සිංහල 7-Zip

7-Zip යනු, WinZIP – WinRAR වැනි ගොනු හකුළුවන ආවුදය (File compression tool) කි. විශේෂත්වය වන්නේ මෙය නිදහස් මෘදුකාංගයක් වීමයි. එනම් මෙය තමන් කැමති ආකාරයට භාවිතා කිරීමට, වෙනස් කිරීමට හා බෙදා හැරීමට පරිශීලකයාට නිදහස තිබීමයි.

මෙහි අතුරුමුහුණතේ දැක්වෙන භාෂාව සකස්වන්නේ පිටතින් ඇති භාෂා ගොනු (Language files) උපයෝගී කරගනිමිනි.

ඒ ක්රමවේදය භාවිතා කරමින් මම එය සඳහා සිංහල භාෂා ගොනුවක් තැනුවා.

ඩනිෂ්ක අයියගේ සිංහල ෆයර්ෆොක්ස් තරම් වැදගැම්මකට ඇති මෘදුකාංගයක් නොවුනට, මේකත් ඒ තරම් නරක නැහැ.

පහත දැක්වෙන්නේ එහි පහසුකම් සමහරක්,

  • විවෘත කළ හැකි හැකිළුම් වර්ග,
    • 7z (7-Zip හි සම්මත හැකිළුම් රටාව)
    • arj
    • bz2
    • bzip2
    • cab
    • cpio
    • deb
    • gz
    • gzip
    • iso
    • lha
    • lzh
    • rar
    • rpm
    • split
    • swm
    • tar
    • taz
    • tbz
    • tbz2
    • tgz
    • tpz
    • wim
    • z
    • zip
  • ලිවිය හැකිළුම් වර්ග
    • 7z
    • BZip2
    • GZip
    • Tar
    • Zip
  • ලිවිය හැකි ක්රම
    • Store
    • Fastest
    • Fast
    • Normal
    • Maximum
    • Ultra
  • Windows Explorere වෙනුවට ආදේශකයක් ලෙසත් මෙය භාවිතා කරන්නට පුළුවන්.
  • පවතින අනෙක් සියළු ගොනු හැකුළුම් ආවුද වලට වඩා මෙය වේගවත් බව නිර්මාපකයන් කියනවා.
  • WinZip වලට වඩා නම් ඇත්තටම ඉක්මන්. (Ultra mode එකේදී පවා).

7-Zip 4.57 සිහල භාෂා ගොනුව බාගන්න. ඉන්පසු 7-Zip ස්ථාපනය කළ බහාලුමට ගොස්, එහි “Lang” නම් උප බහාලුමට si.txt යන ගොනුව පිටපත කරන්න.

ඔබ සතුව 7-Zip නැතිනම්, 7-Zip.org වෙත ගොස් වත්මන් නවතම ස්ථායි සංස්කරණය වන 4.57 බාගත කරගන්න.

si.txt ගොනුව lang බහාලුමට පිටපත් කළ පසු, 7-Zip මෘදුකාංගය වෙත් ගොස් Tools -> Options යටතේ ලැබෙන සංවාද කොටුවේ Language නම් ටැබය වෙත ගොස්, එහි ඇති ගලා හැලෙන මෙනුවෙන් Sinhala(සිංහල) යන්න තෝරන්න.

7-Zip මෘදුකාංගයේ හා සිංහල භාෂා ගොනුවේ යාවත්කාල කිරීම් පිළිබඳ මෙම බ්ලොගය තුලින් ඔබව දැනුවත් කරන්නම් !

10 Responses to “සිංහල 7-Zip”

  1. ෂා………….. මරු………….
    ජය෴

  2. සුබපැතුම්!! නියමයි! :D
    තවත් දිගටම දේශියකරණයට යමුවන්න.

    >ඩනිෂ්ක අයියගේ සිංහල ෆයර්ෆොක්ස් තරම් වැදගැම්මකට ඇති මෘදුකාංගයක් නොවුනට, මේකත් ඒ තරම් නරක නැහැ.

    ෆයර්ෆොක්ස් කාටවත් අයිති ප්‍රජාවටයි අයිති :)

    ඔබ කළ මෙම වටිනා ක්‍රියාවේ ප්‍රයෝජනය අන් අයටත් ගන්න.
    එම සිංහල ගොනු අදාල සංවර්ධකයින්ට ලැබීමට සලස්වන්න.
    එවිට මෙය අතිසාර්තක වනු ඇත.

    ඔබේ බ්ලොග් එකට මෙම මෘදුකාංගය ලබා ගන්න සිංහල භාවිත කරන අය එන්නේ නැති නිසා, හැමෝටම මෙම පණිවිඩය යන්නේ නැ.

    එම නිසා හැකි ඉක්මනින් අදාල සංවර්ධකයා හෝ සංවර්ධක කණ්ඩායමට දන්වන්න. :)

    ස්තුතියි!

  3. මෙන්න Feature request එකක් කළා.
    ඔවුන් ඔබව අමතා වි යයි බලා පොරොත්තු වෙමි

    https://sourceforge.net/tracker/index.php?func=detail&aid=2098878&group_id=14481&atid=364481

  4. නියමයි වැඩේ… දිගටම මේ වගේ වැඩ කරගෙන යන්න සුභ පැතුම්…!

  5. වැඩේ හරි,
    මීළඟ නිකුතුවේ සිංහල එනවා. ඊයේ රැ මම කළ ඉල්ලීමට නිසි පිළිතුරු ආවා :D

    ඔයා දැන් sourceforge.net ගිණුමක් හදාගන්න.
    ඊට පස්සේ ඒ අදාල කෙනා එක්ක ඔයා සම්බන්ධ වෙන්න.

    මීලඟ නිකුතුව එනම් 7-Zip 4.60 beta සඳහා සිංහල එක් වේවි.

    ඔයාට දැන් මෙකේ සිංහල වැරදි ඇත්නම් පැච් එකක් හදලා ව්‍යපෘතියට දෙන්න.

    මේකත් කියවන්න http://www.7-zip.org/translation.txt

  6. මරේ මරු, ඔහොම පොඩ් ඒවගෙන් පටන්ගමු. එතකොට අපිට හොද කලෙක්ෂන් එකක් එකතු වේවි.

    දිගටම කරගෙන යන්න

  7. ස්තුතියි ඔබගේ ව්‍යායාමය පාවිච්චිකර බලන්නම්

    නිමල්

  8. ඔය තියෙන්නේ වැඩ! එළ එළ! උණුසුම් සුභ පැතුම්!!!

  9. නියමයි, මගේ සුබ පැතුම්

  10. එල කිරි සොයුර ..මම භාවිතා කරන්නේ 7-Zip … ඔබේ පරිවර්තණය මම යොදා ගන්නම් !


Leave a Reply