Archive for August, 2008

D’Tap “Accros the Isle” සංදර්ශන මාලාව.

August 31, 2008

D’Tap කට්ටියගෙ අළුත්ම සංදර්ශන මාලාව සැප්තැම්බර් මාසය තුල පැවැත්වීමට නියමිතයි.
පහත දැක්වෙන්නේ එහි කාල සටහන,

ගාල්ල  – නගර ශාලාව – සැප්තැම්බර් 6 වනදා – පස්වරු 3.00 ට.
තංගල්ල – නගර ශාලාව – සැප්තැම්බර් 13 වනදා – පස්වරු 3.00 ට
මාතර – රාහුල විද්යාලයීය ප්රධාන ශාලාව – සැප්තැම්බර් 27 වනදා – පස්වරු 3.00 ට
මාතර – රාහුල විද්යාලයීය ප්රධාන ශාලාව – [...]

SL Genius තෙදින වැඩමුළුව

August 28, 2008

SLGenius තරගාවලියේ තෙවන වටය ඉලක්ක කරගනිමින් තෙදින වැඩමුළුවක් 2008 අගෝස්තු 25-26-27 යන දින තුන පුරාවටම UCSC හි මහාචාර්ය V.K. සමරනායක  අනුස්මරණ ශ්රවණාගාරයේදී පැවැත්වුනා.
කිලිනොච්චි හා … යන දිස්ත්රික් හැර දිවයිනේ අන් සියළුම පළාත් ආවරණය වන පරිදි පැවැත්වුනු SLGenius පළාත් තරග වලින් සුදුසුකම් ලැබූ තරගකරුවන් 128 දෙනෙක් මෙයට සහභාගී වුනා.
සියළුම තරගකරුවන් සඳහා SLGenius සංවිධායක මණ්ඩලය සූදානම් කරල [...]

රාහුල විද්යාලය : SLGenius හි දකුණු පළාත් අනුශූරයන්ව…

August 28, 2008

2008 අගෝස්තු මස 09 දින රුහුණු විශ්ව විද්යාලයේ පවත්වපු SL Genius පළාත් වටයෙන්, අප විද්යාල කණ්ඩායම අනුශූරතාවය ලබා ගන්නට සමත් වුනා.
මේ බව නිල වශයෙන්, 2008 අගෝස්තු මස 27 දින UCSC හි පැවැත්වුනු SLGenius සමස්ථ ලංකා තුන් දින වැඩමුළුවේ (25, 26, 27 යන දින වල පැවැත්වුනු) අවසන් උත්සවයේදී සහතික පත්ර බෙදා දීමෙන් ප්රකාශයට පත් කෙරුනා.
SL Genius [...]

රාහුල විද්යාලය : SL Genius පළාත් වටයට…

August 22, 2008

SL Genius මාතර දිස්ත්රික් පථමයන් වූ අප විද්යාල කණ්ඩායම, 2008 අගෝස්තු මස 09 දින රුහුණු විශ්ව විද්යාලයේ පැවැත්වුනු SL Genius  හි පළාත් හෙවත් දෙවන වටයට සහභාගී වුනා.
මේ වටය සඳහා ගාල්ල, මාතර, හම්බන්තොට යන දිස්ත්රික්ක වලින් සුදුසු කම් ලබා තිබූ පාසල් රාශියක් සහභාගී වුනා.
මේ සඳහා අපේ මිත්ර පාසල් වලින් සහභාගි වුනේ මහාමායා විද්යාලය සහ සුජාතා විද්යාලයයි.
වීරකැටිය [...]

රාහුල විද්යාලය : SL Genius හි මාතර දිස්ත්රික් ප්රථමස්ථානය…

August 22, 2008

මැයි මාසේ 17 වෙනිදා ශාන්ත තෝමස් විද්යාලයේ පවත්වපු SL Genius තරගාවලියේ දිස්ත්රික් හෙවත් පළමුවෙනි වටයට රාහුල විද්යාලය වෙනුවෙන් මමත් ඇතුළු හතර දෙනෙක් ගේ කණ්ඩායමක් ඉදිරිපත් වුනා,

මලිත් සුදාරක
කවිඳු සඳරුවන්
ගණිඳු කලන්සූරිය
සුපුන් බුධාජීව (මම)

අපේ විද්යාලය වගේම මාතර නගරයේ මේ දැක්වෙන අපගේ මිත්ර පාසල් මෙයට සහභාගී වුනා,

මහාමායා විද්යාලය
සුජාතා විද්යාලය
මාතර මහා විද්යාලය
ශාන්ත තෝමස් විද්යාලය
ශාන්ත තෝමස් උසස් බාලිකා විද්යාලය
ශාන්ත ශර්වේෂස් විද්යාලය
ශාන්ත [...]

ඔබ සැමට ස්තුති !

August 19, 2008

අන්තර්ජාලයේ සිංහලෙන් අකුරු කරන ඔබ සැමට තුති !
මේ වෙන කොට මම අන්තර්ජාල සම්බන්ධතාවය අරගෙන වසර එක හමාරක් පමණ වෙනවා. එයින් වසරකුත් මාස තුනක් පමණ යනකන් මම වැඩකළේ ප්රදාන වශයෙන් ඉංගිරිසිය භාවිතා කරමින්.
සිංහල යුනිකේත කට්ටලය බොහෝකලක සිට මා සතුව තිබුනත්, එය අන්තර්ජාලය සඳහා බාවිතා කරන්නට මම හිතුවේ නැහැ. නමුත් පසුගිය මාස තුන ඇතුලත එක දවසක් කොහොමහරි [...]

සංවාද ගූගල් හවුල

August 12, 2008

මේ ලියන්නේ සංවාද නම් ගූගල් හවුල පිළිබඳවයි.
සංවාද ගූගල් හවුල වෙත යන්න…
මම එකපාරටම සිංහල බ්ලොග් ගියන එකෙන් අයින් වුනු පහුගිය දවස් වල කට්ටියට හිතෙන්න ඇති මට සිංහල භාෂාවම එපා වෙලා කියලක ඇත්තටම, ඒක එහෙම වුනේ නෑ. මම ඒ දවස් වලත් සිංහල බසට ප්රයෝජනවත් (ය කියල මම හිතන) පොඩි වැඩක් කලා. ඒක ඉතින් ප්රයෝජනවත් එකක් කරන වැඩේ [...]

අපසු සිංහල කරා… ගමනේ යා !

August 12, 2008

ආයුබෝවන් !
“බුධාජීවගේ සිංහල අඩවිය” මාගේ දෙවන බ්ලොග් අඩවියයි. මාගේ පළමු බ්ලොග් අඩවිය Budhajeewa’s Blog වන්නේය. එය කලක් සිංහල භාෂාවෙන් පවත්වාගෙන ගොස්, පසුව එහි සඳහන් කර ඇති හේතු මත, එය නැවත ඉංගිරිසියට හැරවීමි. නැවත සිංහලෙන් බ්ලොග් නොලියන බවට ප්රතිඥාවක්ද, දුන්නෙමි.
නමුත්, සුපුන් සුදාරක සොයුරා විසින් මාගේ එකී හේතු සඳහන් කරන ලද ලිපියට දැක්වූ ප්රතිචාරය, මා නැවතත් සිංහල [...]