අපසු සිංහල කරා… ගමනේ යා !

ආයුබෝවන් !

“බුධාජීවගේ සිංහල අඩවිය” මාගේ දෙවන බ්ලොග් අඩවියයි. මාගේ පළමු බ්ලොග් අඩවිය Budhajeewa’s Blog වන්නේය. එය කලක් සිංහල භාෂාවෙන් පවත්වාගෙන ගොස්, පසුව එහි සඳහන් කර ඇති හේතු මත, එය නැවත ඉංගිරිසියට හැරවීමි. නැවත සිංහලෙන් බ්ලොග් නොලියන බවට ප්රතිඥාවක්ද, දුන්නෙමි.

නමුත්, සුපුන් සුදාරක සොයුරා විසින් මාගේ එකී හේතු සඳහන් කරන ලද ලිපියට දැක්වූ ප්රතිචාරය, මා නැවතත් සිංහල බ්ලොග්කරණයෙන් ඉවත්වීම පිළිබඳ සිතා බලන්නට පෙළඹවීය. මාගේ මිතුරක්ගෙන්ද කරන ලද මත විමසුමෙන් පසු, මා තීරණය කලේ Budhajeewa’s Blog ඉංගිරිසියෙන් පවත්වාගෙන යන අතරතුර, බුධාජීවගේ සිංහල අඩවිය සිංහල භාෂාවෙන් පවත්වාගෙන යාමටයි.

ෆ්ලොක් වෙබ් පිරික්සකය පිළිබඳ ලිවූ ලිපිය වැනි දේ ඉංගිරිසියෙන් ගියන අතර තුර, ශ්රී ලංකාව හා ආශ්රිත දේ පිළිබඳ අදහස් පළ වන ලිපි සිංහලයෙන් ලිවීමට මම අදහස් කරමි. ඇතැම් විට, Budhajeewa’s Blog සඳහා ලිවීමට කිසිදු කරුණක් මට නොලැබී, මා තනිකර සිංහල බුවෙක් වීමටද ඉඩ තිබේ.

ඔබ සැමට “මල පැනීමට ඉඩ ඇති බැවින්” මාගේ පම්පෝරිය මෙතැනින් නවතමි. මා සිංහලෙන් ඉංගිරිසියෙන් නොව Esperanto වලින් ලීවද, ඔබට සත පහක වැඩක් නැති බව දන්නා නිසාවෙනි. :-D

5 Responses to “අපසු සිංහල කරා… ගමනේ යා !”

  1. WELCOME BACK :)

  2. Welcome!

    It is not the size of the audience that matters, it is how close they are.

    සිංහල කවියක් ලියමුද :-)
    කවි කවදාවත් ලියල නැත්නම් “පුල්ලි කවියක්” ලියන්න – “පුරුදු වෙන්න ලියන කවි.” මා ලියන්නෙත් එව්ව!

    මෙන්න මගෙන් පුල්ලි කවියක්:

    එක් මිතුරකුට ලියන වදනක්
    ඔහුගේ තනිය මකන සතුටක්
    දහසකට ලිව් වදන් සියයක්
    සම කල හැකි ද කිසි දවසක් ‍?

  3. ලියන්නේ කොහොමද කවියක් ?
    නොදන්නනොට ගොතන්න එක පදයක් ?
    පදයක් තියා එක වචනයක්
    අප්පටසිරි ලියවිලා මෙන්න පුල්ලි කවියක් !

  4. :-)

    නොදැන ලිව්වත්
    මොනව කිව්වත්
    ගොතා නැතුවත්
    කවිය මැවුනත්!

    your English blog is great too. Perhaps it could do with some limericks

    Limericks bring laughs anatomical
    Into space that is quite economical
    The good ones I’ve seen
    Are seldom Clean
    And the clean ones seldom comical!

  5. ආ ඔය තියෙන්නේ එළකිරි වගේ!!! සාදරයෙන් නැවතත් සිංහල බ්ලොග් අවකාශයට පිළිගනු ලබනවා!


Leave a Reply