සංවාද ගූගල් හවුල

මේ ලියන්නේ සංවාද නම් ගූගල් හවුල පිළිබඳවයි.

සංවාද ගූගල් හවුල වෙත යන්න…

මම එකපාරටම සිංහල බ්ලොග් ගියන එකෙන් අයින් වුනු පහුගිය දවස් වල කට්ටියට හිතෙන්න ඇති මට සිංහල භාෂාවම එපා වෙලා කියලක ඇත්තටම, ඒක එහෙම වුනේ නෑ. මම ඒ දවස් වලත් සිංහල බසට ප්රයෝජනවත් (ය කියල මම හිතන) පොඩි වැඩක් කලා. ඒක ඉතින් ප්රයෝජනවත් එකක් කරන වැඩේ තියෙන්නෙ ඔයාලගෙ අතේ ! :-D

ඒ කියන්නේ, “සංවාද” කියලා ගූගල් හවුලක් හැදුවා. ඒක හදන්න හිතුනෙ මෙහෙමයි. ඔය අපේ සිංහල බ්ලොග් කරුවන්ගෙ හවුල, එතකොට සිංහල යුනිකේත සමූහය වගේ මොකක් හරි අරමුණක් වෙනුවෙන් හදපු ගූගල් හවුල් තියනවනේ ? මම දැක්කා අන්න ඒ හවුල් වල, ඉතාම වැදගත් නමුත් අදාළ හවුලේ විෂය කෙෂ්ත්රයෙන් පිට පනින මාතෘකා සංවාදයට බඳුන් වෙලා තියනවා. ඉතින් සමහර විට ඔය ගූගල් හවුල් වල මූලික අරමුණ තමාට අදාළ නොවන නිසා එයට සම්බන්ධ නොවුනු, නමුත් අර කලින් කියපු සංවාදයට වැදගත් ලෙස දායක වෙන්න පුළුවන් අය ඉන්න පුළුවන් නේ ? ඒ අයගේ සහභාගීත්වය නොලැබීම විශාල පාඩුවක් වෙන්නත් පුළුවන් නේ ? ඉතින් මම කල්පනා කළා, සංවාද කිරීමම ප්රධාන අරමුණ කරගත් ගූගල් හවුලක් අරඹන්න, සංවාද ගූගල් හවුල තමයි ඒකෙ ප්රතිඵළය.

වැඩේ සාර්ථක කරගන්න කාගෙත් සහයෝගය අවශ්යයි. දන්න හැමෝටම කියන්න. සංවාද සඳහා භාවිතා කරන්නේ සිංහල භාෂාව. එන්න එකතුවෙලා හොඳ වැදගත් දේ සංවාද කරන්න !

No Responses Yet to “සංවාද ගූගල් හවුල”

Leave a Reply