්නෙ ඔළුව උසස් පෙලට උවිත පරිදි හැඩ ගැසීමට…
    -හොද මානසික මට්ටමකින් යුතු / හොද තර්කන හැකියාවක් ඇති සමාජයට උවිත පිරිසක් බිහි වෙනවා….

    අපිට මල්ලි ඉගෙන ගන්න වෙලා තියෙන්නෙ සුද්දගෙ ඒවම තමයි. ඇරිස්ටොටල් ගෙන් පටන් ගත්තාම නිව්ටන් ගාවටම උගන්නවා. ඒත් චුට්ට චුට්ට. ඉතිරිවා හොදට ලුණු ඇබුල් ඇතිව විශ්ව විද්‍යාලයේදී උගන්නවා….. විද්‍යාව පැත්තෙන් වෙන ඉගෙන ගන්න දෙයක් නෑ… අවශ්‍යතාවය වෙන්නෙ ඒ ඉගෙනගත් දේ අපේ අවශ්‍යතා වලට යොදා ගැනීම෴

    ඉගෙන ගන්නා සියළු සිසුන්ගේ අභිමතාර්ථ වෙනස් වුවද
    -සමාජයේ ජීවත් වීමට
    -අවශ්‍ය කේෂත්‍රයට පසුබිම් දැනුම හා තර්කන හැකියාව ලබා ගැනීමට
    ඔවුන් යම් හෝ තරමක දෙයක් ඉගෙන ගත යුතුයි. ඒ අඩිතාලම ලබාදෙන්නේ 9-10-11 වසර වලදී…. එනිසා එය කාලය අපතේ හැරීමක් නොවෙයි. ඉන් පසු තමන්ගේ අභිමතය පරිදි විශය ධාරාවක් තෝරා ගත හැකියි෴

    ගුරු සංගම් වල නම් ප්‍රශ්න කෝටියයි….. එය දේශපාලනීකරණය වෙලා….. වැඩි විස්තර ටිකක් මමත් හොයලා බලන්න ඕනා…

    සමස්ථයක් වශයෙන් මම දකින්නෙ බහුතරයක් ගැටළු මතුව ඇත්තේ දේශපාලණීකරණය හා පටු දේශපාලන අවශ්‍යතා නිසා බවයි෴ මට හැගෙන අනික් දේ තමයි ලංකාවේ සම්පුර්ණ සමාජ / ආර්ථික / අධ්‍යාපන…. පද්ධතියේම මොකක්දෝ මන්දා අවුල් වියවුල් වීමක් තියෙනවා… මට ඒක වචනෙට නගන්න බෑ. ඒත් එහෙම එකක් (අස්ථාවර බවක්) දැනෙනවා

    ජය෴


Leave a Reply