භික්ෂු වෙස්ගත් පුද්ගලයින් හරහා රට නව අර්බුදයකට ගෙනයාමක් ?
චීවර ධාරීන් දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත වීම මේ දින වල උණුසුම් අන්දමින් කතාබහට ලක්වන කාරණාවක්. මේ සිදුවීම් දෙකට හේතු ලෙස දක්නට ලැබෙන්නේ වෙනස් හේතු දෙකක්.
01. පළමු වැනි සිද්ධිය වන්නේ රාත්රී 10න් පසු ශබ්ද වර්ධක යොදාගනිමින් ශබ්ද දූෂණ පනත උල්ලංඝනය කරමින් කරන ලද ප්රචාරය කිරීමක් සමිබන්ධව පන්සලක නායක ස්වාමීන් වහන්සේ කෙනෙකුට එරෙහිව ගෙන යන නඩුවකි.
02. අනෙක, සිවුරක් ලෙස පෙනෙන ඇඳුමක් හැඳගත් අපරාධකරුවෙකු විසින් තවත් පිරිසක් සමග හින්දු කෝවිලක ආගමික උත්සව අවස්ථාවකට කඩාවැදී, එහි ඇති දේපළ ආදියට අළාභහානි කළ සිද්ධියක් සම්බන්ධවය.
මාගේ අවබෝධයේ ආකාරයට, චීවර ධාරීන්ද නීතිමය ඇසින් බලන කල පුරවැසියෙක් පමණි. ඔවුන්ද යම් කිසි ක්රියාවක් සම්බන්ධව අධිකරණයට ඉදිරිපත් වන ලෙස නියෝග කරන ලද කල්හි එය නොසලකා හැරීමේ කිසිදු හැකියාවක් ඔවුනට නැත. මෙකී පළමු වැනි සිද්ධියට අදාළ ස්වාමීන් වහන්සේ වෙත අධිකරණයට ඉදිරිපත් වන ලෙස කී පළමු අවස්ථාවේ එසේ ඉදිරිපත් විනි නම්, ඇතැම්විට රක්ෂිත බන්ධනාගාර ගතවීමෙන් වැලකී, ඉදිරි නඩුවාර වලට සහභාගී වීමේ හැකියාව ලැබෙන්නට ඉඩ තිබෙන්නට ඇත. නමුත්, ප්රවෘත්ති වල ආකාරයට එම ස්වාමීන් වහන්සේ එසේ ඉදිරිපත් වී නොමැත, එවිට උන්වහන්සේ අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය කළ නියෝගයේ කිසිදු සදොස් බවක් දක්නට ලැබෙන්නේ නොවේ. මන්ද එය, බොද්ධ භික්ෂූන් වහන්සේ කෙනෙකු හෝ අන්යාගමික පූජකයෙකු පමණක් නොව ඕනැම ශ්රී ලාංකික පුරවැසියෙකු සම්බන්ධව ශ්රී ලංකා අධිකරණය ගන්නා ක්රියාමාර්ගයක් වන බැවිනි.
දෙවැනි කාරණය වන්නේ, සිවුරක් ලෙස පෙනෙන ඇඳුමක් හැඳගත් අපරාධකරුවෙකු විසින් තවත් පිරිසක් සමග හින්දු කෝවිලක ආගමික උත්සව අවස්ථාවකට කඩාවැදී, එහි ඇති දේපළ ආදියට අළාභහානි කළ සිද්ධියකි. මෙවන් අපරාධ කරන්නෙකු කෙසේනම් “භික්ෂූන් වහන්සේ කෙනෙකු” ලෙස හඳුන්වා අපගේ ගරුතර සංඝරත්නයට අගෞරව කරන්නද ? අන්යාගමික පූජ්යස්ථාන වලට කඩා වැදී එහි ඇති දේපළ වලට අලාභ හානි කිරීම බෞද්ධ නොව කිසිදු ආගමක, දර්ශනයක හෝ වාදයක – ත්රස්තවාදයේ හැර – අනුමත කරන්නක් නොවන බව මාගේ හැඟීමයි. අනෙක් සංඝ පරපුර හා බෞද්ධ ජනයා විසින් කළ යුත්තේ මෙකී සිවුරක් ලෙස පෙනෙන ඇඳුමක් හැඳගත් අපරාධකරු වෙනුවෙන් කට දෙඩවීම නොව, එම අපරාධ කරුට දිය හැකි ඉහළම දඬුවමක් දීම සම්බන්ධව තමන්ට කිසිදු ගැටළුවක් නොමැති බව ප්රකාශ කිරීමයි. බුදුන් වහන්සේ වදාළ, ක්රියාවෙන් ඔප්පුකොට පෙන්වූ අන්තර්-ආගමික සහජීවනය මෙය ද ?
මතුපිටින් හුදෙක් චූදිතයන් දෙදෙනෙකු සම්බන්ධ ගැටළුවක් වුවද, මෙම කාරණා ඇතමුන් සිය වාසිය සඳහා හරවා ගැනීමට නිර්ලජ්ජිත ලෙස දොඩවන හා හැසිරෙන ආකාරය මාධ්ය මගින් දැක බලාගත හැකිය.
නමුත් මෙම ක්රියාදාමය නොහොත් ක්රියා ජාලය තුල මා දකින්නේ වෙනත් භයානක උවදුරක සෙවනැල්ලකි.
- බෞද්ධ ජනතාව ඉතා භක්තියෙන් ගරු කරන සංඝයා වහන්සේ සිරගත කිරීම් සම්බන්ධව “කලබලයක්” බෞද්ධ ජනතාව තුළ ගොඩනගා, එකී “සිදුවීම්” වලට හේතුව ලෙස රජය පෙන්වා, ජනතාව තුළ රජය කෙරෙහි අප්රසාදයක් ඇති කිරීම.
- බෞද්ධ භික්ෂු වෙස්ගත් අපරාධ කරුවෙකු මාර්ගයෙන්, හින්දු කෝවිලකට අලාභ-හානි සිදුකොට, හින්දු ආගමිකයන් තුළ බෞද්ධ ආගමිකයන් කෙරෙහි “වෛරයක්” ගොඩ නැගීම.
- ඉහත කාරණා 2 උපයෝගී කරගනිමින් “දකුණේ” නැවත වරක් “අර්බුදකාරී වාතාවරණයක්” ගොඩනැගීම.
- උතුරේ කොටි ත්රස්තවාදීන්ගෙන් නිදහස් කරගනිමින් සිටිනා ජනතාව තුළ නැවත වරක් දකුණේ ජනයා ආගම්වාදීන් බවත්, ජාතිවාදීන් බවත් නිවහල්ව සිටීමේ එකම ක්රමය “ඊලම” බවත් පෙන්වීම.
- භික්ෂූන් වහන්සේ සිරගත කිරිම සම්බන්ධව “කුපිත” වන බෞද්ධයන් ලවා ඉහත සිතිවිල්ල සනාත වන අන්දමේ “සිදුවීම්” සිදුවීමට සැලැස්වීම.
- ශ්රී ලාංකික ජනතාව පිළිබඳ වැරදි ච්ත්රයක් නැවත වරක් ඊනියා ජාත්යන්තරය තුළ මවා පා, කොටි ත්රස්ථවාදීන්ට (හා එහි උපකාරක කණ්ඩායම් වලට) ලෝකය තුළ “තැනක්” රැගෙන දීම.
කපාලය තළ මස්තිශ්කයක් ඇති ඕනැම අයෙකුට මේ වෙස්මුහුණු බඳින්නේ මොන නාඩගම නටන්ටදැයි සිතාගැනීමට හැකිය.
අපේ වගකීම වන්නේ නීතියේ කාර්යය නීතියට බාර දී ජනතාව වශයෙන් “ඇතැම් චීවර ධාරීන්” ගේ හා “ඊනියා අන්තවාදී බෞද්ධයන්” වෙත සවන් යොමු නොකොට, ශ්රී ලාංක්රකයන් වශයෙන් එකතුව අසීරු අවස්ථාවට මුහුණ දීමයි.
කරුණාකර, මෙම සිද්ධීන් පිළිබද ඔබ ඇසුරු කරන ඒ ඒ පුද්ගලයන්ගේ අදහස් ආදිය යම් පොදු එක් තැනක පළ කිරීමෙන් සිංහල බ්ලොග් කරුවන් හා පාඨකයන් මේ පිළිබඳව යාවත්කාලව තැබීමට කාරුණික වන්න.
Loading...
පළමු කරුණ වන නඩුව ගැන ද මා දරන්නේ ඔබ වැනි ම අදහසකි. නමුත්, මෑතකදී, ශ්‍රේෂ්ඨාධිකරණය හිමි වරන්ට විනිසුරුවරු එන විට නැඟී සිට ගරු කිරීමට බල කිරීම හා ඒ කරුණ හේතු ලෙස දක්වා විත්තිකාර හිමි නමට ඇප නොදීමට තීරණය කිරීම නම් කොහෙත් ම අනුමත කළ නො හැක.
මේ මා ඒ ගැන ලියූ සටහනකි.
http://ar-si.blogspot.com/2008/09/blog-post.html
Anuradha Ratnaweera - September 6, 2008 at 5:49 pm
මේ දැන් (පව. 7.15) කොටි ෆස්ට් රූපවාහිනියෙන් අහන්නට ලැබුනා, මල්වතු හිමියන් ”භික්ෂූන්ද අධිකරණයට ගරුකළ යුතුයි” කියා ප්‍රකාශ කර තිබෙනවා.
නමුත් ගරු කිරීමකත් නැගී සිටීමත් දෙකක්ද එකක්ද යන්න ගැටළුවක් !
budhajeewa - September 6, 2008 at 7:17 pm